Mahinda Rajapaksa: මෛත්‍රීපාලගේ UPFA ෆේස්බුක් පි‍ටුවේ ඡන්ද විමසුමෙන් පොහොට්‍ටුවට විශිෂ්ට ජයක්.

Tuesday, January 23, 2018

මෛත්‍රීපාලගේ UPFA ෆේස්බුක් පි‍ටුවේ ඡන්ද විමසුමෙන් පොහොට්‍ටුවට විශිෂ්ට ජයක්.

විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එජනිස පක්ෂයේ ෆේස්බුක් පි‍ටුවෙන් සිදුකරන ලද ඡන්ද විමසීමකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විශිෂ්ට ජයක් හිමිව තිබේ. පහත දැකවෙන්නේ එම පි‍ටුවේ පළවී ඇති සමීක්ෂණයේ ප්‍රතිඵලයයි.

එකී පි‍ටුව 2015 ජනාධිපතිවරණයට පෙර එක්සත් ජනතා නිදහස් සංධානයේ නිල පි‍ටුව ලෙස පැවති අතර, ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාලගේ පිරිස විසින් අත් පත් කර ගන්නා ලදී. එතැන් සිට එම පි‍ටුව භාවිතා වී ඇත්තේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට එරෙහිව මඩ ගැසීම උදෙසා ය. ඒ වෙනුවෙන් අති විශාල වශයෙන් මුදල් වැය කරන ලද බව වාර්තා වී තිබේ. එම පි‍ටුවෙන් ගහන ලද මඩ වලට mahinda.info වෙතින්ද කිහිප වතාවක් පිළිතුරු දී ඇත.

එසේ තොරක් නැතිව මඩ ගැසීමෙන් අනතුරුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එම ඡන්ද විමසුමේදී හිමිව ඇත්තේ ඡන්ද 425 ක් පමණි. මඩ ගැසීම මගින් තවදුරටත් ජනතාව ‍රැවටීමට නොහැකි බවට ඉහත මත විමසුම කදිම උදාහරණයකි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්ද 10000 ට වඩා හිමිව ඇති අතර එජාපෙට සහ ජවිපෙට 5000 ක ප්‍රමාණ බැගින් හිමිව ඇත. ජවිපෙ එජාපෙට වඩා ඉදිරියෙන් සිටින බව පෙනෙන්නේ අන්තර්ජාලයේ සිටින කැපුවත් කොළ වර්ගයේ එජාප පාක්ෂිකයන්ට තමන් එජාපෙට සහය දෙන බවට පෙන්වීම අසීරු වී ඇති හෙයිනි. කෙසේ නමුත් මැතිවරණයේදී ඉහත මත විමසුමේ දී ඇති ජවිපෙ ඡන්ද සැලකිය යුතු ප්‍රමාණයක්  එජාපෙට වැටෙනු ඇත.

එසේම මෙවර මැතිවරණයේදී පවතින්නේ මනාප ක්‍රමය නොව MMP ක්‍රමය නිසා එදා හංසයාගේ ඡන්ද පදනම 3 ට කැඩී තිබීම ආණ්ඩුවේ හවුල් පක්ෂ වලට පාරාවලල්ලක් වී ඇත.

සමාන්‍යයෙන් අන්තර්ජාලයේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට ලැබෙන ජනමතයට වඩා විශාල ජනමතයක් ග්‍රාමීය මට්ටමෙන් ලැබෙන බව අප මීට පෙර මැතිවරණ වල අත්දැකීම් ඇසුරෙන් දැක ඇත. ඒ අනුව මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ට ජයක් ලබන බවට පෙරනිමිති පහළ වී තිබේ.

 

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.