Mahinda Rajapaksa: වෙල්ලස්සේ පොහොට්‍ටුව රැළියටත් අති විශාල ජන ගංගාවක් ! (Video / Photos)

Saturday, January 27, 2018

වෙල්ලස්සේ පොහොට්‍ටුව රැළියටත් අති විශාල ජන ගංගාවක් ! (Video / Photos)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මොණරාගල දිස්ත්‍රික්කය සඳහා පළාත් පාලන මැතිවරණයට තරග කරන අපේක්ෂකයින්ගේ ජය තහවුරු කරන ජන ‍රැළිය අද දින (2018/01/27) වැල්ලවාය බස් නැවතුම් පොළේදී පැවැත්විණි. ඊට හිටපු ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු අති විශාල ජනකායක් සම්බන්ධ වූහ. එය එදා මෙදා තුර වැල්ලවාය නගරයට පැමිණි වැඩිම ජන ගඟ ලෙස වාර්තා විය. මාතෘ භූමිය යමපාලනයෙන් නිදහස් කර ගැනීම සඳහා සඳහා පැමිණි වෙල්ලස්සේ වීරෝදාර මහ ජනතාවෙනි, ඔබට අපගේ ප්‍රනාමය!

















mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.