Mahinda Rajapaksa: February 2018

Wednesday, February 28, 2018

පවතින රජය මෙතරම් පරාජයකට ගෙනයාමට හේතු වූ "මාගේ කියවීම" මැයෙන් වෘත්තීයවේදියෙකුගේ අදහස්.

පහත දැක්වෙන්නේ Java Institute for Advanced Technology හි සභාපති ආචාර්ය ඉශාන්ත සිරිබද්දන මහතා විසින් "මාගේ කියවීම" මැයෙන් පළ කළ ලිපියකි. 

මැතිවරණය ගැන "මගේ කියවීම"
By Dr. Ishantha Siribaddana - Chairman Java Institute for Advanced Technology
පවතින රජය මෙතරම් පරාජයකට ගෙනයාමට හේතු වූ "මාගේ කියවීම" සකස් කිරීමේදී ඇසට පෙනෙන්න තිබෙන කනට ඇසෙන කරුණු කාරණා මත තම තීරණ ගන්නා සාමාන්‍ය මහජනතාව හා යම් උගත් කමක් ඇති දත්ත තොරතුරු හා සංඛ්‍යා මත තීරණ ගන්නා විචාරශීලී මහජනතාව ලෙස කොටස් දෙකකට වෙන්කර ගනී.

සාමාන්‍ය මහජනයාගේ විරෝධයට හේතූන් ...

ගමේ ජනතාවගේ සියලු මූලික අවශ්‍යතා ඉටු කරගැනීමට ඇති ප්‍රාදේශීය සභා වැඩපිළිවෙල මුළුමුනින්ම අඩාල කරමින් ප්‍රජාතන්ත්‍ර විරෝධීව යපාලනය යනු මහා මුසාවාදයක් බව එයින්ම හුවා දක්වමින් ප්‍රාදේශීය සභා චන්දය දේශපාලන වාසි ලබාගැනීම සඳහාම අනවශ්‍ය ලෙස කල් දැමීම.

පොරොන්දුවූ පරිදි ඇමති මන්ඩලය 25ට නොබැස්සවීම.

නොතෙමී යන්න කාර් දීම වෙනුවට වාහනයක් මහජනතාවවට හීනයක් පමණක් වන ලෙස මිල ඉහල දැමීම හා කල්බදු පහසුකම් ලබාගත නොහැකිවන ලෙස නීති පැනවීම.

අතිශයින් දුෂ්කර කාන්තාර හා හිමාලය වැනි කඳු වලට අන්තර්ජාලය ලබාදීම සඳහා භාවිතා කරන ගූගල් බැලූන් තාක්ෂනය 4ජි තාක්ෂනය පවා ලබාදී තිබූ ලංකාවට ගෙනෙනවායැයි ප්‍රකාශ කල පට්ටපල් බොරුව හරහා තරුණ පරපුර ගොනාට ඇන්දවීම පමණක් නොව ගූගල් බැලූන් යොදා ගමට වයි ෆයි කෙසේ වෙතත් 40% කින් බදු ඉහල දමා පෙර රජය සමයේ අඩුවට තිබූ ඩේටා වල පවා මිල දෙගුණයකින් ඉහල දැමීම.

අවබෝධතා ගිවිසුම් අත්සන් කරමින් ඉඩම් පෙන්වමින් ෆොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් ස්ථාපිත කරන බවට මවන ලද දැවැන්ත කෙබරය, 51% රජයටත් 49% කොටස් වෙළඳ පොලෙත් ආයෝජනය කර ඇති ලංකා හොපිටල් ආයතනය ගෝටාගේ බව කීම වැනි මුසාවාද සමාජගත කිරීම හරහා බුද්ධිමත් මහජනතාව පවා ගොනාට ඇන්දවීම.

ඩුබායි හෝටල් රත්තරන් අශ්වයෝ ලැම්බෝගිනි මහින්ද රාජපක්ෂගේ බිලියන 18 වැනි කිසිසේත් ඔප්පු කල නොහැකි කරුණු හා චන්ද ගැනීමට පමණක් යෙදු බොරු මවාපෑම් වලට නායකත්වය විසින් ඉඩදීම තුල චන්ද වේදිකාවේ විහිලු සපයන්නන් බවට මහජනතාවට වගකිවයුතු දේශපාලකයින් පත් කිරීම.

යහපාලන රජය රටේ බහුතර ජන මනස පීඩාවට පත්කරමින් බදුබර හා බඩු මිල වැඩි කිරීම. දෛනික ජීවිතයේ සාමාන්‍ය මහජනතාවගේ මූලිකම අවශ්‍යතාවයක් වූ හාල් පොල්, රුපියල් 35ත තිබූ පොල් 125ටත් 60 ට තිබූ හාල් 90වට වැඩි කිරීම.

අදටත් ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 73% ක් ගොවිජනතාව බව අවබෝධ කර නොගෙන පොහොර සහනාධාරය අනුකම්පා විරහිතව කපා දැමීම හා කුඹුරු වෙනත් ප්‍රයෝජනවලට ගැනීමට හැකිවන ලෙස වෙනස් කිරීමට උත්සාහ කිරීමවැනි යෝජනා හරහා කඩිනම් මහවැලිය හරහා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට ගත් ජේ ආර් ජයවර්ධන වැඩපිළිවෙල පවා අවමානයට ලක් කිරීම.

තොරතුරු හුවමාරුව රටක වේගවත් දියුණුවට ඇති අත්‍යාවශ්‍යම සාධකය වන අතර දුරකථන බදු අධික ලෙස ඉහල දැමීම හරහා දුරකථන ඇමතුමක් ගැනීමේදී සාමාන්‍ය ජනතාවට ඒ ගැන සිතා බැලිය යුතු තත්වයට පත් කිරීම

රාජ්‍ය නිලධාරින් සිරගත කිරීම තුල කිසිඳු වැඩක වගකීම භාර නොගන්නා තත්වයකට රාජ්‍ය නිලධාරීන් ඇද දමා රාජ්‍ය සේවකයින් ගේ ගරුත්වය විනාශකර දැමීම.

පසුගිය රජය දිගු කාලයක් පැවතීමෙදී අත්දැකීම් මත හඳුනාගෙන දඬුවම් ලෙස පවා වෙන්කොට තබන ලද අකාර්යක්ෂම හා අදක්ෂ රාජ්‍ය නිලධාරීන් එක්සත් ජාතික පක්ෂයට දැක්වූ සහයෝගය නිසාම නැවත මුල්පුටුවලට පත් කිරීම හේතුවෙන් හොඳින් වැඩ කරමින් සිටි දක්ෂ කාර්යක්ෂම රාජ්‍ය නිලධාරීන් අධහිර්යමත් කොට රාජ්‍ය තන්ත්‍රයම අකාර්යක්ෂම කිරීම.

නිවැරදි නෛතික රාමුවක ගොඩනැගීමට අවශ්‍ය පරිදි බලතල තිබියෙදී FCID ය නීතියට පටහැනි ආකාරයට ස්ථාපිත කිරීම තුල එහි ක්‍රියාකාරිත්වය පිලිබඳ මහජනයාට කිසිඳු විශ්වාසයක් නොමැති බවට පත් කිරීම.

සිංහල බෞද්ධයාගේ අනාගත ඉරණම විදහා දැක්වෙන ලෙස විශේෂයෙන්ම දේශපාලන හේතු මත 60 කට අධික සඟරුවනක් සිරගත කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුදු දහමට ඇති ප්‍රමුඛතාව ඉවත් කිරීමට පිඹුරුපත් සකස්කිරීම මූලික කොටගත් ක්‍රියාමාර්ඝ වල ඇති නොගැලපීම් වලට අමතරව විශේෂයෙන්ම බහුතරයක් වූ සිංහල බෞද්ධයාට සිදුකල දහසක් කෙනෙහිලිකම් හේතුවෙන් ජනතාව තුල ක්‍රමානුකූලව හා නොදැනුවත්වම ඇති කරනලද දැඩි කෝපය.

ජයග්‍රහනය තීරණය කිරීමේ බලය සිංහල හා විශේෂයෙන් සිංහල බෞද්ධ ඡන්දයම පමනක් බවවත් තේරුම් ගැනීමට තරම් හෝ උත්සාහ නොකර තෙවසරක කාලය තුල කටයුතු කිරීම.

සියලු සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වූ වේගය අඩාළ කරමින් ඒවායේ වියදම වැඩි කරමින්, බොහෝ ව්‍යාපෘති ඒ තැන්වලම නවතා දමමින් හා ඉන් සමහර ව්‍යාපෘති වලට බිලියන ගණනින් වන්දි ගෙවා වැඩි ටෙන්ඩර වලට නැවත අරඹමින් යහපාලනයේ නොහැකියාව පෙන්වීම.

ගම්නියංගම් මට්ටමින් තිබූ දස දහස් ගණන් සංවර්ධන ව්‍යාපෘති සියල්ල එකවිට නවතා දැමීම නිසා ඒවායේ රැකියාවල නිරත වෙමින් එදා වේල යැපුණු කම්කරු රැකියා ලක්ෂ ගණනින් අහිමි කිරීම පමණක් නොව දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති පැවතීම නිසා ඒවායේ අනියම් වාසි ඈත ගමේ කොනේ සිටින වඩු පෙදරේරු පයිප්ප කරුවන් යනාදී සියලු වෘත්තිකයින්ට පවා ලැබෙමින් තිබූ උප කොන්තරාත් සියල්ල නතර වීම තුල ගම් මට්ටමට තිබූ මුදල් සංසරණය මුලුමුනින්ම නතර කිරීම.

සංවර්ධන ව්‍යාපෘතියක් අවසානයේ එහි ශිලාඵලකයේ කාගේ සංකල්පයක් අනුව කුමන කාලයක කව්රු විසින් එම ව්‍යාපෘතිය නිමකලේද යන්න සඳහන් කලවිට වසර කිහිපයක් ගතවූ පසු එය ඉතිහාසයට එක්වීම සාමාන්‍ය දෙයකි. එබැවින් මෙම ශිලාඵලකයේ තම නම ඇතුලත් කරගැනීමට දේශපාලකයින් කවදත් උනන්දුව දැක්වීය. එහි වරදක් නැත. එකල තොරතුරු තාක්ෂනය එතරම් නොදියුණු යුගයක වෙනත් පිරිසක් කලද එය තමාගේ මෙන් නම් කරගැනීමට හැකියාව තිබුණි. යහපාලනයද පෙර ක්‍රමයම අනුගමනය කරමින් පසුගිය රජය විසින් ආරම්භ කර වැඩ අවසන් අදියරේ තිබූ ව්‍යාපෘති වලට තම නම එක් කලෙ මහජන්තාවට පෙර මෙන් එතරම් දැනීමක් නොවේ යයි සිතා විය යුතුය. නමුත් සමාජ ජාල හරහා තරුණ පරපුර මේ පහත් ක්‍රියාව දනුවත් වීම නිසා එම ක්‍රියාවේ නිරතවූ යහපාලනය එම පිරිස අතිශයින් පිළිකුලට භාජනය වීම.

ගමක කුඩා ජල ව්‍යාපෘතියක් වැනි දහසක් කුඩා ව්‍යපෘති විවෘත්ත කලේ ගමේ ප්‍රාදේශීය සභාපතිවරයායි. වාහන හසුරවන සංඥ පුවරුවක් වැනි යමක් විවෘත්ත කලේ නගර සභාවේ සභාපතිවරයායි. පෙර රජය සමයේ මැති ඇමතිවරු එක්ව දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති විවෘත්ත කිරීම් දැක තිබූ මහජනයා යහපාලන සාමය තුල පෙර කී කුඩා ව්‍යාපෘති විවෘත කිරීමට පොරකමින් මැති ඇමතිවරු සහභාගී කරවීම සමාජ ජාල වල දැකීමට
හැකිවීමෙන් මැති ඇමතිවරුන් පමණක් නොව පූර්ණ යහපාලනයම් මහජනයා තුල විශේෂයෙන්ම තරුණ පරපුර තුල සැහැල්ලුවට හා විහිලුවට පාත්‍ර කිරීම.

ආනයනය මත පදනම් වූ වෙළදාම හා ආනයන මූලද්‍රව්‍ය මත පදනම් වූ දේශීය කර්මාන්ත කඩා වැටීමටත්, සමස්ත ව්‍යාපාර ක්ෂේත්‍රයේම පරිමාණය අඩු කිරීමට සිදුවන පරිදිත්, ඒවායේ රැකියා ප්‍රමානය අඩු කිරීමටත් සිදුවන පරිදිත්, වැටුප් වර්ධක ප්‍රසාද දීමනා පවා අත්හිටුවීමටත් සිදුවන පරිදිත් ඉතා කෙටි කාලයකදී ඩොලරය 130 සිට 156 දක්වා වැඩිකිරීම එනම් රුපියලේ අගය අවප්‍රමාණය කිරීම

මාතෘ භූමියේ ස්වාධිපත්‍ය අගය කරන ජාතියකට විජාතික ගැති භාවය ප්‍රදර්ශනය කිරමින් හා ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙමින් දමිල සිංහල මුස්ලිම් ජනප්‍රජාවටම නිදහස ලබාදුන් රණවිරුවන් යුධ අපරාධ කරුවන් යයි ජාත්‍යන්තරය ඉදිරියේ හංවඩු ගසා රණවිරුවන්ගේ නඩු විසඳීම සඳහා ජාත්‍යන්තර ගිවිසුම් වලට එකඟතාවන් ඵල කරමින් රණවිරුවන් නිසි නඩු විභාග නොමැතිව රක්ෂිත භාන්දනාගර ගත කරමින් ඔවුනට අවමන් කරමින් ඔවුන්ගේ අභිමානය විනශ කිරීමට සියලු වැඩ සලස්වමින් අවසාන වශයෙන් විශ්‍රාමික ආබාදිත රණවිරුවන්ගේ පඩිපත පවා කපා දැමීමට තරම් අවලජ්ජිතව කටයුතු කිරීම.

සිංහල විරෝධී මානසිකත්වය ඇතිව ඒ බව ප්‍රදර්ශනය කරමින් බොහෝ නායකයින් දිගින් දිගටම සමාජ ක්‍රියාමාර්ග වල නිරතවීම.

බෙදුම්වාදී ව්‍යවස්ථාවක් ගෙන ඒමට ජනමතයට විරෝධීව ගත් උත්සාහය හරහා බහුතර සිංහල ජාතියේත් හා සුළුතර ජාතීන්ගේ සැලකියයුතු ප්‍රතිශතයක් වූ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ බෙදුම්වාදී ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම.

බෙදුම්වාදයට විරුද්ධව ෆෙඩරල් ගෙනඒමට සැරසේනබව පෙන්වාදෙමින් එක්සත් ජාතික පක්ෂය හැරගිය නුවර විශාල ජනපදනමක් තිබූ ජන නායකයෙකු වන තිස්ස අත්තනායක මහතා බොරු ලියකියවිලි ඉදිරිපත් කාලායැයි සිරගත කල අතර එම සිරගත කිරීම විහිළුවක් බවට පත් කරමින් ෆෙඩරල් ව්‍යවස්ථාවක්ම ගෙන ඒමට සැරසීම තුල මේ යහපාලනනය කරනලද මුලාව සක්සුදක්සේ මහජනතාවට අවබෝධ වන්නට ඉඩ සැලැස්වීම.

හොරකම් අල්ලනවායයි ප්‍රතිඥා දී වංචා දූෂන ගැන කතා කර බලයට පැමින මහා පරිමාන හොරුන් බවට රජයේ ප්‍රබලයන්ම පත් වීම.

රාජ්‍ය සම්පත් විකුණා එම මුදල් පුනරාවර්තන වියදම් සඳහා යෙදවීම තරම් වූ නිර්ලජ්ජිත යහපාලන වැඩ පිලිවෙල.

ජාතියේ සම්පතක් වූ නවක උපාධිදාරින් හට රැකියා සැපයීම කෙසේ වෙතත් ඔවුනට කුඩා දීමනාවක් ගෙවා වැඩ පුහුණු කිරීමට රාජ්‍ය ආයතන වලට අනුයුක්ත කිරීමට සකසා තිබුණු වැඩපිළිවෙල මුළුමුනින්ම අකර්මනිය කර දැමීම තුල ඔවුන්ගේ තරුණ මානසිකත්වය පහලට ඇද දැමීම.

කොමිෂන් සභා නමට පමණක් සීමාවන පරිදි පිහිටුවා එම ආයතනවලට දේශපාලන පත්වීම් දීමට තරම් ප්‍රාථමික වීමත් නිවැරදි බඳවා ගැනීම් ක්‍රියාපටිපාටි අනුගමනය නොකිරීම.

කෝප් කමිටු රැස්වීම් වලට පමණක් සීමාවූ වූ අතර අදටත් කිසිඳු සැලකිය යුතු ප්‍රතිඵල නොපෙන්වීම.

බෞද්ධ විරෝධී මානසිකත්වයකින් බුදුරජානන් වහන්සේත් ලෙනින්ට පහලින් යයි සිතන, අධිමාන්නයෙන් හා අධිතක්සේරුවකින් යුතු නව ජවිපෙට ඔවුන්ගේ ප්‍රාරම්භක ප්‍රතිපත්ති හා ගාමක බලවේගය වූ විජේවීර ප්‍රතිපත්ති වෙනස් කරවීමට හා බටහිර ගැත්තන් බවට පත්කිරීමට මූල්‍යමය හා දේශපාලනමය අල්ලස් දීම හරහා ඔවුන්ව දේශපාලනික උපක්‍රම මගින් ධමනය කර ආරක්ෂා කරනවා වෙනුවට එසේ වෙනස්කලා වූ ඔවුන්ගේ පැවැත්ම තවදුරටත් තහවුරු කරමින් ඔවුන් සමග සහසංයෝගයෙන් කටයුතු කිරීම තුල රටක දේශපාලන සුභසිද්ධිය සඳහා අත්‍යාවශ්‍ය ප්‍රතිගාමක බලවේගය මුළුමුනින්ම විනාශ කිරීම.

1971 සහ 1989 රටේ පීඩිත අසරණ අවංක දරුවන් දසදහස් ගණනකට මරු කැඳවමින් කල සටන් අමතක කර දමා තම බඩවඩාගැනීමට අහිංසක පීඩිත තරුණයන්ගේ සිතුම් පැතුම් ධනපතියන්ට උගස් කර තම පැවැත්ම සඳහා " ඕයේ ඔජායේ " සමග උවත් එකට හිටගැනීමට හැකි ජවිපයක් බටහිර ගැත්තන් විසින් උපක්‍රම ශීලීව නිර්මාණය කලද ඔවුනට පැවරුන කාර්ය භාරය නිවැරදිව ඉටු කරවා ගැනීමට තරම් ප්‍රඥාවක් නොමැති වීම තුල ඔවුන්ගේ ප්‍රතිප්‍රහාරයටම ලක්වීම.

13 වන සංශෝධනය හරහා පළාත්සභා වලට ලැබී ඇති අසීමිත බලය සීමා ඉක්වීමවීම පාලනය කිරීමට ඇති එකම ක්‍රමය වන විධායක ජනාධිපති බලයට අභියෝග කරමින් රටේ ඒකීයභාවය භාවය හෑල්ලු කිරීම.

බහුතර සිංහල ජන මතයටත්, දකුණේ වැඩි සුළුතර ප්‍රතිශතයකගේ මතයටත් හා උතුරේ අඩු ප්‍රතිශතයක සුළුතර මතයටත් කිසිසේත් ගෝචරනොවූ බලය බෙදා හැරීම සහ ෆෙඩරල් යෝජනා තව තවත් සමාජගත කිරීමට දරන ලද උත්සාහය.

විදේශ බලපෑම් වලට යටවී රටට නොගැලපෙන විදේශ ප්‍රතිපත්තියක් හරහා බහුතර සිංහල ජාතියට අසාධාරණ වන අයුරින් සෙසු ජනවර්ග ජන අනුපාතයට නොගැලපෙන අයුරින් බලවත් කිරීමට දරන ලද උත්ත්සාහය.

ජාතියේ දරුවන්ගේ දේශාභිමානය දේශානුරාගය ඇතිකරවීම සඳහා පාසල් පත පොතේ ඇතුලත් කර තිබෙන ශ්‍රී ලංකාවේ ප්‍රෞඩ ඉතිහාසය ඉන් ඉවත් කිරීම තුල මතු පරපුර දේශයට පහල වන පැරචුට් කාරයින් බවටපත් කිරීම.

වැඩ නොකරන ගුරුවරුන් නිවැරදි ක්‍රම වේදයක් සකස්කර නිවැරදිව හඳුනාගෙන ගුරු මාරුවීම ලබාදෙනවා වෙනුවට පාසල් තුල දිගුකාලීනව සේවය කරමින් තම පාසලේ අභිමානය හා සමතුලිතතාවය ආරක්ෂා කල ගුරු මහත්ම මහත්මීන්ගෙන් පාසලට ඇති අවශ්‍යතාවය නිසිලෙස විශ්ලේෂනයක් නොකර හිටි හැටියේ එහාට මෙහා ගුරුමාරු ලබාදී ගුරුවරුන්ගේ සිසුන්ගේ හා දෙමාපියයන්ගේ අප්‍රසාදයට පත්වීම හා මුළු පාසල් පද්දතියම නිසිලෙස කළමානාකරණය කරගැනීමට නොහැකි තත්වට ඇද දැමීම.

මේ රටේ ත්‍රස්තවිරෝධී, බෙදුම්වාදයට විරෝධී, විජාතික ගැතිභාවයට විරෝධී, රාජ්‍ය සම්පත් විකිණීමට විරෝධී සුළුතර හා බහුතර ජනමතයට එරෙහිව විම.

ප්‍රබල දේශපාලන බළවේගයක් වූ ජාතික හෙළ උරුමයටද එහි ආරම්භක ගාමක බළවේගයට පිටුපා කැමැත්තෙන්, අකමැත්තෙන්, අනපේක්ෂිතව හෝ උපක්‍රමශීලීව සිය දිශානතිය වෙනස් කිරීමට අනුබල දී හෝ එසේ වීමට සලස්වා එහි තිබූ ප්‍රබල බව විනාශ කර ඉන් ගැනීමට තිබූ ශක්තිය වර්තමානයට පමණක් නොව අනාගතයට පවා ගැනීමට නොහැකිවන ලෙස විනාශ කිරමින් බෞද්ධ ජනබලයෙන් ගොඩනැගී එම ජනබලය බෞධයාට ආරම්භයේ සිටම කෙනෙහෙලිකම් කරන ප්‍රබලම දේශපාලන පක්ෂයට පාවා දුන් පාටලී චම්පික විකටයෙක් බවට පත්කරමින් ඔහුගෙන් කිසිඳු දේශපාලන වාසියක් මින්මතුවට යහපාලනයට හෝ කිසිදු දේශපාලන පක්ෂයකට ගැනීමට නොහැකිවන තත්වයට පත් කිරීම.

කුඩා දරුවෙකුට වුවද අවබෝධ වන දෙයක් වූ එකට තරඟ කලයුතුව තිබූ ජනපති අගමැති බලවේගය හතරට වෙන්වන්නට ඉඩහැර මෙම මැතිවරණයෙදී යහපාලන රජයේ සෑම අතකින්ම ඇති අකාර්යක්ෂමතාව තවදුරටත් තහවුරු කිරීම

එමෙන්ම යුද්ධය පවතින සමයේ තොප්පිගල කැළෑවක්ය, අලිමණ්කඬ වෙනුවට පාමංකඩය, ඕනැ ගොනෙකුට යුද්ද කල හැකිය ආදී දේශ ද්‍රෝහී කතා ප්‍රකාශ කල අතීතයක අමිහිරි චෝදනා නිවැරදි කර නොගෙන යුද්ධයෙන් ජය ලැබූ රටේ සහ රණවිරුවන්ගේ අභිමානය රකිනවා වෙනුවට යහපාලනය දියත් කල රනවිරු දඩයම මොනවට පෙන්නුම් කරමින් චෝදනා ලැබූ දේශපාලකයින්ට ක්‍ෂණිකව ඇප ලබා දුන් අතර අවසන් තීන්දු රහිතව සිරගතව දුක්විඳින රණවිරුවන් ඇප මත මුදාහැරීමටවත් උත්සාහයක් නොගැනීම. දේශපාලකයන් රුපියල් 1000 ට අප ලබද්දී හමුදා විරුවන් ඇතුලේ තැබීම.

කවුරුන් හෝ ඉල්ලුවේද නැති ජාතික ගීය දෙමලෙන් ගයන්නට සැලැස්වීම.

බටහිර සතුටු කිරීමට ඊනියා සංහිඳියාවක් ගැන පම්පෝරි ගසා නිරන්තරයෙන්ම සංහිදියාව පවත්වාගෙන යන ඊට ගරු කරන බහුතර ජන මනසේ වෛරයට හා උදහසට ලක්වීම.

මහජනයාගේ මානසික් සමතුලිතතාවය රඳවාගැනීමට අත්‍යාවශ්‍ය කලාව වෙනුවෙන් ප්‍රතිපාදන වෙන්කිරීම අවම කිරීම මගින් රාජ්‍ය සම්මාන උළෙලවල් හා සංස්කෘතික සංදර්ශන අඩපන කොට කලාකරුවන්ගේ ප්‍රසාදය මුලුමුනිම විනාශකර දැමීම.

රාජ්‍ය ආරක්ෂාවට වැදගත් වෙන හමුදාමූලස්තානයට වෙන්වූ මුදල් පුනරාවර්ජන වියදම් සඳහා වැය කිරීමෙන් හමුදා මූලස්ථානයක් නැති රටක් බවට පත් කිරීමත්, ලකාවේ විශාලම අවි ගබඩාවවේ සිදුවූ විනාශය තුට්ටුවකට හෝ මායිම් නොකර ජාත්‍යන්තරය සතුටු කිරීමට ඒ සඳහා නිසි පර්යේෂණයක් හෝ නොපැවැත්වීම තුල රාජ්‍ය ආරක්ෂක වැඩපිළිවෙල ගැන දක්වන සැලකිල්ල පිලිබඳ ජනතාව තුල සැක පහල වන ලෙස කටයුතු කිරීම.

කුනුකන්ද හා අනෙකුත් නායයාම් වැනි බහුතර ජන ප්‍රජාන්වට ස්වාභාවික ආපදාවක් වූ පුසු ඊට පසු සුළුවෙන් මුදල් වෙන්කරමින් ආපදා කළමනාකරණය අතපසු කල ආකාරයත් සුළුතර ජන ප්‍රජාවට කුඩා ආපදාවකදී පවා ඊනියා සංහිඳියාවක් පෙන්වීමට ඒවා කළමනාකරණය කිරීමේදී තිබූ අසමානතාවය ඉතා පැහැදිලිවම බහුතර ජනතාවට විද්‍යාමාන වන ලෙස කටයුතු කිරීම.

කිසිවෙක් ඉල්ලුවේද නැති මත්පැන් සම්බන්ද සංවේදී අනපනත් ජන මතය ඇතිවීමට ඉඩ නොහැර ඊට කල් නොදී අවශ්‍යතාවය පැහැදිලි නොකර ලිහිල් කිරිම හා ඊට දැරූ උත්සාහය.

මේ රටේ බහුතර ජනමතයේ සංස්කෘතියට අනුව කිසිඳු අවශ්‍යතාවයන්ද නොවූ සමලිංගික විවාහ යෝජනා ගෙන ඒම හා නීතිගත කිරීමට උත්සාහ කිරීම.

දෙමල සහ මුස්ලිම් අන්තවාදී කොටස් තමන්ගේම ශක්තිය මත පමනක් පදනම්ව තරඟ කිරීමට අවස්තාව දීම හා ඔවුන්ව ප්‍රධාන ප්‍රවාහයට එක්කරගැනීමට තරම් හෝ සබුද්ධික නොවීම.

බිම් මට්ටමේ සිට සමාජජාල දක්වා දේශපාලනික හා දේශපාලනික නොවූ 2015දී යහපාලනය ගෙනඒමට සහයෝගය දැක්වූ සියලුදෙනා අමතක කර දැමීම. සමහර ඇමතිවරු හමුවීමට දොස්තරලා හමුවෙනවා මෙන් නොම්මර ගැනීම තත්වයට ජයග්‍රහණයේ හවුල්කරුවන් පත් කිරීම.

තම ප්‍රදේශ වලින් මහජනයා ප්‍රතික්ෂේප කල පරාජිත දෙසපාලකයින්ට යහපාලන ඇමති පට්ටම් ලබාදීීමත් එවැනි ස්ථාවර දේශපාලන ස්ථාවර ප්‍රතිපත්ති නොමැති කටින් පමණක් දේශපාලනය කරන, මුඛරි, තම චන්ද දායකයින්ගේ අපේක්ෂාවන් පසෙකලා තම පෞද්ගලික ප්‍රතිලාභය සඳහාම පමණක් අවස්ථාවාදීව පක්ෂ මාරුකරන කූට දේශපාලකයින්ගේම ප්‍රතිප්‍රහාරයට ලක්වීම.

මැති ඇමතිවරුන් කෝටි ප්‍රකෝටි ගනන් වියදම් කරමින් තීරුබදු රහිත වාහන ගෙන්වීමත්, පොඩි මිනිහාට ඇති පදමට බදු ගැසීමත්, කෘෂිකර්මය අයාලේ යද්දී නිළියකගේ හිස් බිල්ඩිමකට කෝටි ගනන් ගෙවල් කුලී ගෙවීම වැනි දෑ යහපාලනය ලෙස සැලකීම.

අගමැති රනිල්ගේ ගෝලයන් විසින් මහදවල් කරනලද ශ්‍රී ලංකාවේ මෙතෙක් කර ඇති ඇති විශාලම හොරකම ලෙස ගැනෙන මහබැංකු කොල්ලය අගමැති සම්බන්ද වුවත් නැතත් එය තමාගේම සම්මුති ආණ්ඩුවේම සහකරු විසින් ජනාධිපති කොමිසමක් හරහා සමාජතත් කිරීමට සැරසෙන විටම එහි ඇති භයානක දේශපාලන අවාසිය දූරදර්ශීව දැකීමට තරම් දේශපාලන ඥානයක් නොමැතිකමත් හා අඩු තරමේ එසේ සමාජගතවීම වැළැක්වීමට තරම්වත් හැකියාවක් නැති දුර්වල දේශපාලන පක්ෂයක් වීම හා එවන් දැක්මක් ඇති කිසිවෙක් පක්ෂය තුල නොවීම. මෙහිදී අප විශේෂම අවධානය යොමු කල යුතු කරුණ වන්නේ තම පක්ෂය වෙත එන අති දැවැන්තම දේශපාලන උවදුර අඩු තරමින් හඳුනාගෙන ප්‍රතිකර්ම නොකළ හැකි පිරිසක් තම රටට ජාතියට එන අනාගත අභියෝග කෙසේ හඳුනා ගනීවිද යන්න ගැන මහජනතාව තුල ඇතිවන සැකයයි.

බුද්ධිමත්යැයි මහජනයා අතර ප්‍රබල ජනමතයක් ගොඩනගමින් කටයුතු කළ ශ්‍රී ලංකාවේ දෙවන ප්‍රබලම නිලය හොබවන අගමැති තුමාගෙන් අසන ප්‍රශ්නයකට කිසිඳු තාර්කික කරුණක් ඉදිරිපත් නොකරමින් අස්වාභාවික ලෙස තනතුරට නුසුදුසු අයුරින් පාර්ලිමේන්තුව විගඩම් මඩුවක් බවට පත්කරන හැසිරීම් රටාව තාක්ෂනය දියුණු යුගයේ මහජනතාවට ප්‍රදර්ශනයව වීමතුල ඔහුගේ ක්‍රියාව නිසා ඔහු පමණක් නොව ඔහුගේ අනුගාමික එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිස තරුණ පරපුරේ අවඥාවට භාජනය කිරීම හා පක්ෂයේ උගත් මැති ඇමතිවරින්ට ඔවුන්ගේ නායකයා ඔහු බව ප්‍රකාශ කිරීමට පවා මදිකමක්වන තත්වයට පත් කිරීම.

නායකත්වයට තර්ජනයක්වන පක්ෂයේ ප්‍රාදේශීය පාරම්පරික දැවැන්ත දේශපාලන බලකණුවලට ක්‍රමානුකූලව කාලාන්තරයක් තිස්සේ පක්ෂය එපාවීමට සලස්වා තනතුරු නොදී හෝ පක්ෂයෙන් ඉවත්වීමට ඉඩදී එතරම් ස්ථාවර ජනපදනමක් නොමැති තරුණ දේශපාලකයින් ඉදිරිපෙලට ගෙන ඒම.

අලුතෙන් ඇමති තනතුරු ලැබූ කිසිඳු අත්දැකීමක් නොමැති තරුණ මැති ඇමතිවරුන්ගේ ජාතික ව්‍යාපෘති වලට එනම් පාසල් ඇඳුම් වෙනුවට කූපන් ලබාදීම ග්ලයිකෝ පොස්පේට් තහනම වැනි දහසක් ව්‍යාපෘති වලට අනුමැතිය දීමේදී පාලක ව්‍යාපෘතියක් (පයිලට් ප්‍රොජෙක්ට් එකක්) කොට එය විද්‍යානුකූල ඇගයීමකට භාජනය නොකිරීම හා පළපුරුදු රාජ්‍ය නිලධාරීන්ගේ නිර්දේශ හා චක්‍රලේඛ නොසලකා හැර ඒවා අභිබවා ගොස් එක්වරම එම ජාතික ව්‍යාපෘති සඳහා මුදල් වෙන්කොට අවසර දීම නිසා විශාල ජනකොටසකගේ අප්‍රසාදයට එකවර පත්වීම හා එවැනි ව්‍යාපෘති වල අසාර්ථකත්වය නිසා මහජනනයා කලකිරීමට පත්කිරීම.

අප කිසිවෙකුත් වැඩි සැලකිල්ලක් නොදක්වූ එතරම් කතාබහට ලක් නොවූ තවත් ප්‍රධානතම සාධකයක් මෙහි සඳහන් නොකළහොත් එය මා විසින් කරන බලවත් වරදක් වනු ඇත. එනම් ඇමෙරිකාවේ ජාතිකවාදී ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ජයග්‍රහණයයි. ඔහු නොදිනන්නට මේ ජාතිකවාදී මහින්දගේ ජයග්‍රහණය මෙසේ නොවනු ඇත.

බොරු චන්ද පොරොන්දු ත්‍යාග බෙදාදීම් හරහා මහජනතාව රවටමින් කරන දේශපාලනය සෝෂල් මීඩියා විසින් අවසන් කර ඇත. දිගු කාලීනව රට නගා සිටුවා මහජනතාව නගාසිටුවීමේ දිගු කාලීනව අවංක අරමුණින් වැඩකලයුතු කාලය අද එළඹ ඇත.

ඈත පිටිසර ගම්වල වැඩිමහලු චන්ද දායකයින් සමාජ ජාල සමග ගනුදෙනුවක් නොමැති වුවද ස්මාර්ට් දුරකතනයක් භාවිතා කරන තම දරු මුණුබුරන්ගෙන් නිසි අවබෝධය ලබන යුගය ආරම්භ වී ඇත.

ඉහත සියලු කරුණු සැලකු කල දුෂිතයන්ට දඩුවම් දීම හරහා පමණක් යහපාලන පැවැත්ම ස්ථාවර කරගත හැකි යයි තව දුරටත් යමෙක් කියාසිටීනම් සිතාසිටී නම් හෝ එයම ක්‍රියාවට නැංවීමට බලා සිටී නම් සිදුවන්නේ තවදුරටත් යහපාලනය විනාශ වීමම පමණි. රට ජාතිය වෙනුවෙන් අවංකව වැඩ කල යුතු කාලය එළඹ ඇති අතර නිෂ්ඵල අකාර්යක්ෂම FCID වසා දැමීමටද කාලය එළඹ ඇත.

එමෙන්ම යහපාලන රජයේ මහබැංකු වංචාව සම්බන්ධයෙන් පමනක් නොව, සියළු ආකාරයේ නොපනත්කම් වලට එරෙහිවත් ප්‍රායෝගික බලපෑමක් මේ අනපේක්ෂිත ජනවරම භාවිතා කරමින් පෙර පාඩම් හොඳින් ඉගෙනගත් මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ ඒකාබද්ධය විසින් සිදුකරනු ඇත.

2015 දී ජනපති මහින්ද රාජපක්ෂ සිය පරාජය සනිටුහන් කරගනු ලැබුවේ ප්‍රතිවාදී බළවේගයේ හෝ ප්‍රතිවාදියාගේ විශේෂ හැකියාව හෝ වැඩපිලිවෙලක් නිසා නොව තමන්ගේම දුර්වලතාවය හේතුවෙන්ම බව මේ මැතිවරණයෙන් මොනවට පැහැදිලි කර දී තිබේ.

තවත් විශේෂයෙන්ම මතක් කලයුතු කරුනක් ඇත. පොහොට්ටුව විසින් "මෙම චන්දය යහපාලනයට ඔබ එකඟදැයි යන්න මැන බලන ජනමත විචාරණයක් බවට පත් කරගන්න යැයි" යනුවෙන් අති ප්‍රබල පුළුල් දේශපාලන සංකල්පයක් මත හා දේශපාලන දැක්මක් මත සමස්ත රටේ මහජනතාවටම එකවර ආමන්ත්‍රනය කරත්දී, යහපාලනයේ මාහා මොලකරුවන් අතර මේ දේශපාලන උපක්‍රමය යන්තම් හෝ අවබෝධ වන්න තරම් හෝ සංවේදී බවක් ඇති එකඳු දේශපාලකයෙක් නොවීම තුල ඔවුන් ගෙනගියේ ළදරු මානසිකත්වකින් යුතු දේශපාලන තේමාවක් වන "බලයේ සිටින පක්ෂයට ගම දුන්නේ නැත්නම් සංවර්ධනය නැත " යන ප්‍රාථමික සංකල්පයකි. මේ අයුරින් මෙවැනි දේශපාලන සංවේදීතාවයක් හෝ නොමැති යහපාලනයකටද අප චන්දය් දිය යුත්තේ යනුවෙන් මහජන විඥානය නොදැනුවත්වම ක්‍රියාත්මක වීම මෙම මැතිවරණයේදී පොහොට්ටුවේ ජයග්‍රහණය තහවුරු කරනු ලැබූ සැඟවුණු ගාමක බලවේගය විය.

ඉහත කී සියලු කාරනා හා තවත් මෙහි විස්තර නොකළ කරුණු රාශියක් හරහා යහපාලන දෙපාර්ශවය විසින් 2015 ජනවාරි 08 ජනතා ජයග්‍රහනයට පිටුපා කටයුතු කර ඇති ආකාරය මහජනතාව විනිවිධ දැක ඇති බව මෙම චන්ද ප්‍රතිඵලය තහවුරු කොට ඇත .

ජනතාවට අවශ්‍ය වන්නේ අභියෝග මැද රටට වැඩ කරවා ගත හැකි දක්ෂ නායකයින් මිස මිනිස්සු ඡන්දය දෙන්නේ හෝ අනුන්ගේ පෙර කල වැඩවල අඩුපාඩු සොයමින් කල් මරණ පුහුනායකයිනට හෝ අදක්ෂයන්ට නොවන බව මෙම මැතිවරණය පැහැදිලි කොට දී ඇත.

කරන දේ කියන කියන දේ කරන යථාවාදී තථාකාරී ගුණයෙන් යුතු දේශපාලකයින් පමණක් සඳහා පැවැත්මක් ඇති කාලයක් උදාවන බවට ඉඟි පහල වී ඇත.

අවසන් වශයෙන් කිවයුතු දෙයක්ද ඇත, මේ රට පුණ්‍ය භූමියකි. බුදුදහමේ
චිරහත් පැවැත්මටද ලොව ඇති එකම භූමියයි. බුදු දහම පවතිනතාක් එය රැකීමට සිටින එකම ජාතිය වාසය කරන භූමියයි. එම පුණ්‍ය භූමිය හෝ එම ජාතිය විනාශ කිරීමට ෆෙඩරල් දී හෝ රනිල්ට හෝ මයිත්‍රීට හෝ කිසිඳු බලවේගයකට ස්වාභාවධර්මයෙන්ම කිසිඳු ඉඩක් නැත. මේ පුණ්‍ය භූමියත් මේ ජාතියත් විනාශ කිරීමට එලාරට ප්‍රභාකරන්ට තබා අප යටත් කරගත් අධිරාජ්‍යවාදීන්ට හෝ නොහැකි විය. යහපාලනයටද එසේමය. රට මේ අයුරින් ආරක්ෂා වන්නේ වරින් වර රට ආරක්ෂා කිරීමට පහල වන දිව්‍ය පුත්‍රයන් නිසාය. රාජපක්ෂවරුන්ටද එම ආශිර්වාදය ලැබී ඇතිවාට සැකයක් නැත. අනිත් වැදගත්ම දේ සිංහල බෞද්ධ බහුතරයා ජාතිවාදීන්ද නොවේ. ආගම් වාදීන්ද නොවේ. ඕනෑම ජාතින්හට ඕනෑම ආගමිකයින්හට ඔවුන් සමග සහජීවනයෙන් මේ පුණ්‍ය භූමියේ ජීවත් වීමට ඔවුන් වරද්දා ගන්නා තුරු කිසිඳු බාදාවක්ද නැත.

යම් උගත් කමක් ඇති දත්ත හා තොරතුරු හා සංඛ්‍යා මත තීරණ ගන්නා විචාරශීලී මහජනතාවගේ විරෝධයට හේතුව මීළඟ කොටසින්

මගේ කියවීම - By Dr. Ishantha Siribaddana (Chairman Java Institute for Advanced Technology)

ආණ්ඩුවේ වගකීම් විරහිත ණය ගැනීම පිලිබඳව මහින්ද රාජපක්ෂ මැතිතුමන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය.

යහපාලන ආණ්ඩුවේ වගකීම් විරහිත හා විනාශකාරී ණය ගැනීම පිලිබඳව මහින්ද රාජපක්ෂ මැතිතුමන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය.



 

‘සක්‍රීය බැරකම් කළමණාකරනය කිරීමේ පනත’ හි විනාශකාරී කොටසේ උදෘතය පහතින්.

ලසන්ත වික්‍රමතුංග සම්බන්ධයෙන් Sunday Island පුවත්පතේ පළ වූ ලිපියට ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පිළිතුරු.



හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය නිවේදනය (සිංහල පරිවර්තනය)

"ලසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකු අත් අඩංගුවට ගැනීමෙන් පසු පොලිසිය විසින් වසන් කරන ලද කරුණු හෙළිවේ” යන මැයෙන් 2018 පෙබරවාරි 25වන දින සන්ඩේ අයිලන්ඩ් (Sunday Island) පුවත් පතෙහි පළවූ ප්‍රධාන ලිපිය පිළිබඳව මාගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි.

මෙහි අඩංගු කරුණු විශාල වශයෙන් මට එරෙහිව කරන ලද ද්වේශ සහගත හා අපහාස චෝදනා වේ. සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට මා කිසිඳු සම්බන්දතාවයක් නොමැති බැවින්, මේ සියල්ල පදනම් විරහිතව නගන චෝදනා ලෙස මා තරයේ ප්‍රතික්ෂේප කරමි.

මෙම ලිපියේ, අනෙකුත් කාරණා අතර, විශේෂයෙන්ම, "මේ මිනීමැරුමට යුධ හමුදා බුද්ධි අංශය සම්බන්ධ බව දැනටමත් උසාවියට දන්වා ඇති අතර එවකට යුධ හමුදා බුද්ධි අංශ ප්‍රධානි ලෙස කටයුතු කළ කපිල හෙන්දෙවිතාරන මහතා 'මිනීමැරුම් කල්ලියකට' (කිලර් ස්කොඩ්) අණ දුන් අතර ඔහු එවකට සිටි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හට ඍජුවම වාර්ථා කළේය," යනුවෙන් සඳහන් වේ.
යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂක යනු යුධ හමුදාවේ බුද්ධි ක්‍රියාකාරකම් වලට අණදීමේ තනතුරක් වන අතර එය යුධ හමුදාවේ අනුමත අණදීමේ ව්‍යුහයේ කොටසක් වේ. එය යුධ හමුදා මුලස්ථානය තුල සිට ක්‍රියාත්මක වන අතර ඔහු ඍජුවම යුධ හමුදාපතිට වාර්තා කරනු ඇත. එම තනතුරේ යුතුකම් හා වගකීම්ද යුධ හමුදා ස්ථාවර නියෝගවල පැහැදිලිව අර්ථකථනය කර ඇත. වික්‍රමතුංග ඝාතනය වූ වකවානුවේදී යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂක ධුරය දැරුවේ ජෙනරාල් අමල් කරුණාසේකර වන අතර යුධ හමුදාපති ධුරය දැරුවේ දැනට එජාප-ශ්‍රීලනිප රජයේ ප්‍රාදේශීය සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරය දරන ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ය. එම නිසා, පුවත් පතෙහි සඳහන් වන ආකාරයට මේ මිනීමැරුමට යුධ හමුදා බුද්ධි අංශයේ කිසියම් සම්බන්ධතාවයක් තිබේනම්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (සි.අයි.ඩි එකට), බුද්ධි අංශයේ ක්‍රියාදාමයන් පිළිබඳව වගකීම භාරව සිටි සහ ඍජුවම වාර්ථා කල එවකට යුධ හමුදාපති සරත් ෆොන්සේකා ගෙන් ඉතා ලෙහෙසියෙන් විමර්ශනය කල හැක.

තවද මෙම ඝාතනය වූ කාලයේදී වර්තමාන අගමැති (එවකට විපක්ෂ නායක) රනිල් වික්‍රමසිංහ සහ කලක් කථානායක ලෙස කටයුතු කල එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් මයිකල් පෙරේරා මහතුන් දෙදෙනාම පාර්ලිමේන්තුවේදී ඉතා පැහැදිලිවම වික්‍රමතුංග ඝාතනයට යුධ හමුදාපති වගකිය යුතු බවට චෝදනා කළහ. මෙම උසස් පෙලේ ප්‍රකාශන හා චෝදනා ප්‍රසිද්ධියේ වාර්තාගත වී ඇති අතර ඕනෑම කෙනෙකුට එම වාර්තා ලබාගෙන කියවිය හැකිය. එවකට විරුද්ධ පක්ෂයේ සිට, යුධ හමුදාපති සරත් ෆොනේස්කාගේ අණ පරිදි වික්‍රමතුංග ඝාතනය කල බවට චෝදනා කල ඔවුන් දැන් ආණ්ඩුවේ සිට මෙම පරීක්ෂණය සම්පූර්ණයෙන්ම වෙනත් මගකට යොමු කරමින්, වික්‍රමතුංග ඝාතනයට මා සම්බන්ධ කිරීමට තැත් කිරීම, ඉතා පැහැදිළිවම ඔවුන්ගේ දේශපාලනික අරමුණු සපුරා ගැනීම සඳහා මා ඇතුළු දේශපාලනික විරුද්ධවාදීන් සිරගත කිරීමේ න්‍යාය පත්‍රයේ උපක්‍රමයක් බව පැහැදිලිය.

තවද විශ්‍රාමික ජෙනරාල් කපිල හෙන්දෙවිතාරන. එවකට ජාතික බුද්ධි අංශ ප්‍රධානි ලෙස ආරක්ෂක අමාත්‍යංශයේ සේවයේ කලේ සිවිල් නිලධාරියෙකු ලෙස ‘බුද්ධි සම්බන්ධීකරණය හා උපදේශක’ ලෙසය. ඔහු කිසි සේත්ම අණදීමේ වගකීමක් දැරුවේ නැත. ද්වේශ සහගතව වාර්තා කල පරිදි, "මිනී මැරුම් කල්ලියක්' තියා ක්‍රියාන්විත මෙහෙයවන නිලධාරීන් හෝ සෙබළු කාණ්ඩයක්වත් ඔහු යටතේ සිටියේ නැත.

සන්ඩේ අයිලන්ඩ් (Sunday Island) පුවත් පතෙහි තවත් සාවධ්‍ය කරුණක් ලෙස "ගුවන් හමුදාවට මිලදී ගත් මිග් ගුවන්යානා 4ක ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු වුවා යයි පවසන දුෂණය සම්බන්ධයෙන් "ගෝටා ගැන හෙළිදරව් කරනවා" කියා වික්‍රමතුංග ඔහුගේ මිතුරන් සමග ප්‍රකාශ කර ඇත. මිග් ගුවන්යානා ගනුදෙනුව සම්බන්ධයෙන් දැනට FCID පරීක්ෂණ පවත්වාගෙන යන අතර, ඒ සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඔහු කට උත්තර දීමට නියමිතව තිබූ දිනට දින කිහිපකයට පෙර වික්‍රමතුංග ඝාතනය සිදු විය," යනුවෙන් වාර්තා කර ඇත. මෙලස මියගිය පුද්ගලයෙකු විසින් නම් සඳහන් කර නැති 'මිතුරන්ට' කිව්වා යැයි අර්ථකථනය කර, මිග් ගුවන්යානා ගනුදෙනුව සහ වික්‍රමතුංග ඝාතනය අතර නැති සම්බන්ධතාවක් ගොඩ නැගීමට තැත් කිරීම ඉතා අහේතුක සහ පිළිකුල් සහගත ප්‍රකාශයකි.

සන්ඩේ ලීඩර් පුවත්පත විසින් 'මිග් ඩීල්' යැයි කියන ගනුදෙනුව පිළිබඳව වාර්තා කල කාලයේ මා විසින් එයට විරුද්ධව නීතිමය පියවර ගනිමින් වන්දි ඉල්ලා ගල්කිස්ස අධිකරණයේ අපහාසාත්මක නඩුවක් ගොනු කල අතර, අධිකරණය විසින් මට පක්ෂව තීන්දුවක් දුන්නේය. එම තීන්දුවෙන් සන්ඩේ ලීඩර් පුවත්පතට මගෙන් සමාව ඉල්ලා ප්‍රකාශයක් පලකරන ලෙස අණ කරන ලද අතර ඔවුන් එසේ පළකළේය. සන්ඩේ ලීඩර් පුවත් පතෙහි පළවූ අපහාසාත්මක හා සාවද්‍ය වාර්තා වලට මාගේ ප්‍රතිචාරයෙන් පැහැදිලිවන්නේ මා නිත්‍යානුකුලව පිළිතුරු දුන් බවත් ඔබ ද්වේශ සහගතව පවසන පරිදි, ප්‍රචණ්ඩ ප්‍රතික්‍රියාවක් නොදැක්වූ බවත්ය. මාගේ ක්‍රියාවෙන් පිළිබිඹු වන්නේ මා නීති විරෝධී ක්‍රියාදාමයන් වලින් සහනයක් ලබා නොගන්නා පුද්ගලයෙකි බවය. එබැවින් ඔබගේ ද්වේශ සහගත මඩ ප්‍රචාරයෙන් ඔබ තැත් කරනන්නේ, තිස් වසරක ත්‍රස්තවාදය තුරන්කිරීමේ හා නගරවල යටිතල පහසුකම් දියුණුකිරීමේ හි ලා මා සිදු කල දායකත්වයට ලක්ෂ සංක්‍යාත ශ්‍රී ලාංකිකයන් අතර මා කෙරෙහි ඇති ප්‍රශංසාව පලුදු කිරීමටත් මාගේ කිර්තිනාමයට කැළලක් ඇති කිරීමටත් ය.

හිතාමතාම සන්ඩේ ලීඩර් පුවත්පතෙහි පදනම් විරහිත චෝදනා වලට එරෙහිව ගත් නීතිමය පියවර පිළිබඳව කිසිදු සඳහනක් නොමැතිවීමෙන් ඔබගේ ලිපිය පක්ෂග්‍රාහී බවට සනාථ වන අතර හිතාමතාම මාගේ කීර්තිනාමයට හානියක් කිරීමට ඇති චේතනාවද ඉන් තහවුරු වේ.

වික්‍රමතුංග ඝාතනයට සති කිහිපයකට පෙර ලසන්ත වික්‍රමතුංග විසින් සන්ඩේ ලීඩර් පුවත්පතේ ඉතා දරුණු ලෙස සරත් ෆොන්සේකා ව විවේචනය කරමින් පුවතක් පළ කරන ලදී. එබැවින් ඔබගේ ලිපියේ ඇති තර්කයට අනුව ඝාතනය සිදුවුයේ පුවත්පත් හෙළිදරව්වක් නිසාවෙන්නම්, විශේෂයෙන්ම මා ගත් නීතිමය ක්‍රියාමාර්ගය පරිදි තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා එම පුවත පිළිබඳව කිසිඳු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගත් බැවින්, විමර්ශනය කරන CID බලධාරීන් විසින් මේ ඔස්සේ යමින් ක්‍රමානුකූලව සහ සූක්ෂමව පරීක්ෂණ සිදු කල යුතු බව මගේ අදහසයි.

තවද, මීට මාස කිහිපයකට කලින් මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මාගෙන් ප්‍රශ්න කල මොහොතේ, මම ඒ අයට යෝජනා කලේ එවක යුධ හමුදාපති සරත් ෆොන්සේකාට වාර්තා කළ කැප්පෙටිවලාන නැමති නිලධාරියාගේ යටතේ සිටි යුධ කණ්ඩායමක ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ද පරීක්ෂණ සිදු කල යුතු බවය. නමුත්, දැනට සිදු කෙරීගෙන යන පරීක්ෂණවල පවතින දේශපාලනික හා පක්ෂග්‍රාහී බව නිසාවෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරි කණ්ඩායම විසින් එම තොරතුරු ඔස්සේ යමින් කඩිසරව, පුළුල් ලෙස හා දැඩි උනන්දුවකින් යුතුව මෙම පරීක්ෂණ සිදු කරාවිය යන්න පිළිබඳව මා හට ඇත්තේ සැකයකි.

අවසාන වශයෙන්, මෑත කාලයේදී පවතින ආණ්ඩුව විසින් නොයෙකුත් ආකාරයෙන් ප්‍රයත්න දරමින් සිටින්නේ මාගේ කීර්තිනාමයට කැළලක් සිදු කිරීමට බව මා ඉතා කනගාටුවෙන් යුතුව ප්‍රකාශ කරමි. එය සාක්ෂාත් කිරීමට ඒ අය විසින් පොලිසිය හා හමුදා නිලධාරින්ට තර්ජනය කොට සාවද්‍ය පාපොච්චරණයන් සහ ප්‍රකාශන ලබා ගැනීමට උත්සාහ දරන්නේ, කෙසේ හෝ මා යම්කිසි අපරාධයකට ඇඳා චෝදනා ගොනු කිරීමටය. තවද, මට දැනගැනීමට ලැබී ඇති පරිදි පොලිස් හා හමුදා නිලධාරීන් කීපදෙනෙකුම පවසා ඇත්තේ ඉහල පෙලේ වගකීම් දරන යම් යම් පුද්ගලයන් විසින් ඔවුන්ට අනිසි බලපෑම් සිදු කර ඇති බවත් මා හට සාවද්‍ය චෝදනා එල්ල කරන ලෙසට එසේ කර ඇති බවත්ය. ජනතාවගේ අප්‍රසාදය දිනෙන් දින වර්ධනය වන ආණ්ඩුවක් විසින් මෙලෙස සිදු කරන දේශපාලනික පක්ෂග්‍රාහී ක්‍රියාවන් අප රටේ පවතින නීති රාමුව කිසිසේත් මායිම් නොකර ඇති අතර අධිකරණ පද්ධතියට දැඩි බලපෑමක් එල්ල කරයි. එවන් තත්වයක් යටතේ, රටේ විශ්වාසනීයත්වයට හා අපක්ෂපාතීත්වය ආගාධයට ඇද දමන නීතිවිරෝධී ක්‍රියාවන්ගෙන් වැළකී සිටින ලෙස, කිසිදු ප්‍රතිපත්තියකින් තොරව හා නීතිවිරෝධීව සිදු කරන ක්‍රියාවන්ට අනුබල දෙන ආණ්ඩුවෙන් සහ නීති ක්‍රියාත්මක කරන්නන්ගෙන්, මා ඉල්ලා සිටිමි.

Sunday, February 25, 2018

මහින්ද රාජපක්ෂ මැතිතුමන් මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන් බැහැදකියි. (Photos)

මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අද උදෑසන මහනුවර දළදා මාළිගාව සහ අතිපූජ්‍ය මල්වතු අස්ගිරි මහනායක හිමිවරු සහ ගැටෙඹේ විහාරස්ථාන වෙත ගොස් ආශීර්වාද ලබාගත්තේය.

Saturday, February 24, 2018

චීන තානාපතිවරයා සහ මහින්ද රාජපක්ෂ මැතිතුමා අතර විශේෂ හමුවක්!

චීන තානාපති cheng xueyuan මැතිතුමන් හා මහින්ද රාජපක්ෂ මැතිතුමන් අතර විශේෂ හමුවක් හිටපු ජනාධිපති නිල නිවසේදී සිදුවිය.අතීතයේ සිට පැවති චීන ශ්‍රී ලංකා සබදතා පිළිබදවත් වත්මන් රජය සමග චීන රජය එලබි ගිවිසුම් පිළිබදවත් අවධානය යොමු කළ මහින්ද රාජපක්ෂ මැතිතුමන් තම රටේ ජනතාවට හානියක් සිදු නොවන පරිදි ඉඩම් සංවර්ධන කටයුතු කරන ලෙසත් රජය සිදු කරන ජනතා විරෝධී ඉඩම් ගනුදෙනු ප්‍රතික්ෂේප කරන ලෙසත් චීන තානාපති වරයාගෙන් විශේෂ ඉල්ලීමක් ද මෙහිදී සිදු කෙරෙනි.




Tuesday, February 20, 2018

25% කාන්තා නියෝජනය වෙනස් කරන්න යයි. පොහොට්‍ටුවේ නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට පිළිතුරු.

[1]. කාන්තා නියෝජනය 25% ක් පළාත් පාලන ආයතන වලට අත්‍යවශ්‍ය නොවන බවට හැඟවෙන ආකාරයේ ප්‍රකාශයක් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය විසින් සිදුකර ඇත. එම ප්‍රකාශය අද දින (2018/02/20) මව්බිම පුවත්පතේ 5 පි‍ටුවේ මෙලෙස පළ විය.

 

[2]. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහරගම නාම යෝජනාවේ එක කාන්තා අපේක්ෂිකාවකේ නම ඉදිරියේ පිරිමි ලෙස වැරදියට සටහන් කර තිබීම නිසා සම්පූර්ණ නාම යෝජනාවම ප්‍රතික්ෂේප කෙරුණි. හේතුව ලෙස දැක්වූයේ එවිට 25% කාන්තා නියෝජනය නැති බවයි. එය අත්වැරදීමක් මිස කූඨ ලේඛන සැකසීමක් නොවන බව හොඳාකාරවම පෙනේ.

 

[3]. රටේ ප්‍රධාන පක්ෂයක නාම යෝජනාව පවා ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ 25% කාන්තා නියෝජනයේ ගැටලුව, දැන් එතරම් ප්‍රශ්නයක් නොවන බව පෙන්වමින් සංශෝධනය කරන්නට හැදීමෙන්ම යහපාලනයෙන් කාන්තාවන්ට ලබා දෙන තැන පැහැදිළි වෙයි. එසේම ප්‍රායෝගික ගැටලු අනුව 25% කාන්තා නියෝජනය සංශෝධනය කරනවා කීවද, ප්‍රායෝගික ගැටලු අනුව නාම යෝජනාවේ සිදුවූ අත් වැරදීමක් නිවැරදි කිරීමට එදා ඉඩ නොදීම මගින් මැතිවරණ කොමිසමේ ස්වාධීන භාවය වටහා ගත හැකියි.

Monday, February 19, 2018

බේරුවල පැරදුණේ එක ඡන්දෙකින් කී රාජිතගේ තවත් බොරුවක් මාට්‍ටු වෙයි.

[1]. වත්මන් ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ බේරුවල ආසනයේ පරාජය පිළිබඳව මාධ්‍ය මගින් විමසද්දී ඔහු කීවේ තමන්ගේ ආසනය පරාද වූයේ එක ඡන්දෙකින් බවයි.



 

[2]. මැතිවරණයක ජය පරාජයට හේතු වන "ඡන්දය" ලෙස සලකන්නේ ජනතාව විසින් දෙන ඡන්ද ප්‍රතිඵලයයි. ඒ අනුව බේරුවල නගර සභාවේ සහ බේරුවල ප්‍රාදේශීය සභාවේ ඡන්ද ප්‍රතිඵල පහත දැක්වේ.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් බේරුවල නගර සභාවට ස්වාධීන කණ්ඩායමකින් ඉල්ලා තිබියදීත් රාජිත සේනාරත්න ඡන්ද 1073 කින් පරාජය වී ඇත.

 

[3]. බේරුවල යනු මුස්ලිම් ජනතාවත් වාසය කරන ප්‍රදේශයක් වන අතර, පසුගිය ජනාධිපතිවරණ කාලයේදී රාජිතලා විසින් මුස්ලිම් ජනතාව මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් බිඳවීමට යොදා ගත්තේත් එම ප්‍රදේශයේ කෘතිමව ඇතිකළ ගැ‍ටුමකි. නමුත් බේරුවල ජනතාව දැන් එජාපයේ මඩ ප්‍රචාර වල සැබෑ ස්වභාවය වටහාගෙන සිටින බව ඉහත ඡන්ද ප්‍රතිඵල මගින් තහවුරු වෙයි. එසේම රාජිත සේනාරත්න යනු කට ඇරියොත් ඇත්තට වඩා බොරු කියන අයෙක් බව වඩ වඩාත් පැහැදිළි වෙමින් පවතියි.

Saturday, February 17, 2018

රතුපස්වල ප්‍රතිඵලය හා එජාප-ජවිප විනාශය. (රතුපස්වල කියමින් ගහන මඩට පිළිතුරු.)

රතුපස්වල ඡන්ද කොට්ඨාශය පමණක් නොව, වැලිවේරිය හා බැලුම්මහර ඇතුළු ප්‍රදේශයේ සියළු ඡන්ද කොට්ඨාශ මෙවර ඉහළින් ම ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. එය අතිශය සංකේතාත්මක ජයක් බව ද කිව යුතුයි. මන්ද රතුපස්වල සිදුවීම අදාළ ප්‍රදේශයේ පමණක් නොව, මුළු රටේ ම මහින්දගේ ඡන්ද කැඩීම සඳහා එදා භාවිතා වූ ප්‍රධානතම ‘කතන්දරයක්’ වූ නිසාය. අද ද ඇතැමුන් එම වචනය කටපාඩමට මෙන් රාජපක්‍ෂ ආණ්ඩුවට එරෙහි ව භාවිත කරති. එහෙත් ඔවුන් ඒ සියළු දෙනාට දැන් රතුපස්වල ජනතාව විසින් ම නිසි පිළිතුරු ලබා දී තිබීම කොතරම් දෛවෝපගත ද?

කලක සිට මා හට පුද්ගලිකවම මෙම ප්‍රදේශයට යාමට කැමැත්තක් තිබූ අතර ඒ අනුව, එම ප්‍රදේශයේ ජනතාව විසින් ම සංවිධානය කර තිබූ ඡන්ද රැස්වීම රැසකම ජනතාව ඇමතීම සඳහා පසුගිය මැතිවරණ සමයේ අවස්ථාවක් ලැබුණි. ඒ බොහෝ අය අප සමග ප්‍රකාශ කළ පොදු කරුණක් විය. එනම් ප්‍රදේශයට බැහැරින් පැමිණි පිරිසක් විසින් තමා ‘ඇන්දූ’බවයි. අවසානයේ සිදු වූයේ තමන් රැකියා කළ හා ආයතනයට යමක් සපයා සරිකරගත් ආදායම ද ප්‍රශ්නගත රබර් කම්හල ඉවත් කිරීමෙන් පසු ඔවුන්ට අහිමි වූ බව ය. ඛේදය ඉන් අවසන් නොවීය. අදාළ රබර් කම්හල තායිලන්තයට ගෙන යාමට සිදු වීමෙන් රටට අහිමි වූ විදේශ මුදල් ප්‍රමාණය මුදලික් කෝටි ගණනකි. ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ජාතික පක්‍ෂය විසින් රාජපක්‍ෂ ආණ්ඩුවෙන් පළිගැනීම සඳහා කරන ලද ඒ ව්‍යාජ අරගලයේ ප්‍රතිඵල අද රතුපස්වල ජනතාව විසින් ඔවුන්ට පුංචි ඡන්දයේ දී ලබා දී ඇත. එහෙත්, ඔවුන් කළ ඒ පාපකර්මය එතෙකින් ගෙවා දැමිය හැකි ද?

උපුටා ගැනීම
//රුපියල් කෝටි 16 කට බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක් රථයක් මිලදී ගත් ධම්මික පෙරේරා හේලීස් සමාගම් සමූහයේ වැඩිම කොටස් ප්‍රමානයක් හිමි පුද්ගලයාය.හේලීස් සමූහ වියාපාරයට අයත් ඩීප් ප්‍රඩක්ට්ස් සමාගම රබර් කර්මාන්තයේ ලාංකික ප්‍රමුඛයෝ වූහ.ඔවුන් විසින් නිපදවන ලද රබර් අත්වැසුම් ලෝකය පුරා ශල්‍යාගාරයේ සිට මිදුල්,ගොවිපලවල් දක්වාම භාවිතා විය.

වැලිවේරිය ඩීප් ප්‍රඩක්ට් ආයතනයේ සේවක පිරිසක් 2013 මාර්තු මස වැඩවර්ජනයක් සිදුකලෝය.එය හේතුකරගෙන සේවකයින් 147ක් සේවයෙන් පහකර දමන ලදී.එම සේවක සටන යලි මතු වූයේ කර්මාන්ත ශාලාව නිසා ප්‍රදේශයේ ජල දූෂනයක් සිදුවෙනවා යන අමූලික අසත්‍ය වපුරවමිනි.වාම වාදය සමග අත්වැල් බැදගත් කොලපාට ධනවාදය සහ ඊලාම් වාදය විසින් එම අසත්‍ය ,ජල ප්‍රස්නයක් ලෙස ගොඩනංවා ජීවිත ගානක් බිලිගන්නා ලදී.ආන්ඩුව පැරදීම සදහා "වතුර ඉල්ලනකොට වෙඩි තිබ්බා " යන සටන් පාඨයද නිමවාදුන්නේ ඒ මුසාවය. සටනේ අනෙක් ඛේදවාචකය වූයේ ලංකාවෙ රබර්වලින් නිමවා ලෝකයටම විකුනන ලද අත්වැසුම් වෙලදාම නිමකිරීමය.ඩීප් ප්‍රඩක්ට් ආයතනය රතුපස්වල සිය කර්මාන්තශාලාව වසාදමා,ඉන්පසු තම රබර් කර්මාතය ක්‍රම ක්‍රමයෙන් තාය්ලන්තයට ගෙන ගියේය.ඒ සමගම ලංකාවෙ රබර් වෙලදාමට අත්වූයේ බ්‍රිතාන්‍ය කාර්වෙලදපොලට අත් වූ ඉරණමය//

-සබරගමුව විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කඨිකාචාර්ය මහින්ද පතිරණ මහතාගේ ලිපියකි.-


[caption id="" align="aligncenter" width="640"] "වෙනිග්‍රෝස් කර්මාන්තශාලාවෙන් නිකුත් කල වතුරෙන් රතුපස්වල ප්‍රදේශයේ භූගත ජලයට කිසිම බලපෑමක් නෑ" - යහපාලන ආණ්ඩුවේ යහපාලන මධ්‍යම පරිසර අධිකාරිය උසාවියට දැනුම් දෙයි.[/caption]

Thursday, February 15, 2018

මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ දුරකථන ඇමතුම ගැන රාජිතගේ ප්‍රකාශය අමූලික බොරුවකි.

මහින්ද රාජපක්ෂ මැතිතුමන් රනිල් වික්‍රමසිංහ මහතාට දුරකථනයෙන් අමතමින් අගමැති ධූරයෙන් ඉවත් නොවන්නයැයි කී බවට රාජිත සේනාරත්න කළ ප්‍රකාශය රාජිතගේ තවත් අමූලික බොරුවක් බව මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ලේකම් උදිත් ලොකුබණ්ඩාර මහතා පවසයි.

අභයාරාමයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමන් මාධ්‍ය වෙත ප්‍රසිද්ධියේ අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා අවශ්‍ය වන යෝජනාවක් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත යුතු බවයි. ජනාධිපතිවරයා සහ අගමැති වරයා යන දෙදෙනාටම තවදුරටත් රට පාලනය කිරීමට ජන වරමක් නොමැති ය.

Tuesday, February 13, 2018

"මහින්ද ළඟදීම ජනාධිපති විය යුතුයි", ඉන්දීය මහ බලවතෙක් ලෝකයටම කියයි.

[1]. මහින්ද රාජපක්ෂ මැතිතුමන් ශක්තිමත්ව නැවතත් ශ්‍රී ලංකා දේශපාලනයට පැමිණීම අසන්නට ලැබීම යහපත් දෙයක් බවත් ඔහු නුදුරේදීම ශ්‍රී ලංකා ජනාධිපති විය යුතු බවත් ආචාර්ය සුබ්‍රමනියන් ස්වාමි සිය ට්විටර් පි‍ටුවෙන් පවසයි. [මූලාශ්‍රය]


[2]. ආචාර්ය සුබ්‍රමනියන් ස්වාමි යනු ඉන්දියාවේ උත්තර මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයෙකි. වත්මන් ඉන්දීය ආණ්ඩුව මෙහෙයවන භාරතීය ජනතා පක්ෂයේ හවුල් පක්ෂයක් වන ජනතා පක්ෂයේ සභාපති වෙයි. හාවර්ඩ් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධි ලැබූ ආර්ථික විද්‍යාඥයෙක්, ගණිතඥයෙක් වන ඔහු [මූලාශ්‍රය] ඉන්දියානු ජාත්‍යන්තර සබඳතා වල මහ මොළ කරු ලෙස සැලකේ.  එසේම ඔහු යට කී පණිවිඩය පළ කළ ට්විටර් පි‍ටුවේ පමණක් ඔහුගේ පාක්ෂිකයන් ලක්ෂ 67.8 ක් සිටියි.


[3]. ශ්‍රී ලංකා රජය සහ කොටි සංවිධානය අතර පැවැති යුද්ධයේදී ආචාර්ය සුබ්‍රමනියන් ස්වාමි ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටියේය. [මූලාශ්‍රය]. ඉන්දියානු දේශපාලඥයින් තමිල්නාඩු ඡන්ද වෙනුවෙන් කොටින්ට කිරි පොවද්දී, දුර දිග බැලූ ආචාර්ය සුබ්‍රමනියන් ස්වාමි, යම් හෙයකින් කොටි සංවිධානයට ඊළම ලැබුනොත් එය දකුණු ඉන්දියාව වෙන් වීමේ පළමු පියවර බව කල් තියා වටහාගෙන තිබුණි.

[4]. ඉතා සුළු සිද්ධි හේතු කොටගෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග 2014 අග භාගයේදී සුළු හිත් අමනාප කම් ඇති කර ගත් ඉන්දියානු රජය පසුව වත්මන් යහපාලන ආණ්ඩුවට සහය දුන්නේය. අවසානයේදී සිදුවූයේ යහපාලනය විසින් චීනයට හම්බන්තොට වරාය සින්නක්කරව දීමත්, එය ඉන්දියානු ආරක්ෂාවට තර්ජනයක් විය යැකි මට්ටමට පැමිණීමත් ය. ඉදිරියේදී යහපාලනය විසින් ඉන්දියාවට එක්ටා දුනහොත්, ඊට හිලව් ලෙස හම්බන්තොටින් අක්කර 15000 ක් චීනයට දී චින්නුන් අති විශාල ප්‍රමාණයක් ‍රැකියා සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. එයද අවසානයේදී ඉන්දියානු ජාතික ආරක්ෂාවට දැඩි අවදානමකි.

[5]. ඇමරිකාව, ඉන්දියාව, චීනය ආදී හැමෝමව සතු‍ටු කරන්න හදන යහපාලන නගර සෝභිනියට වඩා, කාවවත් සතු‍ටු නොකර තම අභිමානය ‍රැක ගන්නා කොන්ද පන ඇති නායකයා වඩා යහපත් බව ඉන්දියාව තේරුම් ගෙන ඇති බව ආචාර්ය ස්වාමිගේ ප්‍රකාශයෙන් පැහැදිළි වෙයි. ජාත්‍යන්තරය මත යැපෙන යහපාලන නායකයන්ට ආචාර්ය ස්වාමිගේ ප්‍රකාශය මරු පහරකි.

පොහොට්‍ටුවේ ඉදිරි ක්‍රියාර්මාර්ග, බැසිල් රාජපක්ෂ මැතිතුමන් හිරු සලකුණේදී පැහැදිළි කරයි.

විජයග්‍රාහී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ "මාස්ටර් මයින්ඩ්" ලෙස හැඳින්වෙන බැසිල් රාජපක්ෂ මැතිතුමන් 2018/02/12 දින හිරු සලකුණ වැඩසටහනට සහභාගී විය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද එතුමා එහිදී පැහැදිළි කරන ලදී.

Monday, February 12, 2018

මෛත්‍රීපාලයි, එජාපෙයි, ජවිපෙයි එකට ඉල්ලුවානම් මහින්ද පරාදයි කියන කතාවට පිළිතුරු.

[caption id="" align="aligncenter" width="640"] Photo Credit: economynext.com[/caption]

එජාප මැතිවරණ පරාජයේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන එජාප මරණ පරීක්ෂකවරුන් විසින් අපූරු සොයාගැනීමක් කරගෙන තිබේ. ඔවුන් පවසන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ඡන්ද ප්‍රතිශතය 2015 ජනාධිපතිවරණයට සාපේක්ෂව අඩු වී ඇති බවත්, මෛත්‍රීපාල+එජාප+ජවිපෙ එකතු ව ඉල්ලුවානම් එය එදා 2015 ජනාධිපතිවරණයේ ප්‍රතිශතයට වඩා වැඩි බවත් ය. නමුත් මෙම තර්කය පදනම් විරහිත පට්ට පල් කෙප්පයකි. ඊට හේතු පහතින්.

 

[1]. 2015 ජනාධිපතිවරණයේදී හංස සධානය ඡන්දය ඉල්ලුවේ එකම ප්‍රතිපත්තියක් ජනතාව වෙත ඉදිරිපත් කරමිනි. ඔවුන් එකිනෙකා විවේචනය කර ගත්තේ නැත. ඒ අනුව ඔවුන් එකම දේශපාලන ප්‍රවාහයක් ලෙස සලකා ජනතාව ඡන්දය දෙන ලදී.

එනමුත් මෙවර එජාපෙත්, මෛත්‍රීපාලත්, ජවිපෙත් වෙන වෙනම ඡන්දය ඉල්ලන ලදී. ඔවුන් එකිනෙකා බරපතල ලෙස විවේචනය කර ගත් බව ඔවුන්ගේ මැතිවරණ කතා දෙස බැලීමෙන් ඔබට පැහැදිළි වේ. මේ සියලුම දෙනා පොහොට්‍ටුව විවේචනය කරන අතරේ, මෛත්‍රීපාල පැවසූයේ එජාපය හොරු බවයි. එජාප හොරුන්ට පාඩමක් ඉගැන්වීමට තම පක්ෂයට ඡන්දය දෙන ලෙස ඉල්ලුවෝ ය. එජාපය පැවසූයේ මෛත්‍රීපාල ගාව සිටින්නේ හොරු බවයි. තනි එජාප ආණ්ඩුවක් පිහිටවීමට එජාපය ඡන්දය ඉල්ලුවෝ ය. ජවිපෙ කිව්වේ ඒ දෙගොල්ලොම හොරු බවයි.

ඒ අනුව එජාපෙ කෙරෙහි කළ කිරුණ එජාප පාක්ෂිකයන් මෛත්‍රීපාලට හෝ ජවිපෙට ඡන්දය දෙන්නට ඇත. නමුත් ඔවුන් එකතුව ආවානම් ඒ කාටවත් ඔවුන් ඡන්දය නොදී ගෙදර සිටිනු ඇත. එලෙස වෙන් වෙන්ව පොරොන්දු සහ සටන් පාථ කියමින් තරග වැදුණ පක්ෂ වල ඡන්දය එකතු කර පෙන්වීම තරම් මෝඩ වැඩක් ලොවෙත් නැත.

මෙය උදාහරණයකින් කිවහොත්, ශ්‍රී ලංකාව, එංගලන්තය සහ අයර්ලන්තය සහ ඕස්ට්‍රේලියාව ක්‍රිකට් තරගාවලියක් පවත්වා ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළා යැයි සිතමු. එවිට "ශ්‍රී ලංකාව දින්නට වැඩක් නෑ. සුදු ජාතිකයන්ගේ රටවල් වන අපේ රටවල් වල ලකුණු එකතු කළොත් ශ්‍රී ලංකාව උඩින්ම පරාදයි" කියා ඒ රටවල් කිවහොත්,,, අන්න ඒ වගේම මෝඩ කතාවකි මේ එජාපේ සමහරුන් කියන්නේ. අතනදී ඒ රටවල් එකම ටීම් එකකින් ආ යුතුයි වගේම, මෙතනදීත් හංස සංධානය තනි පක්ෂයකින් ආවොත් මිස වෙන් වෙන්ව ඉල්ලා අපි වැඩියි කීම ජාත්‍යන්තර විහිලුවකි.

ෆේස්බුක් එකේ පළ වූ තවත් කදිම උදාහරණයක් මෙන්න.

 

[2]. එජාපයේ ඡන්ද පදනමට වූ දේ එජාප පශ්චාත් මරණ පරීක්ෂකවරුන්ට හසු නොවීමත් පුදුමයකි.

2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී එජාපය තනිව තරග වැදුන අතර එහිදී එජාපය ලබා ගත්තේ ඡන්ද 5,098,916 [මූලාශ්‍රය]

නමුත් 2018 පළාත් පාලන මැතිවරණයේදී එජාපය ලබා ගත්තේ ඡන්ද 3,625,510 කි. [මූලාශ්‍රය] කොහොමද වෙනස?

එදා සිටි එජාප පාක්ෂිකයන් මේ වන විට මිලියන 1.5 ක් පමණ සිය පක්ෂය ප්‍රතික්ෂේප කර ඇත.

 

[3]. ඒ අතර මහින්ද රාජපක්ෂ මැතිතුමන් තනියම ඇවිත් 2015 පාර්ලිමේන්තු මැතිවරණයට වඩා ඡන්ද ලබාගෙන ඇත.

2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී  මහින්ද+මෛත්‍රීපාල එකතුව ලබා ගත් ඡන්ද ප්‍රමාණය 4,732,664 [මූලාශ්‍රය]

නමුත් 2018 පළාත් පාලන මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ පක්ෂය තනියම ලබා ගත් ඡන්ද ප්‍රමාණය 4,968,762 දක්වා වැඩි විය. [මූලාශ්‍රය]

 

[4]. අප ජනපතිවරණ සටනක සිටියේ නැත. පක්‍ෂයක මැතිවරණ උපක්‍රම හා ප්‍රචාරයන් ඉලක්කගත වන්නේ ඉන් අපේක්‍ෂිත අවසන් ප්‍රතිඵවලට සාපේක්‍ෂව ය. පොහොට්ටුවට අවශ්‍ය වූයේ හැකි තරම් ආයතන දිනා ගැනීම මිස ඡන්ද ප්‍රතිශතය සියයට 50 ඉක්මවා යෑමට නොවේ. ප්‍රතිශත මෙහි දී අදාළ නොවන්නකි.

 



[5]. 71% ක ඉක්මවා ගිය පළාත් පාලන ආයතනය ප්‍රමාණයක් (340න් 239ක්) ලැබීම සිතා ගැනුමට පවා නොහැකි ප්‍රතිශතයකි. පොහොට්ටුව තනිව පළාත් පාලන ආයතන 239 සමග සභිකයින් 3,369ක් (44.65%) සහ ස්වාධීන කණ්ඩායම් 3 ක්, තිරප්පනේ නයා, මහරගම බයිසිකලය, මහියංගන රයිනෝ ද ජයගෙන ඇත. ඒවා ඉහත ගොන්නට එකතු වී නැත. එජාපය (රනිල් + මනෝ ගනේශන් + රිෂාඩ් බදියුදීක් + රාවුෆ් හකීම්) යන සියල්ල ද සමග ලබාගෙන ඇත්තේ 32.63% කි. සභික ප්‍රමාණය 2385කි. කෙසේ වෙතත්, තනි එජාපය 1970+ පමණකි. එජාපය සිටින්නේ එවන් පහළ අඩියක ය.

 

[6]. අලුත බිහි වූ පක්ෂයක් සහ ඊට නායකත්වය දුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විසින් (එජාපෙට අනුවනම් නායකයට මන්ත්‍රීකමක්වත් නෑ , ජී එල් පීරිස් මහත්තයාගේ පක්ෂෙනේ), රටේ විධායක ජනාධිපතිවරයාගේ පක්ෂයත් අගමැතිවරයාගේ පක්ෂයත් කිසිදු දේශපාලන හෝ ජනමාධ්‍ය බලයක් නැතිව පරාජය කරන ලද මැතිවරණයකි මේ. මහින්ද රාජපක්ෂ මැතිතුමන් ඒ ජයග්‍රහණය ලැබුවේ ජනතාව කෙරෙහි විශ්වාසය තබා ඔවුන්ගේ ඉල්ලීම් වලට හිස නැවූ බැවිනි (ප්‍රධානතම ඉල්ලීම: මෛත්‍රීපාල සමග කිසි සේත්ම මැතිවරණයේදී එකතු නොවන්න)

එජාපය විසිනුත් මේ රටේ ජනතාව ලබා දුන් අන්න ඒ ඓතිහාසික ජනතා තීන්දුවට හිස නමා තම වැරදි නිවැරදි කරගන්නවා වෙනුවට, එකිනෙකට විරුද්ධ පක්ෂ වල ඡන්ද එකතු කර ජනතාවට කොකා පෙන්වීම හරහා ජනතාව විසින් එජාපය තව තවත් ප්‍රතික්ෂේප කරන තත්ත්වයට ඇද දමා ඇත.

මහින්ද රාජපක්ෂ මැතිතුමන් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවයි (VIDEO)

වහාම පාර්ලිමේන්තු මහ මැතිවරණයක් කැදවීම සදහා ආණ්ඩුව කටයුතු කළ යුතු යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් සදහන් කරයි.

පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුව ලද දරුණු පරාජයත් සමග රට පත්ව ඇති අස්ථාවරත්වයෙන් මුදා ගැනීමට වහාම මැතිවරණයක් කැදවා ශක්තිමත් ආණ්ඩුවක් බිහි කල යුතු යයිද ඔහු කියයි.

අද කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පල කරන ලදී.