[1]. කාන්තා නියෝජනය 25% ක් පළාත් පාලන ආයතන වලට අත්‍යවශ්‍ය නොවන බවට හැඟවෙන ආකාරයේ ප්‍රකාශයක් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය විසින් සිදුකර ඇත. එම ප්‍රකාශය අද දින (2018/02/20) මව්බිම පුවත්පතේ 5 පිටුවේ මෙලෙස පළ විය.
[2]. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහරගම නාම යෝජනාවේ එක කාන්තා අපේක්ෂිකාවකේ නම ඉදිරියේ පිරිමි ලෙස වැරදියට සටහන් කර තිබීම නිසා සම්පූර්ණ නාම යෝජනාවම ප්‍රතික්ෂේප කෙරුණි. හේතුව ලෙස දැක්වූයේ එවිට 25% කාන්තා නියෝජනය නැති බවයි. එය අත්වැරදීමක් මිස කූඨ ලේඛන සැකසීමක් නොවන බව හොඳාකාරවම පෙනේ.
[3]. රටේ ප්‍රධාන පක්ෂයක නාම යෝජනාව පවා ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ 25% කාන්තා නියෝජනයේ ගැටලුව, දැන් එතරම් ප්‍රශ්නයක් නොවන බව පෙන්වමින් සංශෝධනය කරන්නට හැදීමෙන්ම යහපාලනයෙන් කාන්තාවන්ට ලබා දෙන තැන පැහැදිළි වෙයි. එසේම ප්‍රායෝගික ගැටලු අනුව 25% කාන්තා නියෝජනය සංශෝධනය කරනවා කීවද, ප්‍රායෝගික ගැටලු අනුව නාම යෝජනාවේ සිදුවූ අත් වැරදීමක් නිවැරදි කිරීමට එදා ඉඩ නොදීම මගින් මැතිවරණ කොමිසමේ ස්වාධීන භාවය වටහා ගත හැකියි.