Mahinda Rajapaksa: "මහින්ද ළඟදීම ජනාධිපති විය යුතුයි", ඉන්දීය මහ බලවතෙක් ලෝකයටම කියයි.

Tuesday, February 13, 2018

"මහින්ද ළඟදීම ජනාධිපති විය යුතුයි", ඉන්දීය මහ බලවතෙක් ලෝකයටම කියයි.

[1]. මහින්ද රාජපක්ෂ මැතිතුමන් ශක්තිමත්ව නැවතත් ශ්‍රී ලංකා දේශපාලනයට පැමිණීම අසන්නට ලැබීම යහපත් දෙයක් බවත් ඔහු නුදුරේදීම ශ්‍රී ලංකා ජනාධිපති විය යුතු බවත් ආචාර්ය සුබ්‍රමනියන් ස්වාමි සිය ට්විටර් පි‍ටුවෙන් පවසයි. [මූලාශ්‍රය]


[2]. ආචාර්ය සුබ්‍රමනියන් ස්වාමි යනු ඉන්දියාවේ උත්තර මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයෙකි. වත්මන් ඉන්දීය ආණ්ඩුව මෙහෙයවන භාරතීය ජනතා පක්ෂයේ හවුල් පක්ෂයක් වන ජනතා පක්ෂයේ සභාපති වෙයි. හාවර්ඩ් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධි ලැබූ ආර්ථික විද්‍යාඥයෙක්, ගණිතඥයෙක් වන ඔහු [මූලාශ්‍රය] ඉන්දියානු ජාත්‍යන්තර සබඳතා වල මහ මොළ කරු ලෙස සැලකේ.  එසේම ඔහු යට කී පණිවිඩය පළ කළ ට්විටර් පි‍ටුවේ පමණක් ඔහුගේ පාක්ෂිකයන් ලක්ෂ 67.8 ක් සිටියි.


[3]. ශ්‍රී ලංකා රජය සහ කොටි සංවිධානය අතර පැවැති යුද්ධයේදී ආචාර්ය සුබ්‍රමනියන් ස්වාමි ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටියේය. [මූලාශ්‍රය]. ඉන්දියානු දේශපාලඥයින් තමිල්නාඩු ඡන්ද වෙනුවෙන් කොටින්ට කිරි පොවද්දී, දුර දිග බැලූ ආචාර්ය සුබ්‍රමනියන් ස්වාමි, යම් හෙයකින් කොටි සංවිධානයට ඊළම ලැබුනොත් එය දකුණු ඉන්දියාව වෙන් වීමේ පළමු පියවර බව කල් තියා වටහාගෙන තිබුණි.

[4]. ඉතා සුළු සිද්ධි හේතු කොටගෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග 2014 අග භාගයේදී සුළු හිත් අමනාප කම් ඇති කර ගත් ඉන්දියානු රජය පසුව වත්මන් යහපාලන ආණ්ඩුවට සහය දුන්නේය. අවසානයේදී සිදුවූයේ යහපාලනය විසින් චීනයට හම්බන්තොට වරාය සින්නක්කරව දීමත්, එය ඉන්දියානු ආරක්ෂාවට තර්ජනයක් විය යැකි මට්ටමට පැමිණීමත් ය. ඉදිරියේදී යහපාලනය විසින් ඉන්දියාවට එක්ටා දුනහොත්, ඊට හිලව් ලෙස හම්බන්තොටින් අක්කර 15000 ක් චීනයට දී චින්නුන් අති විශාල ප්‍රමාණයක් ‍රැකියා සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. එයද අවසානයේදී ඉන්දියානු ජාතික ආරක්ෂාවට දැඩි අවදානමකි.

[5]. ඇමරිකාව, ඉන්දියාව, චීනය ආදී හැමෝමව සතු‍ටු කරන්න හදන යහපාලන නගර සෝභිනියට වඩා, කාවවත් සතු‍ටු නොකර තම අභිමානය ‍රැක ගන්නා කොන්ද පන ඇති නායකයා වඩා යහපත් බව ඉන්දියාව තේරුම් ගෙන ඇති බව ආචාර්ය ස්වාමිගේ ප්‍රකාශයෙන් පැහැදිළි වෙයි. ජාත්‍යන්තරය මත යැපෙන යහපාලන නායකයන්ට ආචාර්ය ස්වාමිගේ ප්‍රකාශය මරු පහරකි.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.