Mahinda Rajapaksa: බ්‍රිගේඩියර්වරයා සම්බන්ධයෙන් ඇමති හරීන්, මහින්ද මැතිඳුන්ට ගහන මඩ බොරු බවට සනාථ කරන සාක්ෂි

Thursday, February 8, 2018

බ්‍රිගේඩියර්වරයා සම්බන්ධයෙන් ඇමති හරීන්, මහින්ද මැතිඳුන්ට ගහන මඩ බොරු බවට සනාථ කරන සාක්ෂි

[1]. ඇමති හරීන් ෆනෑන්ඩු 2018 පෙබරවාරි 7 දා බදුල්ලේ සිය පක්ෂ කාර්යාලයේදී මාධ්‍ය අමතමින් ප්‍රකාශ කර ඇත්තේ පසුගිය දා ලන්ඩන් හි කොටි බල බිඳූ ප්‍රියංක ෆනෑන්ඩු මහතා, 2010 මැතිවරණ කාලයේදී සරත් ෆොන්සේකාගේ කාලයේ මුල්ලන්කෝවිල් කියන කඳවුරේ කමාන්ඩින් ඔෆිසර් හැටියට කටයුතු කළ බවත්, එහිදී දේශපාලන හේතුවක් මත ඔහුගේ වැඩ තහනම් කළ බවත් ය.

 

[2]. නමුත් එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයකි. එම ප්‍රකාශය අසත්‍ය බවට සනාථ කරන පිළිගත් මූලාශ්‍ර එකින් එක පහත දැක්වේ.

(i). ගැමුණු හේවා බල ඇණිය වෙබ් අඩවියේ දැක්වෙන පරිදි ප්‍රියංක ෆනෑන්ඩු මහතා 2010.03.01 සිට 2013.04.11 දක්වා කර්නල් ධුරය මෙන්ම රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක ධූරයද හොබවා ඇත.  [ආකයිව් කළ මූලාශ්‍රය.] වැඩ තහනම් වූ කතාව එතනින්ම බොරු වෙයි.



( යුද හමුදා protocol අනුව ඉහත වෙබ් අඩවිය host කර ඇත්තේ IP එකකින් වන අතර එහි වෙබ් ලිපිනය http://222.165.180.163/highlanders/si/si-centr-comdt . වෙබ් අඩවියේ නිරවද්‍යතාවය තහවුරු කරගැනීමට අවශ්‍යනම් යුද හමුදා නිල වෙබ් අඩවියේ http://www.army.lk/highlanders/ වෙබ් ලිපිනය වෙත පැමිණ එහි "History" මෙනුවෙන් "Former Centre Commandants" ‍තෝරන්න. )

සරත් ෆොන්සේකා දූෂිත හයිකොප් ගණුදෙනුව සම්බන්ධයෙන් යුද හමුදාව විසින් යුධ අධිකරණයට ගෙන ගියේ 2010/02/08 වන දිනයි.  ඉහත දැක්වූ හමුදා වෙබ් අඩ්වි මූලාශ්‍රයට අනුව ප්‍රියංක ෆනෑන්ඩු මහතා 2010.03.01 සිට 2013.04.11 දක්වා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක ධූරයේ බලතල දරා ඇත.

දේශපාලන හේතුවක් මත වැඩ තහනම් කළ නිලධාරියෙකුට ඉන් ටික කලකට පසුව සේනාවිධායක ධූරයක් ලැබෙන්නේ නැත.

හමුදා උසස්වීම් අනුමත කරන්නේ ආරක්ෂක ලේකම් වරයාගේ නිර්දේශ පරිදි විධායක ජනාධිපතිවරයා විසින් ය. සරත් ෆොන්සේකා සිදුවීමෙන් මසකට පසුව 2010.03.01 ප්‍රියංක ෆනෑන්ඩු මහතා ගැමුණු හේවා බල ඇණියේ සේනාවිධායක ධූරයට උසස් වීම මගින් ප්‍රියංක ෆනෑන්ඩු මහතා සහ සරත් ෆොන්සකා අතර කිසිදු දේශපාලන සම්බන්ධයක් නැති බවත් සනාථ වේ.

ඉහත දැක්වූ හමුදා වෙබ් අඩ්වියේ දැක්වෙන පරිදි 2013.04.11 දක්වා කර්නල් ධූරය හෙබවූ ප්‍රියංක ෆනෑන්ඩු මහතා, ඉන් අනතුරුව බ්‍රිගේඩියර් ධූරයට උසස්වීම් ලබා ඇත්තේත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතිනි.

එමගින්ම හරීන් ෆනෑන්ඩුගේ බොරුව හසු වෙයි. ප‍ටු දේශපාලන මඩ ගැසීමක් සඳහා හරීන් ෆනෑන්ඩු සිදුකර ඇත්තේ රටේ විනයානුකූල හමුදා නිලධාරියෙකුට බරපතල අපහාසයකි.

 

(ii). මහින්ද චින්තන වැඩපිළිවෙළ යටතේ යුද්ධයෙන් අනතුරුව හමුදාව විසින් සිදුකළ උතුරේ ජනතාව නැවත පදිංචි කිරීම ආදී කටයුතු වල නායකත්වයටද ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුදැනුමෙන් බ්‍රිගේඩියර් ප්‍රියංක ෆනෑන්ඩු මහතාව යොදවා ඇත.

පහත දැක්වෙන්නේ 2013-08-03 දින Civil Military Coordination වෙබ් අඩවියේ පළ වූ වාර්තාවකි. මෙයට අනුව 2013 වෙද්දී ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිර්දේශ පරිදි ප්‍රියංක ෆනෑන්ඩු මහතාව 511 බ්‍රිගේඩයේ කමාන්ඩර් ලෙස උසස්වීම් ලබා ඇත. [මූලාශ්‍රය]
Divisional Secretary Nallur Mr. P. Senthilnanthanan, General Officer Commanding 51 Division Brigadier Chula Abeynayake, Commander 512 Brigade Colonel Ajith Pallawala, Commander 511 Brigade Colonel Priyanka Fernando and the beneficiaries also attended the functions.

සම්පූර්ණ විස්තරය සහ පින්තූර: http://www.cimicjaffna.com/Cimicnews_2013_08_03.php

එසේම Reconciliation and Rights Sri Lanka වෙබ් අඩවියට අනුව ප්‍රියංක ෆනෑන්ඩු මහතා 2014 පෙබරවාරියේදීත් යුද හමුදාවේ ඉහල නිලතල දරා ඇත.

 

[3]. එජාපයේ මඩ මෙහෙයුම භාරව සිටින හරීන් ෆනෑන්ඩු පවසන පරිදි මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගේ කාලයේදී බ්‍රිගේඩියර් ප්‍රියංක ෆනෑන්ඩු මහතාගේ වැඩ තහනම් වූ බවට කරන ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බවත්, ඒ කාලයේදීත් ප්‍රියංක ෆනෑන්ඩු මහතා රට වෙනුවෙන් විශාල මෙහෙවරක් සිදු කළ බවත් ඉහත මූලාශ්‍ර වලින් පැහැදිළි වේ.


[4]. පහත දැක්වෙන්නේ එම සිදුවීම ගැන මහින්ද රාජපක්ෂ මැතිතුමා කරන ලද ප්‍රකාශයකි.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.