චීන තානාපතිවරයා සහ මහින්ද රාජපක්ෂ මැතිතුමා අතර විශේෂ හමුවක්!

චීන තානාපති cheng xueyuan මැතිතුමන් හා මහින්ද රාජපක්ෂ මැතිතුමන් අතර විශේෂ හමුවක් හිටපු ජනාධිපති නිල නිවසේදී සිදුවිය.අතීතයේ සිට පැවති චීන ශ්‍රී ලංකා සබදතා පිළිබදවත් වත්මන් රජය සමග චීන රජය එලබි ගිවිසුම් පිළිබදවත් අවධානය යොමු කළ මහින්ද රාජපක්ෂ මැතිතුමන් තම රටේ ජනතාවට හානියක් සිදු නොවන පරිදි ඉඩම් සංවර්ධන කටයුතු කරන ලෙසත් රජය සිදු කරන ජනතා විරෝධී ඉඩම් ගනුදෙනු ප්‍රතික්ෂේප කරන ලෙසත් චීන තානාපති වරයාගෙන් විශේෂ ඉල්ලීමක් ද මෙහිදී සිදු කෙරෙනි.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  • 654
  •  
  •  
  •  
  •  
    654
    Shares

2 comments to චීන තානාපතිවරයා සහ මහින්ද රාජපක්ෂ මැතිතුමා අතර විශේෂ හමුවක්!

  • Guardian

    යහපාලන ආණ්ඩුව පැමිණි මුල් කාලයේදීම චීනය සමඟ හිත් අමනාපකම් ඇති කර ගැනීමත් සමඟ චීනය අපේ රට සමඟ සිදු කරගෙන ආ ගණුදෙනුමය හා ප්‍රතිපත්තිමය තීරණ වලදී යම් දරදඩු තීරණ වලට එළඹීමට ඔවුනුත් උත්සහ ගත් බවක් පසුගිය කාලයේදී හොඳින්ම දැක ගැනීමට හැකි වූ කරුණකි. එහෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් මෙරට රාජ්‍ය පාලනය දරන සමයේදී චීන රජය සමඟ පැවැත්වූ සාමකාමී හා දැඩි මිත්‍රත්වය නිසාවෙන් චීන රජය හරහා ශ්‍රී ලංකාවට බොහෝ සෙයින් ආදායම් උපදවාගත හැකි අති දැවැන්ත ව්‍යාපෘති සඳහා උදව් උපකාර ලැබුණු බව නොරහසකි. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් එසේ චීන රජය සමඟ ඇතිකර ගත් පෙර නොවූවිරූ මිත්‍ර සබඳතා නිසාවෙන් අද ලංකා රජයට හා ලක් ජනතාවට ලැබී ඇති සම්පත් බොහෝය.එ් අතරන් නොරොච්චෝල ගල් අඟුර විදුලි බලාගාරය සහ දක්ෂිණ අධිවේගී මාර්ගයට සුවිශේෂි තැනක් සේම, අද වන විට අති දැවැන්ත ලාබයක් උපයන ව්‍යාපෘතියන් බවට පත් වී අවසන්ය.එනිසා චීනය සමඟ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් පැවැත්වූ සමීප සබඳතා නිසාවෙන් චීන රජය අදටත් එතුමන් සමඟ සබඳතා පැවැත්වීමට ඉතා කැමැත්තෙන් පසුවන බව මේ හරහා පැහැදිලිවම ඔප්පු වන කරුණකි.

  • Ex-JVPer

    චීනය අපේ සැබෑ මිතුරා! අද චීනය පස්සෙ යන යුන්පී නායක් රැල චීන නායකයන්ට කළ මදිපුන්චිකම්වලට අද රට ම වන්දි ගෙවනව! අද චීනය යුන්පී නායක්යන්ගෙ බෙල්ලෙන් අල්ලල කටවල් බිම අතුල්ලනව! මුන්ගෙ අහන්කාරකම කොච්චරද කියනව නම් යහපාලනය බලය ගත්තගමන් ම අර ස්ත්‍රී-පුරිෂ නොවන අවමන්ගල බෙයිජින් නුවර ලන්කා තානාපති බිමේ ඉඳන් ම චීන පාලනය විවේචනය කරමින් පුවත්පත් සාකච්චාවක් තිබ්බ! මේ මෝඩ පිරිස දන්නෙ නැහැ බටහිර නායකයොවත් ඒ විදිහට චීනයට ප්‍රහාර එල්ලකරන්නෙ නැහැ! ෂැන්හයි ඉන්වෙස්ට්මන්ට් බැන්කුව චීනය විසින් ආරම්භකළ අවස්තාවෙ අමෙරිකාව ජර්මනිය, ප්‍රන්සය, ඉතාලිය, එන්ගලන්තය යන රටවලින් ඉල්ලුව ඊට බැඳෙන්ඩ එපා කියල! ඒත් ඒ රටවල් 4 ම එහි සාමාජිකත්වය ගත්ත! ඒත් අපේ බූරු උන්නැහැල චීනයට බැණල අමෙරිකාවෙ පස්ස ලෙව්වා! ඒ උනාට ලැබුණු දෙයක් නැහැ! මහින්ද මහත්තේල බුද්දියෙන් ඔය ගැටලු විසඳාවි!

Leave a Reply