25% කාන්තා නියෝජනය වෙනස් කරන්න යයි. පොහොට්‍ටුවේ නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට පිළිතුරු.

[1]. කාන්තා නියෝජනය 25% ක් පළාත් පාලන ආයතන වලට අත්‍යවශ්‍ය නොවන බවට හැඟවෙන ආකාරයේ ප්‍රකාශයක් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය විසින් සිදුකර ඇත. එම ප්‍රකාශය අද දින (2018/02/20) මව්බිම පුවත්පතේ 5 පි‍ටුවේ මෙලෙස පළ විය.

 

[2]. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහරගම නාම යෝජනාවේ එක කාන්තා අපේක්ෂිකාවකේ නම ඉදිරියේ පිරිමි ලෙස වැරදියට සටහන් කර තිබීම නිසා සම්පූර්ණ නාම යෝජනාවම ප්‍රතික්ෂේප කෙරුණි. හේතුව ලෙස දැක්වූයේ එවිට 25% කාන්තා නියෝජනය නැති බවයි. එය අත්වැරදීමක් මිස කූඨ ලේඛන සැකසීමක් නොවන බව හොඳාකාරවම පෙනේ.

 

[3]. රටේ ප්‍රධාන පක්ෂයක නාම යෝජනාව පවා ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ 25% කාන්තා නියෝජනයේ ගැටලුව, දැන් එතරම් ප්‍රශ්නයක් නොවන බව පෙන්වමින් සංශෝධනය කරන්නට හැදීමෙන්ම යහපාලනයෙන් කාන්තාවන්ට ලබා දෙන තැන පැහැදිළි වෙයි. එසේම ප්‍රායෝගික ගැටලු අනුව 25% කාන්තා නියෝජනය සංශෝධනය කරනවා කීවද, ප්‍රායෝගික ගැටලු අනුව නාම යෝජනාවේ සිදුවූ අත් වැරදීමක් නිවැරදි කිරීමට එදා ඉඩ නොදීම මගින් මැතිවරණ කොමිසමේ ස්වාධීන භාවය වටහා ගත හැකියි.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

3 comments to 25% කාන්තා නියෝජනය වෙනස් කරන්න යයි. පොහොට්‍ටුවේ නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට පිළිතුරු.

  • Guardian

    මෛත්‍රී පුළුවන්ද බැරිද..Youtube නාලිකාවක් කළ ජනමත විමසුමක් මෙන්න..

    👉 Video

  • Ex-JVPer

    මැතිවරණ ප්‍රතිපල වන්චාවක් සිදූනේ නැද්ද? ඇයි සියලු දෙනාම නිහඬ?
    අර ඡන්ද 20000 ක අඩුවක් සහිත නිකුත්කළ ප්‍රතිපලය ගැන සියලු දෙනාම නිහඬ ඇයි?
    තැපැල් ඡන්ද ගැන්නේ නැද්ද? ඒ ප්‍රතිපල නිකුත් නොකළේද?
    තවම අවසන් ප්‍රතිපලය නොදෙන්නේ මන්ද?
    මහින්ද මහතාට %55 කට වැඩිය ලැබුණු ඡන්ද 45 දක්වා අඩුකළාද?
    ඉක්මනින් ප්‍රතිපල නිකුත්කළ හැකිව තිබියදී ප්‍රමාද වූයේ ඇයි?
    මැතිවරණ කොමසාරිස් සුනන්ද දේශප්‍රියගේ මල්ලි නෙද?
    ජනපතිවරණයේදී මහින්ද මහතාගේ කිරිඅම්මා දානය පවා තහනම්කළ ඔහු
    මහමැතිවරණයේදී රවිට ඡන්ද තුරුම්පු ලෙස ප්‍රසිද්දියේ බඩු මිල අඩුකරන්නටත්,
    එය යුන්පී රැළියේදී ප්‍රකාශ කරන්නටත් ඉඩදී බලාසිටියා නෙද?
    ජනතාව මෙම සියලු ප්‍රශ්න අසනවා!

  • NAK

    Now that it is clearly evident that Mahinda Deshapriya the ‘MACO’is not independent or impartial all the results from the 2015 Jan 08 are suspect. Through out he has shown that he is readily against Mahinda Rajapakse and partial to the yahapalanaya and the JVP Soon he should be made to face the music for abusing his authority.

Leave a Reply