මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ අන්තර්ජාල ජනප්‍රියත්වය ඉහළටම, Google, FaceBook, YouTube වාර්තා ලොවටම හෙළි කරයි.

[1]. මෙවර පළාත් පාලන මැතිවරණයේදී මනාප ක්‍රමය නොමැති නිසා ජනතාව ඡන්දය දෙන්නේ ප්‍රාදේශීය අපේක්ෂකයන් කවුදැයි බැලීමෙන් නොව දේශපාලන පක්ෂය සලකා බලමිනි. ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයන්හි ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරීත්වය තීරණය වන්නේ එහි නායකයා අනුව නිසා මෙවර මැතිවරණය පැහැදිළිවම ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයින් අතර තරගයක් බවට පත්ව තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ වැඩියෙන්ම පිවිසෙන Google, FaceBook සහ YouTube යන ප්‍රධානතම අන්තර්ජාතික වෙබ් අඩවි වලින්, ප්‍රධාන දේශපාලන නායකයින් 3 දෙනාගේ ජනප්‍රියත්වය පිළිබඳව හෙළි වන ජනමතය මේ ආකාරයෙන් ඔබ වෙත තබමු.

 

[2]. Google Trends
Maithripala Sirisena , Mahinda Rajapaksa , Ranil Wickramasinghe යන නම් (ඔවුන්ගේ විකීපීඩියා පි‍ටුවල සඳහන් පරිදි) යොදා පසුගිය දින 30 තුළ ගූගල් ට්‍රෙන්ඩ් දෙස බැලීමෙන් දිස් වන්නේ පහත පරිදි ප්‍රස්තාරයකි.

මහින්ද රාජපක්ෂ මැතිතුමන් කෙරෙහි ජනතාවගේ විශාල අවධානයක් යොමුව ඇති බව මෙමගින් පෙනී යයි. මෙම යොමුවෙන් ඔබටම එය පරීක්ෂා කිරීමට හැකියි. https://trends.google.com/trends/explore?date=today%201-m&q=Maithripala%20Sirisena,Mahinda%20Rajapaksa,Ranil%20Wickramasinghe

 

[3]. FaceBook
(i). ෆේස්බුක් වෙබ් අඩවියේ සිදුකරන ලද විශාලතම සමීක්ෂණය  UPFA පි‍ටුවෙන් කර තිබේ.

එයට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්ද 12425 කුත්, ජවිපෙට ඡන්ද 5913 කුත්, එජාපයට ඡන්ද 5430 කුත්, ස්වාධීන පක්ෂ වලට ඡන්ද 540 කුත්, ශ්‍රීලනිප යට ඡන්ද 519 කුත් ලැබී තිබේ. ඒ අනුව විරුද්ධවාදී පක්ෂක Facebook පි‍ටුවකින් කළ සමීක්ෂණයකිනුත් පොහොට්‍ටුවට 50.05% ක ඡන්ද ප්‍රතිශතයක් ලැබී තිබේ.

ශ්‍රීලනිපයට වඩා ස්වාධීන කණ්ඩායම් වලට ජනප්‍රියත්වයක් තිබීමත්, එජාපය 3 ට වැටීමත් සැලකිය යුතුය. කෙසේ නමුත් ආණ්ඩුවට එරෙහිව එල්ල වෙන චෝදනාවන්ට පිළිතුරු දීමෙන් වැළකීම සඳහා බොහෝ එජාප පාක්ෂිකයන් යොදා ගන්නා උපක්‍රමයනම් තමන් ජවිපෙ බව පැවසීමයි.

පසුගිය ජනාධිපතිවරණයේදී එය මෛත්‍රීපාල සිරිසේන පාර්ශවය විසින් අත් පත් කර ගත් Facebook පි‍ටුවක් වන අතර කාලයක සිට අති විශාල මුදලක් යොදා පළකිරීම් boost කරමින් මහින්ද රාජපක්ෂ මැතිතුමාට මඩ ගැසීමට භාවිතා කළ එකක් වීම විශේෂයි. තවදුරටත් මඩ ගැසීම මගින් සිදුවන්නේ ඔවුන්වම ජනතාවගේ පිළිකුලට ලක් වීම බව ඔවුන් දැන්වත් තේරුම් ගෙන ඇතැයි සිතමු. එකී ඡන්ද විමසීම https://www.facebook.com/slupfa/posts/10155851197821259

 

[4]. YouTube
(i). YouTube හි පළ වූ ප්‍රධාන දේශපාලන නායකයින් 3 දෙනාගේ දෙරණ 360 වීඩියෝ වලට ප්‍රතිචාර.

මහින්ද රාජපක්ෂ මැතිතුමාට ලැබී ඇති ලයික් ප්‍රමාණය  1000 ක් ලෙස වටයා තිබුණත්, එහි පහත ඇති නිල් ඉර මත කර්සරය තැබීමෙන් 1671 ක් Like වැටී ඇති බව පෙනේ.

හිටපු ජනාධිපතිවරයා සහභාගී වූ 360 මෙතනින් , වත්මන් ජනාධිපතිවරයා සහභාගී වූ 360 මෙතනින් , අගමැතිවරයා සහභාගී වූ 360 මෙතනින්

 

(ii).  YouTube හි පළ වූ ප්‍රධාන දේශපාලන නායකයින් 3 දෙනාගේ හිරු ටීවී සලකුණ වැඩසටහනට ජනතා ප්‍රතිචාර.

හිටපු ජනාධිපතිවරයා සහභාගී වූ වැඩසටහන මෙතනින්.. ජනාධිපතිවරයා සහභාගී වූ වැඩසටහන මෙතනින්.. අග්‍රාමාත්‍යවරයා සහභාගී වූ වැඩසටහන මෙතනින්.

 

[5]. ඉහත වාර්තා සියල්ලම මැනවින් අධ්‍යයනය කළ විට ඔබට පෙනී යනු ඇත්තේ, මේ වන විට අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ අන්තර්ජාල ජනප්‍රියත්වය ඉතාමත් ඉහළින් ඇති බවයි. 2015 ජනාධිපතිවරණය කාලයේදී එතුමන්ට එරෙහිව එක පිට එක සාහසික මඩ අවලාද අන්තර්ජාලයේ ප්‍රචාරය විය. ඒවාට ප්‍රතිචාර දක්වන්නට ව්‍යුහයක් එවකට නොතිබුණි.  එනිසාම පාක්ෂිකයන් අන්තර්ජාලයේ අසරණ වී සිටියෝය. අද වන විට සමාජ මාධ්‍යයන්හි එතුමන්ට මඩ ගහන්නට එන කුලී මඩකරියන් “comments” සිය ගණනකින් හොඳවයින් අහගෙන සිය ෆේක් ප්‍රොෆයිල් “ban” කර ගන්නා තත්ත්වයක් උදා වී තිබේ. මෙවන් පරිවර්තනයක් ඇති වූයේ සමාජ මාධ්‍ය භාවිතා කරන මහින්ද පාක්ෂික ඔබ සැම සත්‍යය ‍රැක ගැනීම වෙනුවෙන් දිවා රෑ වෙහෙසෙමින් සිදුකළ නොනිමි අරගලයේ ප්‍රතිඵලයක් ලෙසටයි. ඒ වෙනුවෙන් එතුමන් සමාජ මාධ්‍ය වලින් සහය දෙන ඔබ සැමට හෝමාගම අවසන් ‍රැළියේදී ස්තුති කළේ ය.

 

[6]. ඉහත දැක්වූ සමීක්ෂණ වාර්තා වල විශේෂතාවයන් නම්,
(i). ශ්‍රී ලංකාවේ සමහර වෙබ් අඩවි වලින් කරන මැතිවරණ සමීක්ෂණ මෙන් වෙබ් අඩවි හිමිකරු විසින් ප්‍රතිඵලය ව්‍යාජ ලෙස වෙනස් කිරීමේ අවදානමක් නැති වීම.
(ii). ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම වෙබ් අඩවි 3 න් සිදුවූ සමීක්ෂණයක් නිසා අන්තර්ජාලය පුරාවටම ආවරණය වීම
(iii). කෙසේ නමුත් ප්‍රතිඵලය අන්තර්ජාලය තුළ දේශපාලන වශයෙන් සවිඤ්ඤාණික ජනතාවගේ ජන මතය නියෝජනය කරන්නක් පමණක් වීම.
(iv). අන්තර්ජාලය භාවිතා නොකරන අනෙකුත් ශ්‍රී ලාංකිකයන්ගේ ජනමතය ඉහත සමීක්ෂණ ප්‍රතිඵල වලින් නියෝජනය නොවීම.

එනිසා පෙබරවාරි 10 වන දා අනෙකුත් සියලුම වැඩ පසෙක තබා උදෑසනම ඡන්ද පොළට ගොස් රට වෙනුවෙන් අපගේ යුතුකම ඉ‍ටු කරමු.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  • 1.2K
  •  
  •  
  •  
  •  
    1.2K
    Shares

4 comments to මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ අන්තර්ජාල ජනප්‍රියත්වය ඉහළටම, Google, FaceBook, YouTube වාර්තා ලොවටම හෙළි කරයි.

  • jayamal

    https://www.youtube.com/watch?v=5GXikZJo0bc

    සිහින සැබෑ වෙන හෙට දිනයේ
    මුවඟ සිනා මල් පිබිදෙන්නේ
    අලුත් ලොවක හිරු පායන්නේ
    ඔබයි රටට ජීවය දෙන්නේ..

    අඳුර නිමාවෙන හෙට දිනයේ
    අපට සිනා ගෙන ඔබ එන්නේ
    උපන් බිමට ණය නැති මිතුරේ
    ඔබයි රටට ජීවය දෙන්නේ..

    සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්…ඔබ සැමට තනමු අපි අලුත් ලොවක්..
    සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්…අත් නොහැර රකිමු අපි පෙරට ඇවිත්

  • jayamal

    https://www.youtube.com/watch?v=tASG1PianIA

    විකසිත කරලමු නෙලුම් පොහොට්ටුව බැඳී සිටිමි මිතුරේ
    අන් අයගේ හිස් කතා ඉවත හැර දැය නංවමු පෙර සේ..

    මව්බිම වෙනුවෙන් ජීවය දෙන්නට ජන හදවත් අතරේ
    මහින්ද නාමෙන් පිපෙන නෙලුම් මල් සුවඳ කරා විසිරේ..

    ඉතින් කතා ඇති පෙරට ඇවිත් අපි රට නඟමූ සවියෙන්..

    අනාගතේ මතු පරපුර වෙනුවෙන් එකම රටක් සුසැදී
    දැයේ නෙලුම් මල් පිපී සුවඳ දෙයි ජන හද තුල ඉපදී..

    • sayumi

      පොහොට්ටුවට ජය වේවා !!! අපේ මහින්ද මැතිඳුන්ට ජයෙන් ජයම වේවා !!! මගේ රටට ජය වේවා!!! දැනට ඇවිත් තියෙන ප්‍රතිඵල අනුව අපේ ජය නියත බව හොඳින්ම පැහැදිලියි. අනේ ජයමල් මට හරිම සතුටුයි !!! ජයමල්, පවර් සොයුරා, රටවෙනුවෙන් සොයුරා ඇතුලු අපේ හිතවත් සැමටත් ජයෙන් ජයම වේවා!!!

Leave a Reply