රජයේ සමික්ෂණ වාර්තාව අනුව ආණ්ඩුව අති බහුතරයකින් පරාජය වෙන බව ශ්‍රීලනිපය ප්‍රකාශ කරයි.

[1]. මැතිවරණයක් ළං වෙන විට ඕනෑම ආණ්ඩුවක් විසින් මැතිවරණයේ ජය පරාජය කාටදැයි රාජ්‍ය සමීක්ෂණ අංශ විසින් සොයා බලයි. ඒ සඳහා ප්‍රධාන වශයෙන් යොදා ගන්නේ “රාජ්‍ය බුද්ධි සේවය” වේ.

 

[2]. ඕනෑම පක්ෂයක මූලස්ථානයේදී පවත්වන මාධ්‍ය හමුවලදී එහි විධායක නියෝජිතයන් සිදුකරන ප්‍රකාශ එකී පක්ෂයේ නිල මතය ලෙස හැඳින්වේ. වත්මන් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන් මහතා 2018/02/03 දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී [මූලාශ්‍රය] පැවැති මාධ්‍ය හමුවේදී පැවසූයේ පහත පරිදි යි. (එය Hiru News නිල YouTube පි‍ටුවේ පළ වී තිබේ.)

“අපේ සමීක්ෂණ අනුව මේ රටේ ජනතාව මේ තියෙන පාලනය මෙහෙම්මම යන එකටනම් එකඟතාවයක් නෑ, අති බහුතරයක්.” – සුසිල් ප්‍රේමජයන්ත්

 

 

[3]. මෙවර මැතිවරණයේදී ආණ්ඩු පක්ෂවල අරමුණ වත්මන් ආණ්ඩුව වෙනස් කර ගැනීම නොව, පළාත් පාලන ආයතන ජයග්‍රහණය කිරීමයි. එසේම ඔවුන් ආණ්ඩුවේ දැනට ඇති ජනමතය විකෘති කළ 2/3 බලයත් සහිතව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය දක්වා දිගටම ආණ්ඩුව කිරීමට බලාපොරොත්තු වේ.

උදාහරණ ලෙස ජනාධිපතිවරයාටත් ඉහළින් වත්මන් ආණ්ඩුවේ නායකයා ලෙස කටයුතු කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 2018/01/01 දින පැවසූයේ “මෙවර පාළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය වෙන්ව තරඟ කළත් මැතිවරණයෙන් පසු ආණ්ඩුව 2020 තෙක් පවත්වාගෙන යන බව” යි. [මූලාශ්‍රය1 , මූලාශ්‍රය2]

 

[4]. ඕනෑම ජනතාවක් තම ආණ්ඩු විරෝධය පෙන්වන්නේ නුදුරේදීම එන ඕනෑම මැතිවරණයකිනි. ජනතාවගෙන් අති බහුතරයක් වර්තමානයේදී පවත්නා ආණ්ඩුව මෙහෙම්මම යනවාට විරුද්ධනම් ඔවුන් මැතිවරණයේදී තම විරෝධය පෙන්වනු ඇත.

 

[5]. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රකාශයෙන් පැහැදිළි වන්නේ අදාල රාජ්‍ය සමීක්ෂණ වාර්තාවෙන් හෙළි වූ පරිදි “මේ තියෙන පාලනය මෙහෙම්මම යන එකට” එරෙහිව අති බහුතරයක් ජනතාව ඡන්දය ප්‍රකාශ කරන බව යි. මෙහි විශේෂත්වය නම්…

(i). අදාල ප්‍රකාශය ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයෙක් විසින් සිදුකිරීම.
(ii). ඔහු එජනිස හිටපු මහ ලේකම්වරයා මෙන්ම වත්මන් ශ්‍රීලනිප විධායක සභිකයෙක් වීම.
(iii). අදාල ප්‍රකාශය ශ්‍රීලනිප මූලස්ථානයේදී නිල වශයෙන් දැනුම් දීම.
(iv). අදාල ප්‍රකාශය මැතිවරණයට දින කිහිපයක් තියා ප්‍රකාශ කිරීම.
(v). පවත්නා රජයක් විසින් තම පරාජය වේලාසන පිළිගැනීමේ පළමු අවස්ථාව මෙය වීමට හැකි වීම.

 

[6]. එසේම එතුමා පසුව පවසන “වෙනසක් කරනවානම් කරන්න පුලුවන් ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයාට පමණයි.”  නැමති ප්‍රකාශය හිත හදා ගැනීමට සිදුකරන ප්‍රකාශයකි. ඊට හේතු නම්, ශ්‍රීලනිපය පවසන පරිදිම ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුව අති බහුතරයකින් පරාජය වූ පසුව (එනම් පොහොට්‍ටුව අති බහුතරයකින් දිනූ පසුව)…

(i). ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිස තම තමන්ගේ දේශපාලන අනාගතය ගැන සිතා ‍රැල්ල තියෙන පැත්තට පනිනු ඇත. (පාර්ලිමේන්තු ඔලු මාරුව අපි පිළිකුල් කළද මේ ජරාජීර්ණ වූ දේශපාලනයේදී “බෙදුම්වාදී ව්‍යවස්ථාව ගෙන ඒමෙන් වළක්වා ගැනීම” ඇතුළු ප්‍රජාත්‍රන්තවාදය අනුව යමින් රට බේරා ගත හැකි වෙනත් ක්‍රමයක් නැත).
(ii). එසේම ඊළඟ පාර්ලිමේන්තුවට පත්වීමට එජාපයෙන් බැරි බව තේරුම් ගන්නා එජාප මන්ත්‍රීවරුන් පිරිසක් ද පොහොට්‍ටුවට එනු ඇත.
(iii). ජන මතයක් නොමැති ආණ්ඩුවකට වැඩ කරන්නට රාජ්‍ය නිලධාරීන් අකමැති වෙනු ඇත.
(iv). ජනමතයක් නැති ආණ්ඩුවේ නියෝගය පිළිගන්නට ආරක්ෂක අංශ අකමැති වෙනු ඇත.
(v). ජනමතයක් නැති ආණ්ඩුවකට ණය දෙන්නට ජාත්‍යන්තරය අකමැති වෙනු ඇත.
(vi). ජනමතයක් නැති ආණ්ඩුවක් සමග ගීවිසුම් ගැසීමට ආයෝජකයන් අකමැති වෙනු ඇත.

ශ්‍රීලනිපය පවසන පරිදිම ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුව අති බහුතරයකින් පරාජය වූ පසුව (එනම් පොහොට්‍ටුව අති බහුතරයකින් දිනූ පසුව) ආණ්ඩුවට ඇති එකම විකල්පයනම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමයි.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

1 comment to රජයේ සමික්ෂණ වාර්තාව අනුව ආණ්ඩුව අති බහුතරයකින් පරාජය වෙන බව ශ්‍රීලනිපය ප්‍රකාශ කරයි.

  • Kumudu

    රාජ්ජ බුද්දි අංසය තියෙන්නෙ රටේ ආරක්සාව ගැන තීරන ගන්නනේ. ඒ නිසා එය යොදාගෙන චන්දයෙන් දිනන්නෙ කවුද කියල හොයන එක රජයේ සම්පත් වැරදි විදිහට යොදා ගැනීමක් නෙමෙයිද??? දන්නෙ නැති නිසයි අයන්නෙ.,,,

Leave a Reply