කිරින්දේ විතරක් ඡන්ද 10155 ක් අතුරුදන්. ගිය පාරත් වුණේ මේකම නොවේද…

[1]. පහත දැක්වෙන්නේ කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලයයි. මෙය මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ පළවූවකි. [ආකයිව් කරන ලද මූලාශ්‍රය1 , මූලාශ්‍රය2]

[2]. රජයේ නිල ප්‍රවෘත්ති වෙබ් අඩවිය වන news.lk හිත් එම ප්‍රතිඵලයම පළ වී ඇත. [ආකයිව් කරන ලද මූලාශ්‍රය]

 

[3]. ඉහත ප්‍රතිඵලයේ ඇති ගැටලු සහගත බව ප්‍රශ්න කරමින් දෙරණ මාධ්‍යවේදී චතුර අල්විස් මහතාද සිය ෆේස්බුක් පි‍ටුවේ මේ ගැන පළ කර තිබුණි. [මූලාශ්‍රය]

[4]. වලංගු ඡන්ද ප්‍රමාණය යනු සියලුම පක්ෂ ලැබූ මුළු ඡන්ද සංඛ්‍යාවේ එකතුවයි. එනම්  8621 + 3417 + 928 + 818 + 109 = 13893

නමුත් ප්‍රතිඵල සාරාංශයේ දැක්වෙන්නේ වලංගු ඡන්ද ප්‍රමාණය ලෙස 24048 කි.

ප්‍රතිඵල දෙකේ වෙනස බලන්න. ඡන්ද 10155 ක් අතුරුදහන්.

මැතිවරණ ප්‍රතිඵල ගණනය කිරීමේදී පළමුව නිල නොවන ලෙසටත් ලැබෙන්නේ ප්‍රකාශිත ඡන්ද, ප්‍රතික්ෂේපිත ඡන්ද, සහ ඒ අනුව වලංගු ඡන්ද ප්‍රමාණය යි. ඒ අනුව වලංගු ඡන්ද 24048 නිවැරදි අගය ලෙස සැලකීමට සිදුවේ. අනික් අතට මැකො මහින්ද දේශප්‍රිය මහතා පවසන පරිදි ලියාපදිංචි ඡන්ද දායකයින් 32740 ක් සිටීමත්, සෑම ප්‍රදේශකයින්ම පාහේ 75% ක් වැනි ප්‍රමාණයකින් ඡන්ද ප්‍රකාශ වීමත් සලකා බලන විට වලංගු ඡන්ද ප්‍රමාණය 24048 ක් කීම ප්‍රායෝගික අගයක් බව පෙනේ.

 

[5]. මෙවර මනාප ගණන් කිරීමට සිදු නොවීමත්, ඡන්ද ප්‍රකාශිත ප්‍රත්‍රිකාව ඉතාමත් කුඩා එකක් වීමත්, අදාල ඡන්ද මධ්‍යස්ථානයේදීම ගණන් කිරීමත් නිසා ඉතාමත් සුළු කාලයක් තුළ ඡන්ද ගණන් කිරීම අවසන් විය. ඒ අනුව නිල නොවන ප්‍රතිඵල අන්තර්ජාලයේ පළ වුණි. නිල ඡන්ද පරක්කු වීමට හේතු, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා දැක්වූයේ මෙලෙසයි.

ඔහු පවසන පරිදිම පැය 6 කට අධික කාලයක් ගත කරමින් මෙසේ නැවත නැවත පරීක්ෂා කර ඇති බැවින් ඉලක්කම් වැරදීමක් සිදුවිය නොහැකිය. 2000 ට කළින් මෙන් ප්‍රතිඵල නිකුත් කරන්නේ පොත් වල ලියමින් නොවේ, මේ සඳහා පරිගණක පද්ධතියක් ඇත.

අනෙක් අතට මැකො මහින්ද දේශප්‍රිය මහතා පවසන පරිදි එතරම් සුපරික්ෂාවකට ලක් වූවානම්, ඡන්ද 10155 ක් ඡන්ද අතුරුදන් වීම පිළිබඳව වගකීම ඔහුටත් දැරීමට සිදුවේ.

 

[6]. මැතිවරණ ප්‍රතිඵලය නැවත ගණනය කරන බව ජනමාධ්‍ය විසින් වාර්තා කර තිබේ.  [මූලාශ්‍රය] මැකො මහින්ද දේශප්‍රිය මහතා පළමුව පැවසූ පරිදි රාත්‍රී 8 වෙද්දී ප්‍රතිඵල නිත් කිරීම ඇරඹුවානම් නැවත ගණනය කරන්න අවශ්‍ය වුවහොත් එය අඩුම තරමින් රාත්‍රී 10 ටවත් කළ හැකි වේ. ඔහුගේ ප්‍රමාදය නිසා නැවත ගණන් කරන්නේ උදෑසන 4 ට පමණ ය. මේ වෙලාව ගණන් හැදීමට හෝ ගණන් කිරීමට හොඳ වෙලාවක් නොව, සාමාන්‍ය ජනතාවගේ දෑස් පියවෙන වෙලාවකි.

 

[7]. පසුගිය 2015 පාර්ලිමේන්තු මැතිවරණයේදීත් ඡන්ද මංකොල්ලයක් වූ බව සමාජ ජාල වල බොහෝ පිරිස් විසින් චෝදනා කරනු ලැබුණි. ඒවා ඇසුරෙන් අප ඒ දින වලම සිදුවු ඡන්ද මංකොල්ලය ගැන ලිපියක් පළ කළෙමු. www.mahinda.info/2015/08/election-result කෙසේ නමුත් එවකට එජනිස හි නායක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ස්වෙච්ඡාවෙන්ම පරාජය පිළිගත් බැවින් එය ඇපීල් කිරීමටවත් නොහැකි විය.

 

[8]. මෙලෙස ඡන්ද 10155 ක් අතුරුදහන් වීම ආණ්ඩුවේම හෝ ආණ්ඩුවෙන් පඩි ලබන සමහරුන්ගේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් දැයි සිතේ. පොහොට්‍ටුව ඉතා ඉහළින් ජයග්‍රහණය කර ඇති ප්‍රදේශ වල ඡන්දය අවලංගු කිරීම මොවුන්ගේ සැලසුම විය හැකිය.

 

[9]. පසුගිය ජනාධිපතිවරණයේදී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසූයේ “හොර ඡන්දය දමන අයගේ ඔළුවට ම වෙඩි තබන්න” යනුවෙනි. [මූලාශ්‍රය] . “දමා ඇති ඡන්ද හොරකම් කරන අයගේ ඔලුවටම වෙඩි තබන්න” යැයි නොකීමේ හේතුව අපට වැටහෙන්නේ අවුරුදු 3 කුත් ගතවීමෙන් පසුවයි.

 

[10]. 2015 ජනාධිපතිවරණයෙන් පසුව “ආයිත් ගණින්නකෝ” , “ටිකක් පරක්කු කරලා රිසාල්ට් දෙමුකෝ” වගේ කතා නොකියා මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා ජන මතයට හිස නමමින් උදේ ඉර පායන්නත් කළින් අරලිය ගහ මන්දිරයෙන් පිට වුණි. අනික් අතට 2015 පාර්ලිමේන්තු මැතිවරණයේදීත් ලද ප්‍රතිඵලයේ සැක සහිත භාවය ගැන කීමට බොහෝ කරුණු තිබියදීත් එහි එල්ලෙන්නේ නැතිව ජන මතයට හිස නමමින් එජාපයේ නින්දා අපහාස ඉවසමින් විපක්ෂ මන්ත්‍රීවරයෙක් වශයෙන් පාර්ලිමේන්තුවේ අසුන් ගත්තේ ය. මෙවරත් එතුමා ප්‍රතිඵල ප්‍රමාද වීම ගැන වචනයක් වත් නොකියා, සියල්ලන්ටම ස්තුති කරමින් ප්‍රකාශ කළේ “ඔවුන් එදා අපට කළ දේ ඔවුන්ට නොකර” සාමකාමීව ජයග්‍රහණය භුක්ති විඳින ලෙසටයි. [වීඩියෝව].  එදා සමහරුන් එතුමන්ට කළ “ඒකාධිපති” චෝදනාවන්ට ලබා දුන් නිහඬ පිළිතුරු කෙතරම් අපූරු ද…

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  • 1.3K
  •  
  •  
  •  
  •  
    1.3K
    Shares

1 comment to කිරින්දේ විතරක් ඡන්ද 10155 ක් අතුරුදන්. ගිය පාරත් වුණේ මේකම නොවේද…

Leave a Reply