රතුපස්වල ප්‍රතිඵලය හා එජාප-ජවිප විනාශය. (රතුපස්වල කියමින් ගහන මඩට පිළිතුරු.)

රතුපස්වල ඡන්ද කොට්ඨාශය පමණක් නොව, වැලිවේරිය හා බැලුම්මහර ඇතුළු ප්‍රදේශයේ සියළු ඡන්ද කොට්ඨාශ මෙවර ඉහළින් ම ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. එය අතිශය සංකේතාත්මක ජයක් බව ද කිව යුතුයි. මන්ද රතුපස්වල සිදුවීම අදාළ ප්‍රදේශයේ පමණක් නොව, මුළු රටේ ම මහින්දගේ ඡන්ද කැඩීම සඳහා එදා භාවිතා වූ ප්‍රධානතම ‘කතන්දරයක්’ වූ නිසාය. අද ද ඇතැමුන් එම වචනය කටපාඩමට මෙන් රාජපක්‍ෂ ආණ්ඩුවට එරෙහි ව භාවිත කරති. එහෙත් ඔවුන් ඒ සියළු දෙනාට දැන් රතුපස්වල ජනතාව විසින් ම නිසි පිළිතුරු ලබා දී තිබීම කොතරම් දෛවෝපගත ද?

කලක සිට මා හට පුද්ගලිකවම මෙම ප්‍රදේශයට යාමට කැමැත්තක් තිබූ අතර ඒ අනුව, එම ප්‍රදේශයේ ජනතාව විසින් ම සංවිධානය කර තිබූ ඡන්ද රැස්වීම රැසකම ජනතාව ඇමතීම සඳහා පසුගිය මැතිවරණ සමයේ අවස්ථාවක් ලැබුණි. ඒ බොහෝ අය අප සමග ප්‍රකාශ කළ පොදු කරුණක් විය. එනම් ප්‍රදේශයට බැහැරින් පැමිණි පිරිසක් විසින් තමා ‘ඇන්දූ’බවයි. අවසානයේ සිදු වූයේ තමන් රැකියා කළ හා ආයතනයට යමක් සපයා සරිකරගත් ආදායම ද ප්‍රශ්නගත රබර් කම්හල ඉවත් කිරීමෙන් පසු ඔවුන්ට අහිමි වූ බව ය. ඛේදය ඉන් අවසන් නොවීය. අදාළ රබර් කම්හල තායිලන්තයට ගෙන යාමට සිදු වීමෙන් රටට අහිමි වූ විදේශ මුදල් ප්‍රමාණය මුදලික් කෝටි ගණනකි. ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ජාතික පක්‍ෂය විසින් රාජපක්‍ෂ ආණ්ඩුවෙන් පළිගැනීම සඳහා කරන ලද ඒ ව්‍යාජ අරගලයේ ප්‍රතිඵල අද රතුපස්වල ජනතාව විසින් ඔවුන්ට පුංචි ඡන්දයේ දී ලබා දී ඇත. එහෙත්, ඔවුන් කළ ඒ පාපකර්මය එතෙකින් ගෙවා දැමිය හැකි ද?

උපුටා ගැනීම
//රුපියල් කෝටි 16 කට බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක් රථයක් මිලදී ගත් ධම්මික පෙරේරා හේලීස් සමාගම් සමූහයේ වැඩිම කොටස් ප්‍රමානයක් හිමි පුද්ගලයාය.හේලීස් සමූහ වියාපාරයට අයත් ඩීප් ප්‍රඩක්ට්ස් සමාගම රබර් කර්මාන්තයේ ලාංකික ප්‍රමුඛයෝ වූහ.ඔවුන් විසින් නිපදවන ලද රබර් අත්වැසුම් ලෝකය පුරා ශල්‍යාගාරයේ සිට මිදුල්,ගොවිපලවල් දක්වාම භාවිතා විය.

වැලිවේරිය ඩීප් ප්‍රඩක්ට් ආයතනයේ සේවක පිරිසක් 2013 මාර්තු මස වැඩවර්ජනයක් සිදුකලෝය.එය හේතුකරගෙන සේවකයින් 147ක් සේවයෙන් පහකර දමන ලදී.එම සේවක සටන යලි මතු වූයේ කර්මාන්ත ශාලාව නිසා ප්‍රදේශයේ ජල දූෂනයක් සිදුවෙනවා යන අමූලික අසත්‍ය වපුරවමිනි.වාම වාදය සමග අත්වැල් බැදගත් කොලපාට ධනවාදය සහ ඊලාම් වාදය විසින් එම අසත්‍ය ,ජල ප්‍රස්නයක් ලෙස ගොඩනංවා ජීවිත ගානක් බිලිගන්නා ලදී.ආන්ඩුව පැරදීම සදහා “වතුර ඉල්ලනකොට වෙඩි තිබ්බා ” යන සටන් පාඨයද නිමවාදුන්නේ ඒ මුසාවය. සටනේ අනෙක් ඛේදවාචකය වූයේ ලංකාවෙ රබර්වලින් නිමවා ලෝකයටම විකුනන ලද අත්වැසුම් වෙලදාම නිමකිරීමය.ඩීප් ප්‍රඩක්ට් ආයතනය රතුපස්වල සිය කර්මාන්තශාලාව වසාදමා,ඉන්පසු තම රබර් කර්මාතය ක්‍රම ක්‍රමයෙන් තාය්ලන්තයට ගෙන ගියේය.ඒ සමගම ලංකාවෙ රබර් වෙලදාමට අත්වූයේ බ්‍රිතාන්‍ය කාර්වෙලදපොලට අත් වූ ඉරණමය//

-සබරගමුව විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කඨිකාචාර්ය මහින්ද පතිරණ මහතාගේ ලිපියකි.-

“වෙනිග්‍රෝස් කර්මාන්තශාලාවෙන් නිකුත් කල වතුරෙන් රතුපස්වල ප්‍රදේශයේ භූගත ජලයට කිසිම බලපෑමක් නෑ” – යහපාලන ආණ්ඩුවේ යහපාලන මධ්‍යම පරිසර අධිකාරිය උසාවියට දැනුම් දෙයි.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  • 1.3K
  •  
  •  
  •  
  •  
    1.3K
    Shares

4 comments to රතුපස්වල ප්‍රතිඵලය හා එජාප-ජවිප විනාශය. (රතුපස්වල කියමින් ගහන මඩට පිළිතුරු.)

  • jayamal

    ජේෂ්ඨ කඨිකාචාර්ය මහින්ද පතිරණ මහතා ගේ මේ පැහැදිලි කිරීමට ඔබතුමාට බෙහෙවින් ස්තූතියි. දිගු කලක් තිස්සේ මෙසේ ජනතාව රැවටෙන බොහෝ අවස්තාවල ඔබතුමාගේ ලිපි කියවා කරුණු කාරනා පැහැදිලි කරගත් බව ස්තුති පූර්වකව දන්වමි.

    අපිට නිදහසේ හුස්ම ගන්න රට බේරා දුන් ඒ අභීත නායකයා අපේ සදාදරණීය ජනාධිපති මහින්ද මැතිඳුන් ගේ නාමය දිනෙන් දින බැබලේවා යනු මගේ ඒකායන ප්‍රාර්ථනාවයි!

  • Sasanka

    ජවිපෙ , කවදත් කලේ ඔවුන්ගේ පැවැත්ම සඳහා අහිංසක මිනිසන් භාවිතා කිරීමයි , තවත් ඔවැනිම අවස්තාවක් තමයි කටුනායක සිද්දිය , ඇත්තට මහින්ද මහත්තයට උවමනා උනේ පෞද්ගලික අංශය සනදහා විශ්‍රාම වැටුපක් සකස් කිරීමයි , ඒ සඳහා සේවකයගෙන් යම් දායකත්වයක් ලබාගත යුතුයි , දියුණු රටවල් මෙම ක්‍රමය සාර්ථකව පවත්වාගෙන යනු ලබයි

    එමගින් රටට වාසි දෙකක් ලැබේ , එක පැත්තකින් පෞද්ගලික අංශයේ ශ්‍රමිකයා සඳහා විශ්‍රාම වැටුපක් ලැබෙන අතර , පෞද්ගලික අංශයේ රැකියා සඳහා බුද්ධිමතුන් මෙනේම සාමාන්‍ය ජනයාද වැඩි නැඹුරුවක් ඇති වේ!
    අඩු වැටුප් සහිත රජයේ රැකියා සඳහා බොහෝ ය යොමු වන්නේ ව්ශ්රාම වැටුප නිසා බව මගේ හැගීමයි. කෙසේ හෝ ජවිපෙ මෙයට විරුද්ද වුයේ ඔවුන්ගේ සටන් පාඨ අහිමි වන බැවිනි !

    මේ උද්ඝෝෂණ මෙහෙයවූයේ ජවිපෙය.ඒ විතරක් නොව ඇටිකෙහෙල්ගල්ල ප්‍රදේශයේ MSH ආයතනයද වසා දැමූයේ ජවිපෙ සටන් නිසාය.ව්‍යාපාර වසා දමන තැනට තල්ලුකරමින් සේවක සේවිකාවන් අමාරුවේ දමමින් උදාකරන සමාජවාදය කුමක්ද…. ?? කා සඳහාද….. ?? මෙවැනි සිදුවීම් රටපුරා ඇතිබැවින් හරියට කරුණු සොයාබලා සමාජයට ඉදිරිපත් කරන්නයැයි ඉල්ලා සිටිනවා.මේ අය රතු පාටින් වසාගෙන සමාජවාදය නොව සමාජවදයක් වෙමින් කටයුතු කරනවායැයි චෝදනා කල යුතුය.

    උපුටා ගැනීමකි

    • sayumi

      ඔබ හරියටම හරි සසන්ක පෞද්ගලික හෝ රාජ්‍ය අංශයේ සේවකයින්ට සහන/ වරප්‍රසාද දෙනවාට ජෙප්පන් බොහොම විරුද්ධයි උන්ට සටන් පාඨ නැතිවෙන නිසා. රැකියා නැති වෙන කොට, කර්මාන්ත
      ශාලා වැහෙනකොට හරි සතුටුයි මේ කුහක ජෙප්පන් බලන්න අනුරාධපුරේ පැත්තෙ වී ගොවියන් වෙනුවෙන් පහුගිය දවස් වල පෙනී සිටි ජෙප්පන් මොනවද ඒ ජනතාවට දිනා දුන්නේ? මුකුත් නෑ. අමුඩ ඇඳන් කොලඹ ආවා විතරයි. රතුපස්වල සිද්ධියත් දැන් අපට පේනවනෙ අහිංසක මිනිසුන් මුලා කරලා ඒ රබර් කම්හලත් වහන්න වැඩ සිද්ධකලා විතරක් නෙමෙයි මහින්ද මැතිතුමන් පරද්දන්න පාර කපලා මුලු රටේම සංවර්ධනය කම්බස් කලා. මේවා ගැන අපේ රටේ ජනතාව මීට වඩා දැනුවත් විය යුතුයි. නැත්නම් මේ කුහක ජෙප්පන් මේ වැඩේම කරලා මින් පස්සෙත් රටේ ඉදිරි දියුණුව මස්තබාල්දු කරනවා නො අනුමානයි. යලිත් වරක්. මතකනේ අපේ මහින්ද මැතිතුමා සහ හිතවතුන් අමාරුවෙ දාන්න මුන් ෆයිල් කරේ තියන් FCඓඪ් බඩ ගෑව හැටි. හරිහමන් සාක්ෂි තිබිලා නම් තව කමක් නෑ .කෙටියෙන් කිව්වොත් මේ රටේ සහ මිනිසුන්ගේ දියුණුවට තරුණ ජීවිත හා දේපල වලට යහපැවැත්මට හානි කරපු අකුල් හෙලපු ජෙප්පො තරම් නරුමයො රැලක් වෙන රටේ නැහැ. හිටියා නම් ඒ රනිල්, පිරපාහරන් සහ කොටි රැල විතරයි. උනුත් එකයි මුනුත් එකයි කිව්වට මොකද ජෙප්පන් ආවොත් ඔය දෙගොල්ලටම හපන් වෙනවා නියතයි.

  • Ex-JVPer

    මෙය යුන්පී, ජෙවීපී එකතුවෙන් කරන ලද්දක් බව පැහැදිලියි. ඔවැනිම විනාශයක් ඇටිකෙහෙල්ගල්ලෙ පැකේජින් වැඩපළට ද ජවිපෙ විසින් කරන ලදි. එම ආයතනය ඉතා සාර්තකව කෙරීගෙන යනවිට ජවිපෙ එහි සමිතියක් පටන්ගත්හ. ඒ වනවිට අහලපහල ගම්වලින් බත් එක බැඳගෙන එන සෙවක පිරිස සෑහෙන වැටුපක් ලබාගෙන සතුටින් වැඩකරමින් සිටියහ. ඔය අතර අසල ගෙදරකින් වැඩප්ළ තුලට ආ කුකුළෙකු මරාගෙන වැඩපළේ කීප දෙනෙකු විසින් උයාගෙන කා තිබුණි. ඒ පිළිබඳව පිරික්සූ පාලක පක්ෂය ඊට මුල් වූ පුද්ගලයා සෙවයෙන් පහකළහ! ඊට එරෙහිව ජවිපෙ ස්ට්‍රයික් එකක් ඇරඹූහ. ඒ අතර කිසිම විසඳුමක් නැති තැන පාලකයෝ වැඩප්ළ වසා දමා වෙන තැනකට ගෙනගියහ! සියලු දෙනාට සේවය අහිමිවිය. ජවිපෙ කීපදෙන අලුත් රැකියා සොයගෙන ගියහ!
    ජවිපෙ ඉන්න වැඩි පිරිස ඉරිසියා කාරය්යොයය.
    අනුර කුමාරලා අදිවේගී මාර්ග, පොර්ට්සිටිය වැනිදේවල් ගැන කොතරම් බොරු කන්දරාවක් කීවාදැයි ජනතාව දනී! රටක්, පවුලක් දියුණුවෙන විට ඔවුන් තුළ මහා ඉරිසියාවක් උපදී! අනික මහා කුහකකම! අර දෙමළ අම්ම, කැම පිඟාන බෙදාදී ඉන්ගිරිසි ඉගැන්වූ හැටි සඟවන්නට අනුර කොපමණ වෙහෙසෙනවාද! මෙවැනි කාලකණ්ණින්ට දවසකට බලය ගියොත් කොහොමට හිටීවිද! මෙම පක්ෂය ඉතිහාසයේ කුණුකූඩයට වැටීම අනිවාර්යයි! 2010 ජනපතිවරණයේදී සෝමවන්ස “සහෝදරයා” වේදිකාවකදී රනිල් “සහෝදරයා” බදාගෙන සිටි ආකාරය අදත් මට ජුගුප්සාවෙන් සිහිවේ! පළිගන්නට ඕනෑම දෙයක් කිරීම මොවුන්ට සරල දෙයකි! මහින්ද යුද්දය දිනූ නිසා අමෙරිකාවත් සමග එක්වී ෆොන්සේකා දිනවීමට වැඩකළේ එම නිසාය!

Leave a Reply