“මහින්ද ළඟදීම ජනාධිපති විය යුතුයි”, ඉන්දීය මහ බලවතෙක් ලෝකයටම කියයි.

[1]. මහින්ද රාජපක්ෂ මැතිතුමන් ශක්තිමත්ව නැවතත් ශ්‍රී ලංකා දේශපාලනයට පැමිණීම අසන්නට ලැබීම යහපත් දෙයක් බවත් ඔහු නුදුරේදීම ශ්‍රී ලංකා ජනාධිපති විය යුතු බවත් ආචාර්ය සුබ්‍රමනියන් ස්වාමි සිය ට්විටර් පි‍ටුවෙන් පවසයි. [මූලාශ්‍රය]

[2]. ආචාර්ය සුබ්‍රමනියන් ස්වාමි යනු ඉන්දියාවේ උත්තර මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයෙකි. වත්මන් ඉන්දීය ආණ්ඩුව මෙහෙයවන භාරතීය ජනතා පක්ෂයේ හවුල් පක්ෂයක් වන ජනතා පක්ෂයේ සභාපති වෙයි. හාවර්ඩ් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධි ලැබූ ආර්ථික විද්‍යාඥයෙක්, ගණිතඥයෙක් වන ඔහු [මූලාශ්‍රය] ඉන්දියානු ජාත්‍යන්තර සබඳතා වල මහ මොළ කරු ලෙස සැලකේ.  එසේම ඔහු යට කී පණිවිඩය පළ කළ ට්විටර් පි‍ටුවේ පමණක් ඔහුගේ පාක්ෂිකයන් ලක්ෂ 67.8 ක් සිටියි.

[3]. ශ්‍රී ලංකා රජය සහ කොටි සංවිධානය අතර පැවැති යුද්ධයේදී ආචාර්ය සුබ්‍රමනියන් ස්වාමි ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටියේය. [මූලාශ්‍රය]. ඉන්දියානු දේශපාලඥයින් තමිල්නාඩු ඡන්ද වෙනුවෙන් කොටින්ට කිරි පොවද්දී, දුර දිග බැලූ ආචාර්ය සුබ්‍රමනියන් ස්වාමි, යම් හෙයකින් කොටි සංවිධානයට ඊළම ලැබුනොත් එය දකුණු ඉන්දියාව වෙන් වීමේ පළමු පියවර බව කල් තියා වටහාගෙන තිබුණි.

[4]. ඉතා සුළු සිද්ධි හේතු කොටගෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග 2014 අග භාගයේදී සුළු හිත් අමනාප කම් ඇති කර ගත් ඉන්දියානු රජය පසුව වත්මන් යහපාලන ආණ්ඩුවට සහය දුන්නේය. අවසානයේදී සිදුවූයේ යහපාලනය විසින් චීනයට හම්බන්තොට වරාය සින්නක්කරව දීමත්, එය ඉන්දියානු ආරක්ෂාවට තර්ජනයක් විය යැකි මට්ටමට පැමිණීමත් ය. ඉදිරියේදී යහපාලනය විසින් ඉන්දියාවට එක්ටා දුනහොත්, ඊට හිලව් ලෙස හම්බන්තොටින් අක්කර 15000 ක් චීනයට දී චින්නුන් අති විශාල ප්‍රමාණයක් ‍රැකියා සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. එයද අවසානයේදී ඉන්දියානු ජාතික ආරක්ෂාවට දැඩි අවදානමකි.

[5]. ඇමරිකාව, ඉන්දියාව, චීනය ආදී හැමෝමව සතු‍ටු කරන්න හදන යහපාලන නගර සෝභිනියට වඩා, කාවවත් සතු‍ටු නොකර තම අභිමානය ‍රැක ගන්නා කොන්ද පන ඇති නායකයා වඩා යහපත් බව ඉන්දියාව තේරුම් ගෙන ඇති බව ආචාර්ය ස්වාමිගේ ප්‍රකාශයෙන් පැහැදිළි වෙයි. ජාත්‍යන්තරය මත යැපෙන යහපාලන නායකයන්ට ආචාර්ය ස්වාමිගේ ප්‍රකාශය මරු පහරකි.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

10 comments to “මහින්ද ළඟදීම ජනාධිපති විය යුතුයි”, ඉන්දීය මහ බලවතෙක් ලෝකයටම කියයි.

  • Guardian

    මහින්ද රාජපක්‍ෂ යනු නාමයට පමණක් සීමා වූ තවත් එක් ජන නායකයෙක් නොවන බව එතුමන් පිළිබඳව නිවැරදි තතු දන්නා ලොව වෙසෙන බුද්ධිමත් නායකයින් හොඳින්ම දනී. එහෙත් ලංකාවේ බුද්ධිමත් කියාගන්නා සමහර NGO කුක්කන් සිතනුයේ මහින්ද රාජපක්‍ෂ යනු අපරාධකාරයෙකු, හොරෙකු කියාය. උන්ගේ එම ක්‍රියාදාමය 2015 වසරේදී මෙරට ජනතාව ලවා ක්‍රියාත්මක කර ගැනීමට හැකි වූයේ එනිසාය. එහෙත් බොරැවට වැඩි ආයුෂ නොමැත. ලොව වෙසෙන බුද්ධිමත් නායකයින්ට මහින්ද රාජපක්‍ෂ වටිනා සාධකයක් වී ඇති ආකාරයටම නැවතත් මෙරට බහුතර ජනයාට මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ව අවශ්‍ය වූයේ ඒකය.

    • jayamal

      අපේ සදාදරණීය ජනනායකයා මහින්ද රාජපක්ස ජනාධිපතිතුමා යලි මේ රට ගොඩ නඟනු ඒකාන්තයි. එතුමා වටා රැස් වුනු මේ මහා ජන බලවේගය දිනෙන් දින තව තවත් ශක්තිමත් වනු ඇත. උදය මැතිඳුන් රටටම ඇහෙන්න කිව් පරිදි ලංකාවේ මිනිසුන් ඉතා කෙටි කලකදී තමන්ට වූ වැරැද්ද වටහා ගෙන එය නිවැරදි කරගන්නා සංවේදී මිනිසුන් බව පෙබ 10 ඔප්පු වුනා. වෛරයේ ගිනි දැල් වලින් මේ රට ගිනි තියන්න ආව නෝනා ආපහු මව්බිම අතහැරලා ගිය එකත් සුබ පෙර නිමිත්තකි. මහින්ද රාජපක්ස මැතිඳුන්ට මව්බිමේ භාරකාරත්වය හැකි ඉක්මනින් ලැබේවා යනු මගේ ඒකායන පැතුමයි!

      • jayamal

        සයුමි, පවර්, අසරණයා ඇතුලු රට වෙනුවෙන් පෙනී සිටින මහින්ද මැතිඳුන් ට හැමදාමත් ආදරය කරන අය වෙනුවෙන් මහාචාර්ය නලින් ද සිල්වා ගේ මේ අලුත්ම ලිපියේ ලින්ක් එක එවන්නේ.

        http://www1.kalaya.org/2018/02/blog-post_14.html#more

        • sayumi

          ඔව් ජයමල්. නලින් සිල්වා මැතිඳුන්ගෙ මේ අදහසට මාත් 100%ක් එකඟයි. අපි කැමති හැමදේම එක පරටම කරන්න බැහැනේ .ඉතින් මේ වෙලාවෙ අපිට කරන්න පුලුවන් හොඳම දේ තමයි රටේ සම්පත් විකුණන , රට කොටියට පාවා දෙන රනිල් කියන ද්‍රෝහියා පළවා හරින එක. අපේ පොහොට්ටුව තනතුරු භාර නොගෙන දෙපාර්ශ්වයටම එකඟ වෙන්න පුලුවන් කෙනෙක්ට අගමැති කම දෙන්න වෙනවා.ඔහුගෙ යම් අඩුපාඩු තිබුනත් රට විකුණන්නෙ/කොටියට පාවා දෙන්නෙ නැත්නම් දැනට ඒ ඇති. ඊට පස්සෙ අනිත්වා ගැන බලා ගන්න පුලුවන්නේ.

          • Guardian

            ගොඩක් ස්තූතියි jayami හිතවතියට, නලින් ද සිල්වා මැතිතුමන් එදා සිටම නොනවත්වා මේ සටනේ පුරෝගාමියෙක්. ඒක ජාතියේ වාසනාවක් අපේ Sayumi සොයුරිය Lankacnews වල සඳහන් කර තිබුණු අදහස මා කියවා බැලුවා.ඒක ඇත්ත, ඔබගේ කතාව මට හොඳටම තේරෙනවා. මේ රටේ බහුතර ජනතාව පසුගිය 10 වනදා තම ඡන්ද අයිතිය මේ රට සුභවාදී තැනකට ගෙන යා හැකි සුදුසුතම පුද්ගලයාට තමයි ලබා දුන්නෙ.එතනදී සිදුවුණේ මහින්ද රාජපක්ෂ නැමැති අභීත නායකයාණන් වටා ජනතාව තව තවත් එක්රොක් වීමය. එනිසා මා අතනදී සඳහන් කළ කරුණෙන් අදහස් කලේ එසේ මහින්ද සාධකය මත විශ්වාසය තබා එසේ එකතු වූ මෙරට පොදු ජනතාවගේ විශ්වාසය නැවතත් බිඳ වැටුණහොත් එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නමින් පැමිණ ඉතා වසනාවන්ත අයුරින් අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබූ පක්ෂයට වඳින මරු පහරක් කියාය. මන්ද වර්තමානය වන විට එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එහි නායකයණුත් මෙරට ජනතාවට හොඳහැටිම එපා වී අවසන් වී ඇති නිසාය.

          • sayumi

            නෑ පවර් සොයුරා මෙතෙන්දි ජනතාව තැබූ විශ්වාසය බිඳ වැටෙන විදිහේ කිසිවක් සිදු වෙන්න අපේ මහින්ද මැතිඳුන් ඉඩ තියන එකක් නැහැ. එතුමා ඇතුළු කණ්ඩායම බොහොම ප්‍රවේසමින් වැඩ කරයි. මොකද එයාලා සතා අඳුරනවානේ.
            යම් විදිහකින් මේක නොකෙරුනොත් පොදුජන පෙරමුණටවත් මහින්ද මැති තුමාටවත් කිසිම පාඩුවක් නැහැ.එහෙම උනොත් ජනාධිපති සහ ශ්‍රීලනිප ඇමතිලා තමයි ජනතාව ඉදිරියේ පච වෙන්නේ.

  • jayamal

    මහින්ද නාමය අපේ ඉතිහාස පොතේ රන් අකුරින් ලියැවී අවසානයි. මේ රටේ අහිංසක ජනතාවගේ හදවත් පත්ලේ සදා නොමැකෙන ලෙස ලියැවී හමාරයි. යමපල්ලන් වසර ගණනාවකින් ආපස්සට ගෙන ගිය රට එතුමා ඒකාන්තයෙන්ම යලි ගොඩ නගනවා ආසියාවේ ආශ්චර්යය කරා ගෙනියන තුරුම. මේ රටේ සැබෑ දේශප්‍රේමීන් සෙවනැල්ලක් මෙන් එතුමා අසලින්ම නොසැලී සිටිමින් රට ගොඩ නඟන්න හවුල් විය යුතුයි.

    • jayamal

      “ව්‍යවස්තා අර්බූදයක් නැහැ. රනිල් ඉවත් කල හැකියි!”

      http://www1.kalaya.org/2018/02/blog-post_17.html

      “මන්ත්‍රීවරු 113 ඇතත් නැතත් රනිල් ඉවත් කරමු!”

      http://www1.kalaya.org/2018/02/113.html

      සයුමි, පවර්, අසරණයා ඇතුලු දේශප්‍රේමී ඔබ සැම මහාචාර්ය නලින් ද සිල්වා ගේ මේ නවතම ලිපි කියවිය යුතුමයි. පොහොට්ටුව පිපී මව්බිම සුවඳවත් වී ඇත. ජයෙන් ජයම වේවා! ජන හද ගැස්ම හඳුනන මහින්ද නාමය දිනෙන් දින බැබලේවා!

      • sayumi

        මහාචාර්ය නලින් සිල්වා මැතිතුමාගෙ ලිපි මන් බැලුවා ජයමල්. හැබැයි මේ හදන්න ගිය සන්ධාන ආණ්ඩුවෙ ඇමතිකම් ගන්න පොහොට්ටුව අකැමති වුන එක නම් ලොකු දෙයක්. නැත්නම් මිනිසුන්ගේ අප්‍රසාදයට ලක් වෙන්න තිබුනා.

  • Asaranaya

    ගිය ගිය තැනදි ජාතික හෙණ හඬම තළව්,
    සිය ගත රිහිරි ලක්බිම තෙම තෙමා හෙලව්,
    එය නිදහසය සිතමින් හැර විකට ඉළව්,
    දිය දද දියත නන්වනු බැරි මොකද බොලව්.

Leave a Reply