Mahinda Rajapaksa: March 2018

Wednesday, March 21, 2018

මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගෙන් පොහොට්‍ටුවේ පුංචි මන්ත්‍රීවරුන්ට ජීවිත කාලෙටම වටින උපදෙස්!

මෙවර අනුරාධපුරය, රත්නපුරය, පොලොන්නරුව දිස්ත්‍රික්ක වල ප්‍රාදේශීය සභාවන්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරී පත්වූ අපේක්ෂකයින් දිවුරුම් දීම 2018 මාර්තු 20 වන අගහරුවාදා පෙ.ව. 8.30 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ඉදිරියේදී විජේරාම පිහිටි නිලනිවසේදී පැවැත්වුණි.

එහිදී එතුමන් නවක මන්ත්‍රීවරුන්ට ලබා දුන් උපදෙස් පිළිබඳව කවුරුත් ප්‍රසංශා කළෝය. එය පහත වීඩියෝවෙන්.



Monday, March 19, 2018

ජනාධිපතිවරණය අවසන් වෙනවාත් සමගම රුසියානු තානාපතිවරයා පැමිණ මහින්ද මැතිඳුන් හමු වෙයි.


පසුගිය ඉරිදා පවත්වනු ලැබූ ඡන්දයෙන් රුසියානු ජනාධිපති වැලදිමිර් පුටින් මහතා ජයගත් පසු කොළඹ රුසියානු තානාපති යුරි බී. මැතේරි මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාව සඳුදා සිය නිල නිවසේදී හමුවිය.

මේ අවස්ථාවේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති පුටින්ගේ විජයග්‍රහණය ගැන එතුමාට සුභපැතුම් ප්‍රකාශ කර සිටියේය.

ශ්‍රී ලංකාව සහ රුසියාව දිගු කාලීන මිතුරන් වන අතර, කොටි ත්‍රස්තවාදය පැරදවීමේ මානුෂික මෙහෙයුම විජයග්‍රහණය කිරීමට අවශ්‍ය ආයුධ බලය ශ්‍රී ලංකාවට ලබා දීමට රුසියාව කටයුතු කළේ ය.

Saturday, March 17, 2018

උදිත් ලොකුබණ්ඩාර මහතා බණ්ඩාරවෙල ප්‍රධාන සංවිධායක ලෙස පත් වෙයි.



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බණ්ඩාරවෙල ප්‍රධාන සංවිධායක ලෙස උදිත් ලොකුබණ්ඩාර මහතා පත් කර ඇත. ඒ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් අතින් එම පත්වීම ලබා ගන්නා ලදී.

උදිත් ලොකුබණ්ඩාර මහතා මීට පෙර බදුල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් විය. ඔහු හිටපු කථානායක විජමු ලොකුබණ්ඩාර මහතාගේ පුත්‍රයා වෙයි. එසේම වර්තමානයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ පුද්ගලික ලේකම්වරයා ලෙසද කටයුතු කරයි.

Thursday, March 15, 2018

සමාජ මාධ්‍ය වාරණය තුළින් ආණ්ඩුව කඩ කරන ලද ඔබගේ මානව හිමිකම් මෙන්න.


facebook, viber සහ whatsapp ශ්‍රී ලංකාවේ පුරවැසියන් විසින් භාවිතා කරන්නේ ප්‍රධාන වශයෙන්ම තොරතුරු ලබා ගැනීම, අදහස් ප්‍රකාශ කිරීම, වෙළඳ ව්‍යාපාර සහ ඥාති හිතවතුන් අතර සන්නිවේදනය වෙනුවෙනි. අන්තර්ජාලය භාවිතා කරන සෑම පුද්ගලයෙක්ම අදාල දුරකථන සමාගමට ඒ වෙනුවෙන් මුදල් ගෙවීමක් සිදුකරයි.

වත්මන් ආණ්ඩුවේ වුවමනාව පරිදි 2018/03/06 දින සිට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කපිල වෛද්‍යරත්න මහතාගේ උපදෙස්මත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති ඔස්ටින් ප්‍රනාන්දු මහතා විසින් facebook, viber සහ whatsapp ආදියට පිවිසීමට නොහැකි වන ආකාරයට එම සේවාවන් අවහිර කර තිබුණි.

එනිසා ආණ්ඩුව විසින් උල්ලංඝනය කරන ලද නීතින් ඔබ සැමගේ අවධානය පිණිස පහතින් දක්වමු.

 

[1]. සමාජ මාධය වාරණය තුලින් 1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යාස්ථාවේ 14(1) (අ), (ඇ) සහ (උ) යන වගන්ති උල්ලංඝණය කර ඇත.

මූලාශ්‍රය: https://www.parliament.lk/files/pdf/constitution-si.pdf

14 (1) වගන්ති ජාතික ආරක්ෂාව හා ජාතීන් අතර වාර්ගික හා ආගමික සහයෝගීතාව සදහා සීමා කිරීම කළ හැකිවුව ද එසේ එසේ සීමාකිරීමට තරම් හේතුවක් පැනනැගී නැත.

සමාජ මාධ්‍ය නිසා වාර්ගික ගැ‍ටුම් ඇති නොවන බවට හේතු.

(i). 1971 කැ‍රැල්ල, 1983 කළු ජූලිය, 88/89 ජවිපෙ කැ‍රැල්ල, සහ තිස් වසරක කොටි ත්‍රස්තවාදය ඇති වූයේ අන්තර්ජාල සමාජ මාධ්‍ය පවතික වකවානුවක නොවේ.

(ii). එසේම 2014 අලුත්ගම ගැ‍ටුම පවතින අවස්ථාවේදී සමාජ මාධ්‍ය පැවැති අතර සමාජ මාධ්‍ය මගින්ම අලුත්ගම ගැ‍ටුමට ජනතාව එරෙහි වෙන ලදී. එනිසාම අලුත්ගම ගැ‍ටුම මෙවර මෙන් විශාලව ඇදි ඇදී ගියේ නැත.

(iii). 2018 මාර්තුවේ දී තෙල්දෙනිය සිද්ධිය අවස්ථාවේදී මහනුවර සම්පූර්ණයෙන්ම අන්තර්ජාලය විසංධි කිරීමත්, රට පුරාම සමාජ මාධ්‍ය අවහිර කිරීමත් සිදු කෙරුණි. මෙවර ගැ‍ටුම දිගින් දිගටම ඇදී ගියේය.

(iv). ඒ අනුව ජාතීන් අතර වාර්ගික සහ ආගමික සහයෝගීතාවය නැති වන්නේ සමාජ මාධ්‍ය නිසා නොව, සමාජ මාධ්‍ය අවහිර කිරීම නිසා ජනතාව අතර ව්‍යාජ කට කතා ඇති වීමත් ඒවා බොරු බව පෙන්වීමට කිසිවෙක් නොසිටීමත් නිසා බව පැහැදිළි වෙයි.

 

[2]. සමාජ මාධ්‍ය වාරණය පවතින අතර තුරදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය නිල facebook පි‍ටු යාවත්කාලීන කර ඇත.

උදාහරණ: https://www.facebook.com/maithripalas/posts/10155961599971327

https://www.facebook.com/maithripalas/photos/a.10152815938036327.1073741920.365053451326/10155961319076327

https://www.facebook.com/ranil.wickremesinghe.leader/posts/1262390770527093

https://www.facebook.com/ranil.wickremesinghe.leader/posts/1261628900603280

එමගින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (2) වගන්තිය උල්ලංඝනය කර ඇත.

මූලාශ්‍රය: https://www.parliament.lk/files/pdf/constitution-si.pdf

 

[3]. සාමාජික රටක් වශයෙන් ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශය ‍රැකීමට බැඳී සිටී.

එහි 19 වන ඡේදය සමාජ මාධ්‍ය වාරණය නිසා ශ්‍රී ලංකා රජය විසින් උල්ලංඝනය කර ඇත.
Article 19.
Everyone has the right to freedom of opinion and expression; this right includes freedom to hold opinions without interference and to seek, receive and impart information and ideas through any media and regardless of frontiers.

මූලාශ්‍රය: http://www.un.org/en/universal-declaration-human-rights/

සිංහල පරිවර්තනය: සෑම පුද්ගලයෙකුටම මැදිහත්වීම්වලින් තොරව අදහස් දැරීමට අයිතියක් තිබිය යුතුය. සෑම පුද්ගලයෙක්ටම ප්‍රකාශනයේ නිදහස භුක්ති විඳීමට අයිතියක් තිබිය යුතුය; මෙම අයිතිවාසිකම් තුළ නිරීක්ෂණයේ නිදහසත්, සියලුම ආකාරයේ අදහස් හා තොරතුරු ලබා ගැනීමේ හා බෙදා හැරීමේ නිදහසත් අඩංගු විය යුතු අතර කට වචනයෙන්, ලිවීමක් හෝ මුද්‍රණයක් ආකාරයෙන්, සිතුවම් මාධ්‍යයෙන් හෝ අදාළ පුද්ගලයාගේ තේරීම අනුව වෙනත් ඕනෑම මාධ්‍යකින් සීමා මායිම් වලින් තොරව ප්‍රකාශනයක් කිරීමට අයිතිය ලැබිය යුතුය.

 

මේ සියල්ලම සිදුවූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙන්ම විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේත් පූර්ණ අනුදැනුම යටතේ ය. වත්මන් රජය විසින් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ මානව හිකිකම් නොතකා ජනතාව පීඩාවට පත් කළ පළමු අවස්ථාව මෙය නොවේ. වත්මන් නීති විරෝධී පාලනය දෙවැනි වන්නේ එදා 88/89 කැ‍රැල්ල අවස්ථාවේදී එවකට එජාප රජය හැසිරුණ ආකාරයට පමණි.

Monday, March 12, 2018

මහින්ද ජනාධිපති තුමාගෙ කාලෙදි ෆේස්බුක් වාරණයක් ගැන බොරු භීතියක් පැතිරවූ උදවියට පිළිතුරු.

[1]. 2014 මුල් භාගයේ දිනක එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගේ ආණ්ඩුව විසින් ෆේස්බුක් වාරණය කරන්නට සැලසුම් කරන බවයි. එහි වීඩියෝව පහත දැක්වේ.

 

[2]. ඊට හැරෙන තැපෑලෙන් පිළිතුරු දුන් මහින්ද රාජපක්ෂ ජනාධිතිතුමන් පැවසූයේ ෆේස්බුක් හෝ වෙනත් සමාජ ජාල කිසි සේත්ම වාරණය නොකරන බවයි.


[3]. 2014 මුලදී ෆේස්බුක් ‍රැක ගැනීම වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලූ රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට ශ්‍රී ලංකාව තුළ ෆේස්බුක් තහනම් කර ඇත.

[4]. 2014 මුලදී ෆේස්බුක් තහනම් කරන්නේ නැති බව පැවසූ මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා, තමන්ට එරෙහිව ෆේස්බුක් හරහා කොතෙකුත් සාහසික මඩ අවලාද එල්ල වුවද, ෆේස්බුක් සමාජ ජාලය එතුමාගේ රජය පෙරළීමට පවා හේතු වුවද, එතුමා දුන් පොරොන්දුව අකුරටම පිළි පදිමින් ෆේස්බුක් වෙත අත තැබුවේවත් නැත.

[5]. නමුත් සැලකිය යුතු පිරිසක් ජනාධිපතිවරණය අවසන් වෙන තුරුම විශ්වාස කළේ එවකට ෆේස්බුක් තහනම් කරනු ඇති බවයි. ඒ හුඹස් බිය මතම මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමන්ට එරෙහි වීමට සමහරුන් කටයුතු කර තිබුණි.

[6]. "කී දේ කරන, විශ්වාසය තැබිය හැකි නායකයා" කවුදැයි දැන්වත් ජනතාව අවබෝධ කරගෙන ඇතැයි සිතමු.

[7]. 2014 දී ෆේස්බුක් වෙනුවෙන් දිවි පිදීමට වුවද ලෑස්ති බව පෙන්වූ සමහර යහපාලනවාදීන්, මේ වන විට VPN යොදා ගනිමින් ෆේස්බුක් වෙත පැමිණ ෆේස්බුක් තහනම ෆේස්බුක් එකේ සිටම සාධාරණීකරනය කරන නිර්ලජ්ජිත භාවය ද ඔබට දැකගැනීමට හැකි වෙනු ඇත.

Friday, March 9, 2018

ආණ්ඩුව ජාතිවාදය අවුලුවද්දී, මහින්ද රාජපක්ෂ මැතිතුමන් ගිණි නිවීම කරට ගනී.



ඉතිහාසයේ සිටම ශ්‍රී ලංකා දේශපාලන, ආගමික හා සංස්කෘතික අර්බුදයන් පැවති අවස්ථාවේ ඒ වෙනුවෙන් අඑතිහාසික තීන්දු තීරණ රැසක් ලබාගත් ස්ථානයක් වන මහනුවර මහායාය රත්වත්තේ වලව්වට අද රැස්වූ අස්ගිරි - මල්වතු අනුනායක ස්වාමීන්ද්‍රයන්වහන්සේලා හා මහනුවර ප්‍රධාන මුස්ලිම් මවුලවිතුමන්ලා එක්වී ගරු මහින්ද රාජපක්ෂ මැතිදුන්ගේ ප්‍රධානත්වයෙන් ලොහාන් රත්වත්තේ හා උදිත් ලොකුබණ්ඩාර මැතිතුමන්ලාගේ මෙහෙයවීමෙන් මහනුවර අවට ජාතීන් අතර සිදු වූ ඒ ප්‍රචණ්ඩාත්මක ක්‍රියා පිළිබද සාකච්ඡා කොට මෙම තත්වය සමනය කොට අර්බුදයට ලක්වූ පුද්ගලයින් වෙනුවෙන් ගතහැකි කඩිනම් ක්‍රියාමාර්ගයන් රැසක් පිළිබදව සාකච්ඡා කළහ.

වත්මන් ආණ්ඩුව විසින් නීතිය සැමට සමානව ක්‍රියාත්මක නොකිරීම නිසා සහ රාජිත සේනාරත්න අමාත්‍යවරයාම පවසන ආකාරයට පසුගිය මැතිවරණයෙන් පරාජය වූවන්ගේ වුවමනාව පරිදි (ගිය මැතිවණයේදී පරාජයට පත් වූයේ එක්සත් ජාතික පක්‍ෂය, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු ආණ්ඩුවේ සිටින පාර්ශවයන්) මෙම අර්බුදය හට ගත් අතර, ආණ්ඩුව ඊට පිළියමක් ලෙස යොදා ඇත්තේ ජනමාධ්‍ය පාලනය කිරීම සහ, ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය තහනම් කිරීම සහ ඇඳිරි නීතිය දැමීමයි.

එජාපය විපක්ෂයේ සිටියදී රටේ කිසියම් අර්බුදයක් ඇති වූ විට ඔවුන් කරන්නේ සමස්ත වගකීම ආණ්ඩුව පිට පටවමින් තව තවත් අර්බුදය උග්‍ර කිරීම වුවද, මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් රාජ්‍ය නායකයෙකුගේ භූමිකාව ආදර්ශමත්ව ඉ‍ටු කිරීම සමාජ මාධ්‍ය වල ජනතාවගේ ප්‍රසංශාවට ලක්ව තිබේ.








Wednesday, March 7, 2018

අතිපූජ්‍ය දරණාගම කුසලධම්ම නා හිමිට මහින්ද මැතිඳුන්ගෙන් අවසන් ගෞරව.

බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ කොළඹ සම්බුද්ධාලෝක විහාරයේ විහාරාධිපති අතිපුජ්‍ය දරණාගම කුසලධම්ම නාහිමිපාණන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අතිගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් සහභාගි වූ අවස්ථාව. නා හිමියනි, ඔබවහන්සේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කරන ලද මහා සේවය සහ ඔබවහන්සේගේ ධර්ම දානයේ ආනුභාවයෙන්ම ඔබවහන්සේට නිවන් සුව අත් වේවා.







සිංහල හා මුස්ලිම් ප්‍රජාවන් අතර ගැටුම් උත්සන්න වීම ගැන මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගෙන් විශේෂ නිවේදනයක්



සිංහල හා මුස්ලිම් ප්‍රජාවන් අතර ගැටුම් උත්සන්න වීම

දිගන නගරයේ සිංහල ලොරි රථ රියදුරු මහතෙකුට මුස්ලිම් පිරිසක් විසින් කරන ලද පහර දීමක් හේතුවෙන් ඔහු රෝහලේදී මිය යාම නිසා එම ප්‍රදේශයේ ප්‍රචණ්ඩකාරී සිදුවීම් ගණනාවක් හටගෙන ඇත. මෙකී මිනීමැරුම සම්බන්ධයෙන් පොලීසිය විසින් කීපදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුන ද ඔවුන් ඝාතනය සිදුකළ අය හැටියට තවම හදුනාගැනීමේ පෙරෙට්ටුවකින් තහවුරු කරගෙන නැත. නීතියේ උපරිම බර මේ සිද්ධියට වගකිවයුත්තන්ට එරෙහිව යෙදිය යුතු වේ. එමෙන්ම ආණ්ඩුව විසින් ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ පවුලට ප්‍රමාණවත් වන්දියක් ලබාදිය යුතුය. දිගන ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් හේතුවෙන් මුස්ලිම් තරුණයෙකුගේ මෘත දේහයක් විනාශ වූ නිවසකින් හමුවී තිබේ. දැන් ඝාතන දෙකක් සිදුවී ඇත. ආණ්ඩුව රටපුරා හදිසි නීතිය ද පනවා ඇත. නමුත්නුවර ප්‍රදේශයේ නොසන්සුන්තාවය මේ නිවේදනය නිකුත් කරන අවස්ථාව වන විටත් තවම සමුපූර්ණයෙන්ම පහව ගොස් නැත. සතියක් ඇතුලත සිංහල හා මුස්ලිම් පිරිස් අතර ඇතිවූ දෙවන ගැටුම මෙයයි. මීට දින කිහිපයකට කලින් අම්පාර නගරයේ ද ගැටුමක් ඇති විය. ඊට මාස කීපයකට කලින් ගිංතොට සිද්ධිය ඇතිවූ අතර, 2017 අවුරුද්ද ඇතුළත වෙනත් තැන්වලද තවත් ගැටුම් සිදුවිය.

මෙවැනි ගැටුම් වැලැක්වීමට ඇති එකම ක්‍රමය වන්නේ නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමයි. බොහෝවිට නොසන්සුන්තාවය පැතිර යන්නේ පැමිණිල්ලක් සම්බන්ධයෙන් පොලීසිය නිසි ලෙස ක්‍රියාත්මක නොවූවාය යන හැගීම නිසාය. ජනවර්ග දෙකක පිරිස් අතර ගැටුමක් හෝ ආරවුලක් ඇතිවුවහොත් පොලීසිය ක්ෂණිකව හා තීරණාත්මක ලෙස එයට මැදිහත් විය යුතුය. කුපිත වූ පිරිස් රංචු ගැසී අදාළ සිද්ධියට සම්බන්ධයක් නැති පුද්ගලයන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වයේ යෙදීම හා සාමූහික දඬුවම් පැමිණවීම වැලැක්වීම ද මෙහිදී අත්‍යාවශ්‍ය වේ.පොලීසිය මෙවැනි අවස්ථාවලදී නිසි ලෙස මෙහෙයවීම ආණ්ඩුවේ යුතුකම වන්නේය. මේ රට අස්ථාවර කිරීමට මාන බලාගෙන සිටින දේශීය හා විදේශීය බලවේග මේ රට අර්ධ ස්වාධීන රාජ්‍යයන් ගණනාවකට බෙදා වෙන් කිරීමට ගෙනවිත් තිබෙන ව්‍යවස්ථා යෝජනාවලට සහයෝගය ලබාගැනීමේ අරමුණෙන් මේ රටේ 1983 තාලයේ කෝලහලයක් ඇති කිරීමට මාන බලමින් සිටී. මේ සිදුවන දේවල් දෙස ඉතා බුද්ධිමත්ව හා කල්පනාකාරී ලෙස බලා ප්‍රචණ්ඩකාරී සිදුවීම් වලින් වැලකී සිටින මෙන් මම මේ රටේ සියලුම ජන කොටස්වලට අයත් ජනතාවගෙන් ඉල්ලා සිටිමි.

අප නිදහස ලැබූ මුල් වකවානුවේදී සිංහල දෙමළ හා මුස්ලිම් නායකයන් මේ රට සමගියෙන් පාලනය කළේය. උතුරේ දෙමළ නායක ජී.ජී. පොන්නම්බලම් මහතාට සේනානායකවරුන් සමඟ ඉතා කුළුපඟ සම්බන්ධතාවයක් තිබුණි. 1950 ගණන්වල මැද සිට ජාතිවාදය සහ බෙදුම්වාදය උතුරේ දෙමළ දේශපාලනයට ඇතුළු වීම නිසා ඒ යුගය අවසන් විය. පසුගිය දශකවලදී මේ රටේ මුස්ලිම් නායකත්වය ප්‍රධාන දේශපාලන පක්‍ෂවලට අනුගත වී සිටියේය. එජාපයේ ඒ.සී.එස්. හමීඩ් හා එම්.එච්. මොහොමඩ් සහ ශ්‍රිලනිපයේ බදියුදීන් මොහොමඩ් හා අලෙවි මවුලානා වැනි නායකයන් අපට මෙහිදී සිහිපත් වේ. මොවුන් පාර්ලිමේන්තුවට පත්වූයේ මුස්ලිම් මෙන්ම සිංහල ඡන්දද ලබාගෙනය. ඒ කාලයේ දී සිංහල හා මුස්ලිම් ප්‍රජාවන් අතර මේ ආකාරයේ ගැටුම් නොතිබුණි.

නමුත් 1980 ගණන්වල අග සිට මුස්ලිම් ප්‍රජාවේ කොටසක්ද ජාතිවාදී දේශපාලන පක්‍ෂවලට අනුගතව තිබේ. මේ නිසා නොයෙක් දේශීය හා විදේශීය බලවේගවලට තම ඒජන්තවරුන් ලවා සිංහල හා මුස්ලිම් ප්‍රජාවන් අතර ගැටුම් ඇතිකිරීම පහසු වී ඇත. අද මේ ඇතිවන සිංහල – මුස්ලිම් ගැටුම් මෑත කාලීන ප්‍රපණ්චයකි. 2012 වසර වන තෙක් සිංහල හා මුස්ලිම් ප්‍රජාවන් අතර මෙවැනි ගැටුම් නොතිබුණු බව කාටත් මතක ඇතැයි මම සිතමි. අද යහපාලන ආණ්ඩුව තුළ සිටින කුමන්ත්‍රණකරුවන් පිරිසක් එදා මගේ ආණ්ඩුව අස්ථාවර කිරීමට පටන්ගත් මේ ක්‍රියාදාමයට දැන් වෙනම ජීවයක් ආරූඩ වී ඇති බවක් පෙනෙන්නට තිබේ. අද මේ රටේ ජන කොටස් අතර අවිශ්වාසය එන්න එන්නම වර්ධනය වෙමින් පවතී.

උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ ජනතාව විශාල වශයෙන් ජීවත් වුවද දෙමළ ජනතාවගෙන් අති බහුතරය ස්ථිරව පදිංචි වී සිටින්නේ උතුරු නැගෙනහිර පළාත් වලින් පිට, සිංහල ජනතාව අතරය. එමෙන්ම නැගෙනහිර පළාතේ සෑහෙන මුස්ලිම් ජනගහනයක් සිටිය ද මුස්ලිම් ජනතාවගෙන් අතිබහුතරය ස්ථිරව පදිංචි වී සිටින්නේ නැගෙනහිර පළාතෙන් පිට සිංහල හා දෙමළ ජනතාව අතරය. අප දැනට අත්දකිමින් සිටින්නේ මහපොළොවේ දක්නට තිබෙන ඒ යථාර්ථයත් ජාතිවාදී දේශපාලනයත් අතර ඇති නොගැලපීමයි. වෙනත් ආගම් හා ජාතීන්වලට අයත් ජනකොටස් සතුරන් හැටියට පෙන්නුම් කිරීම ජාතිවාදී දේශපාලනයේ පදනමයි. අද මේ රටේ ඇතිවී තිබෙන්නේ වෙනස් ආගම් හෝ ජාතිකත්වයන් සහිත පුද්ගලයන් අතර ආරවුලක් හෝ ගැටුමක් ඇතිවුවහොත්, එය ප්‍රදේශය පුරාම පැතිර යන ජාතිවාදී කෝලාහලයක් බවට පත්වීමේ ප්‍රවණතාවයකි.

මේ තත්ත්වයට දිගින් දිගටම පැවතීමට ඉඩ හැරීමට අපට නොහැක. අපේ පළමු නිදහස් අණ්ඩුවට සමානව සිංහල, දෙමළ හා මුස්ලිම් නායකයන් සහයෝගයෙන් කටයුතු කරන ජාතිකවාදී සන්ධානයක් නැවත මේ රට තුළ ගොඩනැගීමේ අවශ්‍යතාවයක් ඇත. දශක ගණනාවක් පුරා මේ රට තුළ පතුරුවා ඇති ජාතිවාදී වස විස නිසා මෙය කිසිසේත්ම පහසු කාර්යයක් නොවනු ඇත. නමුත් මෑතකදී පවත්වනු ලැබූ පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵල නිසා ජාතිවාදී රැල්ල ආපස්සට හැරවීමට යම්කිසි අවකාශයක් විවර වී ඇති බවක් බැලූ බැල්මට පෙනෙන්නට තිබේ. මේ සම්බන්ධයෙන් දේශමාමක සිංහල,දෙමළ හා මුස්ලිම් පුද්ගලයන් හා සංවිධාන සමඟ ඉදිරියේදී සංවාදයක් ඇතිකර ගැනීමට මම අදහස් කරගෙන සිටිමි.

මහින්ද රාජපක්‍ෂ
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති

Thursday, March 1, 2018

“අමා දම් සිසිල” පොහො දින ධර්ම දේශනා මාලාවේ 172 වන ධර්ම දේශනය

“අමා දම් සිසිල” පොහො දින ධර්ම දේශනා මාලාවේ 172 වන ධර්ම දේශනය මැදින් පුර පසළොස්වක පොහෝ දිනය නිමිති කොට ගනිමින් තංගල්ල කාල්ටන් නිවසේදී මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.