[2]. ඊට හැරෙන තැපෑලෙන් පිළිතුරු දුන් මහින්ද රාජපක්ෂ ජනාධිතිතුමන් පැවසූයේ ෆේස්බුක් හෝ වෙනත් සමාජ ජාල කිසි සේත්ම වාරණය නොකරන බවයි.
[3]. 2014 මුලදී ෆේස්බුක් රැක ගැනීම වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලූ රනිල් වික්රමසිංහ මහතා මේ වන විට ශ්රී ලංකාව තුළ ෆේස්බුක් තහනම් කර ඇත.
[4]. 2014 මුලදී ෆේස්බුක් තහනම් කරන්නේ නැති බව පැවසූ මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා, තමන්ට එරෙහිව ෆේස්බුක් හරහා කොතෙකුත් සාහසික මඩ අවලාද එල්ල වුවද, ෆේස්බුක් සමාජ ජාලය එතුමාගේ රජය පෙරළීමට පවා හේතු වුවද, එතුමා දුන් පොරොන්දුව අකුරටම පිළි පදිමින් ෆේස්බුක් වෙත අත තැබුවේවත් නැත.
[5]. නමුත් සැලකිය යුතු පිරිසක් ජනාධිපතිවරණය අවසන් වෙන තුරුම විශ්වාස කළේ එවකට ෆේස්බුක් තහනම් කරනු ඇති බවයි. ඒ හුඹස් බිය මතම මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමන්ට එරෙහි වීමට සමහරුන් කටයුතු කර තිබුණි.
[6]. "කී දේ කරන, විශ්වාසය තැබිය හැකි නායකයා" කවුදැයි දැන්වත් ජනතාව අවබෝධ කරගෙන ඇතැයි සිතමු.
[7]. 2014 දී ෆේස්බුක් වෙනුවෙන් දිවි පිදීමට වුවද ලෑස්ති බව පෙන්වූ සමහර යහපාලනවාදීන්, මේ වන විට VPN යොදා ගනිමින් ෆේස්බුක් වෙත පැමිණ ෆේස්බුක් තහනම ෆේස්බුක් එකේ සිටම සාධාරණීකරනය කරන නිර්ලජ්ජිත භාවය ද ඔබට දැකගැනීමට හැකි වෙනු ඇත.