Mahinda Rajapaksa: සමාජ මාධ්‍ය වාරණය තුළින් ආණ්ඩුව කඩ කරන ලද ඔබගේ මානව හිමිකම් මෙන්න.

Thursday, March 15, 2018

සමාජ මාධ්‍ය වාරණය තුළින් ආණ්ඩුව කඩ කරන ලද ඔබගේ මානව හිමිකම් මෙන්න.


facebook, viber සහ whatsapp ශ්‍රී ලංකාවේ පුරවැසියන් විසින් භාවිතා කරන්නේ ප්‍රධාන වශයෙන්ම තොරතුරු ලබා ගැනීම, අදහස් ප්‍රකාශ කිරීම, වෙළඳ ව්‍යාපාර සහ ඥාති හිතවතුන් අතර සන්නිවේදනය වෙනුවෙනි. අන්තර්ජාලය භාවිතා කරන සෑම පුද්ගලයෙක්ම අදාල දුරකථන සමාගමට ඒ වෙනුවෙන් මුදල් ගෙවීමක් සිදුකරයි.

වත්මන් ආණ්ඩුවේ වුවමනාව පරිදි 2018/03/06 දින සිට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කපිල වෛද්‍යරත්න මහතාගේ උපදෙස්මත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති ඔස්ටින් ප්‍රනාන්දු මහතා විසින් facebook, viber සහ whatsapp ආදියට පිවිසීමට නොහැකි වන ආකාරයට එම සේවාවන් අවහිර කර තිබුණි.

එනිසා ආණ්ඩුව විසින් උල්ලංඝනය කරන ලද නීතින් ඔබ සැමගේ අවධානය පිණිස පහතින් දක්වමු.

 

[1]. සමාජ මාධය වාරණය තුලින් 1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යාස්ථාවේ 14(1) (අ), (ඇ) සහ (උ) යන වගන්ති උල්ලංඝණය කර ඇත.

මූලාශ්‍රය: https://www.parliament.lk/files/pdf/constitution-si.pdf

14 (1) වගන්ති ජාතික ආරක්ෂාව හා ජාතීන් අතර වාර්ගික හා ආගමික සහයෝගීතාව සදහා සීමා කිරීම කළ හැකිවුව ද එසේ එසේ සීමාකිරීමට තරම් හේතුවක් පැනනැගී නැත.

සමාජ මාධ්‍ය නිසා වාර්ගික ගැ‍ටුම් ඇති නොවන බවට හේතු.

(i). 1971 කැ‍රැල්ල, 1983 කළු ජූලිය, 88/89 ජවිපෙ කැ‍රැල්ල, සහ තිස් වසරක කොටි ත්‍රස්තවාදය ඇති වූයේ අන්තර්ජාල සමාජ මාධ්‍ය පවතික වකවානුවක නොවේ.

(ii). එසේම 2014 අලුත්ගම ගැ‍ටුම පවතින අවස්ථාවේදී සමාජ මාධ්‍ය පැවැති අතර සමාජ මාධ්‍ය මගින්ම අලුත්ගම ගැ‍ටුමට ජනතාව එරෙහි වෙන ලදී. එනිසාම අලුත්ගම ගැ‍ටුම මෙවර මෙන් විශාලව ඇදි ඇදී ගියේ නැත.

(iii). 2018 මාර්තුවේ දී තෙල්දෙනිය සිද්ධිය අවස්ථාවේදී මහනුවර සම්පූර්ණයෙන්ම අන්තර්ජාලය විසංධි කිරීමත්, රට පුරාම සමාජ මාධ්‍ය අවහිර කිරීමත් සිදු කෙරුණි. මෙවර ගැ‍ටුම දිගින් දිගටම ඇදී ගියේය.

(iv). ඒ අනුව ජාතීන් අතර වාර්ගික සහ ආගමික සහයෝගීතාවය නැති වන්නේ සමාජ මාධ්‍ය නිසා නොව, සමාජ මාධ්‍ය අවහිර කිරීම නිසා ජනතාව අතර ව්‍යාජ කට කතා ඇති වීමත් ඒවා බොරු බව පෙන්වීමට කිසිවෙක් නොසිටීමත් නිසා බව පැහැදිළි වෙයි.

 

[2]. සමාජ මාධ්‍ය වාරණය පවතින අතර තුරදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය නිල facebook පි‍ටු යාවත්කාලීන කර ඇත.

උදාහරණ: https://www.facebook.com/maithripalas/posts/10155961599971327

https://www.facebook.com/maithripalas/photos/a.10152815938036327.1073741920.365053451326/10155961319076327

https://www.facebook.com/ranil.wickremesinghe.leader/posts/1262390770527093

https://www.facebook.com/ranil.wickremesinghe.leader/posts/1261628900603280

එමගින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (2) වගන්තිය උල්ලංඝනය කර ඇත.

මූලාශ්‍රය: https://www.parliament.lk/files/pdf/constitution-si.pdf

 

[3]. සාමාජික රටක් වශයෙන් ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශය ‍රැකීමට බැඳී සිටී.

එහි 19 වන ඡේදය සමාජ මාධ්‍ය වාරණය නිසා ශ්‍රී ලංකා රජය විසින් උල්ලංඝනය කර ඇත.
Article 19.
Everyone has the right to freedom of opinion and expression; this right includes freedom to hold opinions without interference and to seek, receive and impart information and ideas through any media and regardless of frontiers.

මූලාශ්‍රය: http://www.un.org/en/universal-declaration-human-rights/

සිංහල පරිවර්තනය: සෑම පුද්ගලයෙකුටම මැදිහත්වීම්වලින් තොරව අදහස් දැරීමට අයිතියක් තිබිය යුතුය. සෑම පුද්ගලයෙක්ටම ප්‍රකාශනයේ නිදහස භුක්ති විඳීමට අයිතියක් තිබිය යුතුය; මෙම අයිතිවාසිකම් තුළ නිරීක්ෂණයේ නිදහසත්, සියලුම ආකාරයේ අදහස් හා තොරතුරු ලබා ගැනීමේ හා බෙදා හැරීමේ නිදහසත් අඩංගු විය යුතු අතර කට වචනයෙන්, ලිවීමක් හෝ මුද්‍රණයක් ආකාරයෙන්, සිතුවම් මාධ්‍යයෙන් හෝ අදාළ පුද්ගලයාගේ තේරීම අනුව වෙනත් ඕනෑම මාධ්‍යකින් සීමා මායිම් වලින් තොරව ප්‍රකාශනයක් කිරීමට අයිතිය ලැබිය යුතුය.

 

මේ සියල්ලම සිදුවූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙන්ම විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේත් පූර්ණ අනුදැනුම යටතේ ය. වත්මන් රජය විසින් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ මානව හිකිකම් නොතකා ජනතාව පීඩාවට පත් කළ පළමු අවස්ථාව මෙය නොවේ. වත්මන් නීති විරෝධී පාලනය දෙවැනි වන්නේ එදා 88/89 කැ‍රැල්ල අවස්ථාවේදී එවකට එජාප රජය හැසිරුණ ආකාරයට පමණි.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.