ශ්රී ලංකා පොදුජන පෙරමුණේ බණ්ඩාරවෙල ප්රධාන සංවිධායක ලෙස උදිත් ලොකුබණ්ඩාර මහතා පත් කර ඇත. ඒ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් අතින් එම පත්වීම ලබා ගන්නා ලදී.
උදිත් ලොකුබණ්ඩාර මහතා මීට පෙර බදුල්ල දිස්ත්රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් විය. ඔහු හිටපු කථානායක විජමු ලොකුබණ්ඩාර මහතාගේ පුත්රයා වෙයි. එසේම වර්තමානයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ පුද්ගලික ලේකම්වරයා ලෙසද කටයුතු කරයි.