Mahinda Rajapaksa: ජනාධිපතිවරණය අවසන් වෙනවාත් සමගම රුසියානු තානාපතිවරයා පැමිණ මහින්ද මැතිඳුන් හමු වෙයි.

Monday, March 19, 2018

ජනාධිපතිවරණය අවසන් වෙනවාත් සමගම රුසියානු තානාපතිවරයා පැමිණ මහින්ද මැතිඳුන් හමු වෙයි.


පසුගිය ඉරිදා පවත්වනු ලැබූ ඡන්දයෙන් රුසියානු ජනාධිපති වැලදිමිර් පුටින් මහතා ජයගත් පසු කොළඹ රුසියානු තානාපති යුරි බී. මැතේරි මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාව සඳුදා සිය නිල නිවසේදී හමුවිය.

මේ අවස්ථාවේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති පුටින්ගේ විජයග්‍රහණය ගැන එතුමාට සුභපැතුම් ප්‍රකාශ කර සිටියේය.

ශ්‍රී ලංකාව සහ රුසියාව දිගු කාලීන මිතුරන් වන අතර, කොටි ත්‍රස්තවාදය පැරදවීමේ මානුෂික මෙහෙයුම විජයග්‍රහණය කිරීමට අවශ්‍ය ආයුධ බලය ශ්‍රී ලංකාවට ලබා දීමට රුසියාව කටයුතු කළේ ය.