බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ කොළඹ සම්බුද්ධාලෝක විහාරයේ විහාරාධිපති අතිපුජ්‍ය දරණාගම කුසලධම්ම නාහිමිපාණන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් සහභාගි වූ අවස්ථාව. නා හිමියනි, ඔබවහන්සේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කරන ලද මහා සේවය සහ ඔබවහන්සේගේ ධර්ම දානයේ ආනුභාවයෙන්ම ඔබවහන්සේට නිවන් සුව අත් වේවා.