Mahinda Rajapaksa: ආණ්ඩුව ජාතිවාදය අවුලුවද්දී, මහින්ද රාජපක්ෂ මැතිතුමන් ගිණි නිවීම කරට ගනී.

Friday, March 9, 2018

ආණ්ඩුව ජාතිවාදය අවුලුවද්දී, මහින්ද රාජපක්ෂ මැතිතුමන් ගිණි නිවීම කරට ගනී.



ඉතිහාසයේ සිටම ශ්‍රී ලංකා දේශපාලන, ආගමික හා සංස්කෘතික අර්බුදයන් පැවති අවස්ථාවේ ඒ වෙනුවෙන් අඑතිහාසික තීන්දු තීරණ රැසක් ලබාගත් ස්ථානයක් වන මහනුවර මහායාය රත්වත්තේ වලව්වට අද රැස්වූ අස්ගිරි - මල්වතු අනුනායක ස්වාමීන්ද්‍රයන්වහන්සේලා හා මහනුවර ප්‍රධාන මුස්ලිම් මවුලවිතුමන්ලා එක්වී ගරු මහින්ද රාජපක්ෂ මැතිදුන්ගේ ප්‍රධානත්වයෙන් ලොහාන් රත්වත්තේ හා උදිත් ලොකුබණ්ඩාර මැතිතුමන්ලාගේ මෙහෙයවීමෙන් මහනුවර අවට ජාතීන් අතර සිදු වූ ඒ ප්‍රචණ්ඩාත්මක ක්‍රියා පිළිබද සාකච්ඡා කොට මෙම තත්වය සමනය කොට අර්බුදයට ලක්වූ පුද්ගලයින් වෙනුවෙන් ගතහැකි කඩිනම් ක්‍රියාමාර්ගයන් රැසක් පිළිබදව සාකච්ඡා කළහ.

වත්මන් ආණ්ඩුව විසින් නීතිය සැමට සමානව ක්‍රියාත්මක නොකිරීම නිසා සහ රාජිත සේනාරත්න අමාත්‍යවරයාම පවසන ආකාරයට පසුගිය මැතිවරණයෙන් පරාජය වූවන්ගේ වුවමනාව පරිදි (ගිය මැතිවණයේදී පරාජයට පත් වූයේ එක්සත් ජාතික පක්‍ෂය, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු ආණ්ඩුවේ සිටින පාර්ශවයන්) මෙම අර්බුදය හට ගත් අතර, ආණ්ඩුව ඊට පිළියමක් ලෙස යොදා ඇත්තේ ජනමාධ්‍ය පාලනය කිරීම සහ, ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය තහනම් කිරීම සහ ඇඳිරි නීතිය දැමීමයි.

එජාපය විපක්ෂයේ සිටියදී රටේ කිසියම් අර්බුදයක් ඇති වූ විට ඔවුන් කරන්නේ සමස්ත වගකීම ආණ්ඩුව පිට පටවමින් තව තවත් අර්බුදය උග්‍ර කිරීම වුවද, මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් රාජ්‍ය නායකයෙකුගේ භූමිකාව ආදර්ශමත්ව ඉ‍ටු කිරීම සමාජ මාධ්‍ය වල ජනතාවගේ ප්‍රසංශාවට ලක්ව තිබේ.








තවත් අයටත් බලන්නට "Share" කරන්න.

4 comments:

  1. ඔබතුමන්ගේ රාජ්‍ය පාලන සමයේදී නියපොත්තෙන් කඩන්නට තිබෙන දෙය පොරොවෙන් කපන්නට ඉඩ තැබුවේ නැත. එනිසා තිස් අවුරුදු මිනීමරු ත්‍රස්තවාදය අවසන් වීමෙන් පසු මෙරට වෙසෙන සෑම ජන කොටසක්ම සතුටින්,සාමයෙන්, සමාදානයෙන් ජීවත් වීමු. එහෙත් 2015 ජනවාරී 08 වනදායින් පසු එම සුන්දර යුගය කෙමෙන් කෙමෙන් නැවත අසුන්දර යුගයක් බවට පරිවර්තනය විය. එයට ප්‍රධානතම හේතුව වූයේ වර්තමාන රජයේ පාලන තන්ත්‍රය තුළ පවතින නිවට, නියාළු භාවයයි. එය මෙරට වෙසෙන බහුතර ජනයාට දැන් හොඳාකාරවම අවබෝධ වී ඇත. එනිසා නැවතත් මෙරට ජාතීවාදී අරගල උත්සන්න වීම වළකාළමින් මීනීමරු බෙදුම්වාදී යුද්ධකයට රැගෙන යාමට නොදී රට ජාතිය බේරා ගැනීමට හැකි එකම නායකයා,මඟපෙන්වන්නා ඔබතුමන්ය.

    ReplyDelete
  2. පරාජයේ සන්දර්ශන පැවැත්වෙන,
    පාලනයේ හෙලුවත් ඉන් වසාගෙන,
    "පාලපති"ගෙ නරිවාදන් අසාගෙන,
    "ගහත් කොලෙත්" පොදු ජනයා හඳුනගෙන.

    මගඩි සියලු යටපත් කර දැමීමට,
    වයිවාරනේ සෙල්ලම් එයි ඉදිරියට,
    මැතිඳු ඔබට ඔබවෙනුවෙන් පණ දෙන්ට,
    ඉදිරියෙනුයි කවදත් අපි එක ලෙසට

    ReplyDelete
  3. ඔබතුමා ජනතාවගේ හදගැස්ම හඳුනන ජනතාව ආදරය කරන එකම නායකයා. මේ අදූරදර්ශී ජාතික ආන්ඩුව තව ඉදිරියට ගියොත් රට කෑලි කෑලි වලට කඩනවා. රාජ්‍ය සම්පත් විකුණනවා. දිවි පරදුවට තබා රට බේරාගත් රණවිරුවන් සිරගෙවල් පෝරක වල පිටරටවල දඩුවම් විඳින තුරු අපිට බලා ඉන්න බැහැ. මේ මහා පාප කර්ම තව ඉදිරියට සිදු නොවීමට ගත හැකි නිශ්චිත ක්‍රියා මාර්ගයකට ජයග්‍රාහී කන්ඩායමත් සමඟ ඔබතුමා තීන්දු තීරණ ගෙන මේ රට බේරා ගන්න තුරු අපි බලා ඉන්නවා.

    ReplyDelete
  4. හරියට අර ශොපිං බෑග් මිල දෙගුනයකින් වැඩිකරන්න ආන්ඩුව යොදපු උපක්‍රමය වගේ එකක් වෙන්නැති මේකත්. මිනී මරල ඒ මුවාවෙන් ෆේස්බුක් බ්ලොක් කරාම මිනිස්සු vpn ගන්නව ෆේස්බුක් යන්න. එතකොට ආන්ඩුවට හොද්ද හොඳයි. හැම මගුලටම බදු. දැන් ත්‍රස්තවාදි යුද්දයක් නැති නිසා එජාපය මඩි ගහගන්න අලුත් ක්‍රම හොයන්න පුලුවන්. ත්‍රස්තවාදය නැත්තං ජාතිවදය. කොහොම හරි මීනී මරල තමයි හම්බ කරන්නෙ. ආන්ඩුවට යහපල්ලම්.

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.