මහින්ද ජනාධිපති තුමාගෙ කාලෙදි ෆේස්බුක් වාරණයක් ගැන බොරු භීතියක් පැතිරවූ උදවියට පිළිතුරු.

[1]. 2014 මුල් භාගයේ දිනක එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගේ ආණ්ඩුව විසින් ෆේස්බුක් වාරණය කරන්නට සැලසුම් කරන බවයි. එහි වීඩියෝව පහත දැක්වේ.

 

[2]. ඊට හැරෙන තැපෑලෙන් පිළිතුරු දුන් මහින්ද රාජපක්ෂ ජනාධිතිතුමන් පැවසූයේ ෆේස්බුක් හෝ වෙනත් සමාජ ජාල කිසි සේත්ම වාරණය නොකරන බවයි.

[3]. 2014 මුලදී ෆේස්බුක් ‍රැක ගැනීම වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලූ රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට ශ්‍රී ලංකාව තුළ ෆේස්බුක් තහනම් කර ඇත.

[4]. 2014 මුලදී ෆේස්බුක් තහනම් කරන්නේ නැති බව පැවසූ මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා, තමන්ට එරෙහිව ෆේස්බුක් හරහා කොතෙකුත් සාහසික මඩ අවලාද එල්ල වුවද, ෆේස්බුක් සමාජ ජාලය එතුමාගේ රජය පෙරළීමට පවා හේතු වුවද, එතුමා දුන් පොරොන්දුව අකුරටම පිළි පදිමින් ෆේස්බුක් වෙත අත තැබුවේවත් නැත.

[5]. නමුත් සැලකිය යුතු පිරිසක් ජනාධිපතිවරණය අවසන් වෙන තුරුම විශ්වාස කළේ එවකට ෆේස්බුක් තහනම් කරනු ඇති බවයි. ඒ හුඹස් බිය මතම මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමන්ට එරෙහි වීමට සමහරුන් කටයුතු කර තිබුණි.

[6]. “කී දේ කරන, විශ්වාසය තැබිය හැකි නායකයා” කවුදැයි දැන්වත් ජනතාව අවබෝධ කරගෙන ඇතැයි සිතමු.

[7]. 2014 දී ෆේස්බුක් වෙනුවෙන් දිවි පිදීමට වුවද ලෑස්ති බව පෙන්වූ සමහර යහපාලනවාදීන්, මේ වන විට VPN යොදා ගනිමින් ෆේස්බුක් වෙත පැමිණ ෆේස්බුක් තහනම ෆේස්බුක් එකේ සිටම සාධාරණීකරනය කරන නිර්ලජ්ජිත භාවය ද ඔබට දැකගැනීමට හැකි වෙනු ඇත.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  • 267
  •  
  •  
  •  
  •  
    267
    Shares

5 comments to මහින්ද ජනාධිපති තුමාගෙ කාලෙදි ෆේස්බුක් වාරණයක් ගැන බොරු භීතියක් පැතිරවූ උදවියට පිළිතුරු.

  • Guardian

    එදා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ Facebook ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කළ කතාව මෙන්න..

    අපි ඉඩ දෙන්නෙ නැහැ Facebook නැති කරන්න

  • Nethisha

    1
    වික්කම සිංහයා පත්කරනා දා වලගියේදෝ අර මහේන්ද්‍රනයා
    බෑනෝ නුබ පල් නුබේ දරුවන් පල් අප දුටුවේ නැත මහේන්ද්‍රනයා

    central බැංකුවේ bond විකුණන දා වලගියේදෝ අර මහේන්ද්‍රනයා
    බෑනෝ නුබ පල් නුබේ දරුවන් පල් අප දුටුවේ නැත මහේන්ද්‍රනයා

    සිංගප්පුරුවේ උබ ගියදා වලගියේදෝ අර මහේන්ද්‍රනයා
    බෑනෝ නුබ පල් නුබේ දරුවන් පල් අප දුටුවේ නැත මහේන්ද්‍රනයා

    කඩුවක් අරගෙන හොරු අල්ලනදා වලගියේදෝ අර මහේන්ද්‍රනයා
    බෑනෝ නුබ පල් නුබේ දරුවන් පල් අප දුටුවේ නැත මහේන්ද්‍රනයා

  • Asaranaya

    සත් ගුණවත් හොරකමට බය නැති අගමැට්ටා මෙසේ අඬාවැලපෙයි :-
    අනේ දෙවියනේ මට වුණු වියෝයා,
    පැලේ පැදුර හොරු අරගෙන ගියෝයා,
    බැන්කු කඩා දඬුවම මට ලැබේයා,
    බේරාගන්න කවුරුත් නැත දැනේයා.

  • Asaranaya

    දැක්කම හරි දුකයි රනිලගේ මූණ දිහා,
    යන්නම දෙමු පව් බන් නැත කතාබහා,
    මක්කම යාවිදෝ අල්ලගේ කීම අහා,
    වික්කම සින්හ හට වුනුදේ නොකිය බැහා.

  • Nethisha

    සිරිසේන :-
    සොයා සොයා ආවා මට මහේන්ද්‍රන්ව හම්බුනා
    එයා තමයි Centralබැංකු කඩපු එක්කෙනා
    එයා තමයි Centralබැංකු කඩපු එක්කෙනා
    සල්ලලා ලා ලා

    වික්කමසිංහ :-
    පෙරදාක එදා මහා බැංකුවේ සල්ලි ඇදලා
    නොකියම මොකෝ යන්න ගියේ මා හැරදාලා

Leave a Reply