ජනාධිපතිවරණය අවසන් වෙනවාත් සමගම රුසියානු තානාපතිවරයා පැමිණ මහින්ද මැතිඳුන් හමු වෙයි.

පසුගිය ඉරිදා පවත්වනු ලැබූ ඡන්දයෙන් රුසියානු ජනාධිපති වැලදිමිර් පුටින් මහතා ජයගත් පසු කොළඹ රුසියානු තානාපති යුරි බී. මැතේරි මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාව සඳුදා සිය නිල නිවසේදී හමුවිය.

මේ අවස්ථාවේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති පුටින්ගේ විජයග්‍රහණය ගැන එතුමාට සුභපැතුම් ප්‍රකාශ කර සිටියේය.

ශ්‍රී ලංකාව සහ රුසියාව දිගු කාලීන මිතුරන් වන අතර, කොටි ත්‍රස්තවාදය පැරදවීමේ මානුෂික මෙහෙයුම විජයග්‍රහණය කිරීමට අවශ්‍ය ආයුධ බලය ශ්‍රී ලංකාවට ලබා දීමට රුසියාව කටයුතු කළේ ය.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  • 1K
  •  
  •  
  •  
  •  
    1K
    Shares

7 comments to ජනාධිපතිවරණය අවසන් වෙනවාත් සමගම රුසියානු තානාපතිවරයා පැමිණ මහින්ද මැතිඳුන් හමු වෙයි.

  • Asaranaya

    ඔබට තියෙන ආදරේ මට කියලා දෙන්න;
    රටේ තියෙන තල් කොල මදි ලියලා දෙන්න.

  • Ex_JVPer

    චීනය සහ රුසියාව ඉදිරියේදී අපට සිටින සැබෑ මිතුරන් දෙදෙනාය! යම් හෙයකින් ආරක්ෂක මණ්ඩලයට ඊලම් යොජනාවක් ආවොත් නිෂේද බලය යොදා අප ව ගලවා ගන්නට සිටින්නේ මෙම රටවල් දෙකයි!

  • Guardian

    අපේ රටට අද මෙහෙම වෙලා තිබෙන්නෙ අපේ රටේ හිටපු පුටින් ජනාධිපතිතුමන්ව පරාජය කරවීමට කටයුතු කළ නිසයි. ඒකාධිපතිවාදය නැමැති බහුබූතයක් ජන මනසේ සනිටුහන් කිරීමට සතුරු පාර්ශවය කටයුතු කිරීමේ පල විපාක අද මුළු මහත් දේශයටත්, මුළු මහත් ජාතියටත් දැනී අවසන්ය. මෙරට නැවත ගොඩ නැගීම සඳහා විවිධ හිපාටුවන්ට පාච්චල් නොවන, ශක්තිමත් හා එඩිතර යලි යලිත් ජනපති ලෙස පත්වන පුටින් ජනපති වන් ජනපතිවරයෙක් අවශ්‍යමය.

  • Guardian

    රුසියාවේ පුටින් ජනපතිතුමන්ට මහින්ද රාජපක්ෂ මැතිඳුන් යැවූ සුභ පැතුම් පණිවුඩය මෙන්න..

  • sayumi

    අප රටේ සැබෑ සුමිතුරෙකු වන රුසියාවේ යලිත් ජනපති ධූරයට තේරී පත් වූ ව්ලැදිමීර් පුටින් ජනාධිපති තුමන්ට අපගේ හර්දයාන්ගම සුභපැතුම් !!!

    • jayamal

      සයුමි, ලෝකය ජයගත් රුසියාවේ පුටින් ජනාධිපතිතුමාට හද පත්ලෙන්ම සුබ පතන්න ඔබ ඇතුලු මිතුරන් සැවොම සමඟින් එක්වෙමි. අපේ මහපොලොවේ වීර ලක් පුතෙක් වන ආචාර්ය නාලක ගොඩහේවා ජාත්‍යන්තරය ඇමතූ හැටි ඔබ දුටුවද?

      • sayumi

        ඔව් ජයමල් හරිම සතුටුයි ඒ ගැන.පාලු ගෙයි වලන් බිඳිනවා වගේ ජිනීවාහි හැසිරුණු කොටි හපුවන්ට තවදුරටත් ඒ සෙල්ලම් දාන්න බැරිවීම ගැන ලොකු ආඩම්බරයක් හිතට දැනෙන්නේ. නාලක ගොඩහේවා මැතිඳුන්, සරත් වීරසේකර මැතිඳුන් ප්‍රමුඛ ශ්‍රී ලාංකීය ගෝලීය සන්සදයට අපේ ප්‍රණාමය හිමිවිය යුතුයි.එතෙර සිට අපේ රට වෙනුවෙන් ඔවුන් ඉටු කරන කාර්ය භාරය වෙනුවෙන්.

Leave a Reply to Asaranaya Cancel reply