මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගෙන් පොහොට්‍ටුවේ පුංචි මන්ත්‍රීවරුන්ට ජීවිත කාලෙටම වටින උපදෙස්!

මෙවර අනුරාධපුරය, රත්නපුරය, පොලොන්නරුව දිස්ත්‍රික්ක වල ප්‍රාදේශීය සභාවන්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරී පත්වූ අපේක්ෂකයින් දිවුරුම් දීම 2018 මාර්තු 20 වන අගහරුවාදා පෙ.ව. 8.30 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ඉදිරියේදී විජේරාම පිහිටි නිලනිවසේදී පැවැත්වුණි.

එහිදී එතුමන් නවක මන්ත්‍රීවරුන්ට ලබා දුන් උපදෙස් පිළිබඳව කවුරුත් ප්‍රසංශා කළෝය. එය පහත වීඩියෝවෙන්.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

6 comments to මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගෙන් පොහොට්‍ටුවේ පුංචි මන්ත්‍රීවරුන්ට ජීවිත කාලෙටම වටින උපදෙස්!

  • Guardian

    දේශපාලනය කරන පුද්ගලයා දේශපාලනයෙන් හැදෙන්න නෙමෙයි එන්නෙ. දේශපාලනයෙන් රට හදන්න එන්නෙ.” සහතික ඇත්ත සර්, එහෙත් වර්තමාන දේශපාලනය පිළිබඳව හැරී බැලීමේදී නම් පෙනෙන්නෙ ඔහු හෝ ඇය ජනතා මනාපයෙන් දේශපාලනයට පැමිණි තිබෙන්නෙ ගම,රට ගොඩ නැගීම පසෙක තබා තමුන්ට හරි හම්බ කර ගැනීමට බවය. වර්තමාන යහපාලන රජය ගෙන යන විශමාචාර දේශපාලන ගමනෙන් යලිත් රටදැය නිවැරදි මාවතට දැමීම උදෙසා නිර්මාණය වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට මෙරට බහුතර ජනතාව අති දැවැන්ත ජනතා බලයක් ලබා දී අවසන්ය. එම මහා ජන මනාපයේ ආශිර්වාදයෙන් ජනතා සේවයට පැමිණෙන මෙම නවක මන්ත්‍රීවරුන්ට,මන්ත්‍රීවරියන්ට ඉහත කාරණාවේදී ඔබතුමා ලබාදුන් උපදේශය සෑම මොහොතක් මොහොතක් පාසා මතකයේ රැඳී තිබේවායි රටේ ඡන්දදායකයෙකු වශයෙන් මා ප්‍රාර්ථනා කරමි.

  • sayumi

    සක්‍රිය බැරකම් පනතත් සම්මත කර ගත්තා.මට තේරෙන් නෑ ඇයි මේකට එරෙහිව ඒකාබද්ධ විපක්ශෙ චන්දෙ නුදුන්නෙ කියලා.

    • ඊට හේතුව එහි දෙවන වර කියවීමේදී එස් බී දිසානායක මහතාගේ නමින් හොර ඡන්දයක් දමා පාර්ලිමේන්තුවේ පවා හොර ඡන්ද දැමීමට විරෝධය පළ කිරීමයි. අදාල සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් කාරී තත්ත්වයක් ඇති වූ අතර වරද නිවැරදි කිරීමට කථානායක වරයා කටයුතු කළේ නැත. යම් හෙයකින් ඒකාබද්ධ විපක්ෂයේ 55 දෙනාම ඡන්දය දීමට පැමිණියත්, එවිට පළාත් පාලන පනතේදී කළාක් මෙන් කථානායක වරයා විසින් ඡන්දය රාත්‍රී වෙනකම් හෝ කල් දමා ඊට වඩා වැඩි ආණ්ඩු පාක්ෂික මන්ත්‍රීවරුන්ව ගෙන්වනු ඇති. අදාල පනත සම්මත කිරීමේදී හොර ඡන්ද දැමීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයෙන් අධිකරණමය ක්‍රියාමාර්ගයක් ගැනීමට නියමිතයි. යම් හෙයකින් තෙවන වරට ඡන්දය දුන්නානම් මෙම අධිකරණමය ක්‍රියාමාර්ගය ගැනීමට බාධාවක් වන්නේ, එහිදී අදාල පනත සම්මත කිරීමේ ක්‍රමවේදය නීත්‍යානුකූලව පිළිගත් බවක් පෙන්වෙන නිසයි.

      • jayamal

        කතානායක වරයා අපක්ශපාත විය යුතුයි නේ. මේ විදියට දේශද්‍රෝහී පනත් ගෙනත් තක්කඩි කමින් අනුමත කරගෙන රට අඳුරෙන් අඳුරට ගෙන යනවා අපිට බලා ඉන්න බැහැ. තවත් කල් නොයවා සැබෑ දේශප්‍රේමී නායකයින් උපායශීලී ව මීට වඩා දැඩි පියවර අරගෙන මේ දේශද්‍රෝහී රජය පෙරලා රටත් ජාතියත් ආරක්ශා කර ගන්න තුරු අපි මඟ බලමින් ඉන්නේ. ඊනියා ජාතික ආන්ඩුව තවත් ඉදිරියට ගියොත් අපිට රටක් ඉතිරි නොවන බවයි මට නම් හිතෙන්නෙ.

        • sayumi

          ඔබ හරි ජයමල්. හොරා කොහොමින් හරි තමන් සුද්දන්ට හා කොටින්ට වූ සියලු පොරොන්දු ඉටු කර දීලම යන්න වගේ හදන්නේ. අපේ දේශප්‍රේමී නායකයින් වඩාත් උපායශීලීව හොරාගේ තක්කඩිකම් ගැන වැඩි අවධානයකින් සිටින්න වෙයි.ආණ්ඩුවේ ශ්‍රීලනිප මැති ඇමතිවරුන් හෝ දැනුවත් කර මේ රටට අහිතකර පනත් වලට එරෙහිව චන්දෙ දෙන්න ඔවුන් පොළඹවා ගන්න බැරි වේවිද.

  • sayumi

    ඔබට ස්තුතියි එඩිටර් තුමා මේ පැහැදිලි කිරීමට. කීකරු ජයසූරිය රට වලපල්ලට යවන්න පාර්ලිමේන්තුවේ කළහැකි වැඩ කොටස නොපිරිහෙලා ඉටු කරනවා.ආණ්ඩු පාක්ෂික ශ්‍රීලනිප මන්ත්රීලාත් හොරාට තවත් මේ රට වලපල්ලට යවන්න ඉඩ දෙන එක කනගාටුවට කරුණක්.

Leave a Reply