මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් අවුරුදු චාරිත්‍ර ඉ‍ටු කිරීම.

සිංහල අලුත් අවුරුදු සිරිත් විරිත් අනුව නැකතට හිස තෙල් ගෑමේ චාරිත්‍රය පොළොන්නරුව දියබෙදුම පැරකුම් ගම ශ්‍රී ඥානොද්‍යාරාම විහාරස්ථානයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මිට අමතරව විරස්ථාන 110 ක නායක ස්වාමින් වහන්සේලා ඇතුළු මහසඟරුවන උදෙසා පැවැත්වූ දානමය පිංකම සදහාද එක් වූ මහින්ද රාජපක්ෂ මැතිතුමන් මහසඟරුවන ප්‍රමුඛ සමස්ත රට වැසියනට සුභ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කළහ.

එසේම අවුරුදු දා නැකැතට ලිප ගිණි මෙළවීම, වැඩ ඇල්ලීම, ආහාර අනුභවය, ගනුදෙනු කිරීම ආදී අවුරුදු චාරිත්‍ර වලටද මහින්ද රාජපක්ෂ මැතිතුමන් සම්බන්ධ විය. එතුමන් වැඩ ඇල්ලුවේ පැළයක් සිටවමිනි.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

5 comments to මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් අවුරුදු චාරිත්‍ර ඉ‍ටු කිරීම.

    • අවුරුදු සුබ පැතුමට බෙහෙවින් ස්තුතියි. ඔබ සියලු දෙනාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!

  • jayamal

    වසර දහස් ගණනක් බුදුදහම සුරැකුනු මේ පින්බිමට මහින්ද රාජපක්ස ජනාධිපතිතුමා වැනි හෙල බොදු සිරිත් අගයන සැබෑ ජනනායකයකු සදා වාසනාවන්! ඔබතුමා මේ අලුත් අවුරුද්දේ දැකීමත් අපේ පෙර පිනක් ලෙසයි දැනෙන්නේ. අපේ මේ පුංචි රට හරි මඟට ගන්න ඔබතුමාට වරම් ලැබේවා!

    • sayumi

      පාරම්පරික සිංහල බෞද්ධ ගෙදරක පවුලේ සැම සතුටින් එකතු වී අවුරුදු චාරිත්‍ර කරන අසිරිය මොනතරම් ලස්සනද. ජයමල් කියනවා වගෙ අපේ මහින්ද මැතිඳුන් ඇතුලු සැම මේ චාරිත්‍ර සිදු කරනවා දකින්න ලැබීමත් අපිට වාසනාවක්. අපේ පවර් සොයුරාගෙ අවුරුදු සුභපැතුමත් බොහොම ලස්සනයි. ගොඩක් ස්තුතියි මේ පින්තූර පළකලාට එඩිටර් තුමාටත්.

  • Asaranaya

    පියව් දීන ගති වඩවව් සිහළ බල
    අයව් පපුව ජාතික ඇල්මෙන් ඉපිල,
    සොයව් කොහිද කෝ සින්හල රජ කිරුළ,
    නොයව් පොරට විමසව් පමුණවන කල.

    අපගේ ජාතිහිතේශි දේශප්‍රේමින්ට, ලැබුවාවු අලුත් අවුරුද්ද,
    බලාපොරොත්තු සපලවන ප්‍රීතිමත් නව වසරක් වේවා

Leave a Reply