සිංහල අලුත් අවුරුදු සිරිත් විරිත් අනුව නැකතට හිස තෙල් ගෑමේ චාරිත්රය පොළොන්නරුව දියබෙදුම පැරකුම් ගම ශ්රී ඥානොද්යාරාම විහාරස්ථානයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.
මිට අමතරව විරස්ථාන 110 ක නායක ස්වාමින් වහන්සේලා ඇතුළු මහසඟරුවන උදෙසා පැවැත්වූ දානමය පිංකම සදහාද එක් වූ මහින්ද රාජපක්ෂ මැතිතුමන් මහසඟරුවන ප්රමුඛ සමස්ත රට වැසියනට සුභ අලුත් අවුරුද්දක් ප්රාර්ථනා කළහ.
එසේම අවුරුදු දා නැකැතට ලිප ගිණි මෙළවීම, වැඩ ඇල්ලීම, ආහාර අනුභවය, ගනුදෙනු කිරීම ආදී අවුරුදු චාරිත්ර වලටද මහින්ද රාජපක්ෂ මැතිතුමන් සම්බන්ධ විය. එතුමන් වැඩ ඇල්ලුවේ පැළයක් සිටවමිනි.