Mahinda Rajapaksa: August 2018

Sunday, August 5, 2018

තවත් මඩක් මාට්‍ටු. මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට අයත් යැයි කී ඔස්ට්‍රියා මාළිගාව සුද්දෙකුගේ බිල්ඩිමක්, උඩින් කොළයක් අලවලා.

"හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අයත් නිවසක් පිළිබද තොරතුරු ඔස්ට්‍රියාවේන් වාර්තාවේ. 43, 9521 Treffen, පිහිටි මෙම නිවස 2015 වසරේ මැද කාලයේ මිලයට ගෙන ඇති බවයි පැවසෙන්නේ." යනුවෙන් ආණ්ඩුවට කඩේ යන voiceofceylon.com නැමැති මඩ වෙබ් අඩවියක සඳහන් විය. [මූලාශ්‍රය]

එම පුවත එකී මඩ වෙබ් අඩවිය මෙහෙයවන බවට සැලකෙන ආණ්ඩුවේ කුලී ලියන්නෙක් විසින් සමාජ වෙබ් අඩවි වල බෙදා හැර තිබුණේ මෙලෙසයි. [මූලාශ්‍රය]

අදාල නිවස්නය වෙත ගොස් ඒ පිළිබඳව ඔස්ට්‍රියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් සොයා බැලීමක් කර ඇත. එහිදී පෙනී ගියේ කිසිවෙකු විසින් මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නම කඩදාසි කොළයක ලියා සෙලෝටේප් කර ගේට්‍ටුවේ ගසා ඇති බවයි. ඉන් පසුව එය ෆොටෝ ගසා වෙබ් අඩවි වල පළ කර ඇත. එම කඩදාසිය ඔසවා බැලූ විට එම නිවස්නයේ සැබෑ හිම්කරුගේ නම STUBNER යනුවෙන් දැක ගත හැකි විය. එසේම ඒ සමගම මහින්ද රාජපක්ෂ මැතිතුමන් ගැන වෙබ් අඩවි පුවතක් ද ප්‍රින්ට් අවුට් ගෙන අලවා තිබුණි. පහත දැක්වෙන්නේ එම අවස්ථාවේ වීඩියෝවයි.



මාළිගාවක් හැඳින්වීමට කඩදාසියකින් නම එල්ලා ඇති පුවරුවේ මුග්ධත්වය පෙන්වා දෙමින් සමාජ ජාල පරිශීලකයන් පළ කිරීමක් කළ විට, ඉහත මඩ ගැසූ පුද්ගලයා විසින් එය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට අයත් නොවන බව අවසානයේදී පිළිගෙන තිබුණේ මෙලෙසයි.