Mahinda Rajapaksa: තවත් මඩක් මාට්‍ටු. මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට අයත් යැයි කී ඔස්ට්‍රියා මාළිගාව සුද්දෙකුගේ බිල්ඩිමක්, උඩින් කොළයක් අලවලා.

Sunday, August 5, 2018

තවත් මඩක් මාට්‍ටු. මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට අයත් යැයි කී ඔස්ට්‍රියා මාළිගාව සුද්දෙකුගේ බිල්ඩිමක්, උඩින් කොළයක් අලවලා.

"හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අයත් නිවසක් පිළිබද තොරතුරු ඔස්ට්‍රියාවේන් වාර්තාවේ. 43, 9521 Treffen, පිහිටි මෙම නිවස 2015 වසරේ මැද කාලයේ මිලයට ගෙන ඇති බවයි පැවසෙන්නේ." යනුවෙන් ආණ්ඩුවට කඩේ යන voiceofceylon.com නැමැති මඩ වෙබ් අඩවියක සඳහන් විය. [මූලාශ්‍රය]

එම පුවත එකී මඩ වෙබ් අඩවිය මෙහෙයවන බවට සැලකෙන ආණ්ඩුවේ කුලී ලියන්නෙක් විසින් සමාජ වෙබ් අඩවි වල බෙදා හැර තිබුණේ මෙලෙසයි. [මූලාශ්‍රය]

අදාල නිවස්නය වෙත ගොස් ඒ පිළිබඳව ඔස්ට්‍රියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් සොයා බැලීමක් කර ඇත. එහිදී පෙනී ගියේ කිසිවෙකු විසින් මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නම කඩදාසි කොළයක ලියා සෙලෝටේප් කර ගේට්‍ටුවේ ගසා ඇති බවයි. ඉන් පසුව එය ෆොටෝ ගසා වෙබ් අඩවි වල පළ කර ඇත. එම කඩදාසිය ඔසවා බැලූ විට එම නිවස්නයේ සැබෑ හිම්කරුගේ නම STUBNER යනුවෙන් දැක ගත හැකි විය. එසේම ඒ සමගම මහින්ද රාජපක්ෂ මැතිතුමන් ගැන වෙබ් අඩවි පුවතක් ද ප්‍රින්ට් අවුට් ගෙන අලවා තිබුණි. පහත දැක්වෙන්නේ එම අවස්ථාවේ වීඩියෝවයි.



මාළිගාවක් හැඳින්වීමට කඩදාසියකින් නම එල්ලා ඇති පුවරුවේ මුග්ධත්වය පෙන්වා දෙමින් සමාජ ජාල පරිශීලකයන් පළ කිරීමක් කළ විට, ඉහත මඩ ගැසූ පුද්ගලයා විසින් එය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට අයත් නොවන බව අවසානයේදී පිළිගෙන තිබුණේ මෙලෙසයි.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

3 comments:

  1. පුවතක් පළ කරලා ඒක බොරුවක් වුනාම ඒ ගැන සමාව ඉල්ලන එකයි මාද්‍ය සදාචාරය. මුන්ට එහෙම සදාචාරයක් නෑ. මුන්ට ආත්ම ගරුත්වයක් නැති එකේ සදාචාරක් බලාපොරොත්තු වෙන එකේ තේරුමක් නෑ.

    ReplyDelete
  2. This government has been and even now is running on 'Gal arrack'.
    during the last three years this government increased the price of arrack from Rs.900/- to 1570/-.
    Squeezing the poor dry.

    ReplyDelete
  3. අපේ මහින්ද මැති තුමාගේ ඉන්දියානු සංචාරය ගැනවත් දාලා වෙබ් අඩවිය අප්ඩේට් කරන්න් නැත්තෙ ඇයි එඩිටර් තුමා?

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.