Mahinda Rajapaksa: October 2018

Wednesday, October 31, 2018

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් කාදිනල් තුමන්ව හමුවෙයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් තුමන්ව හමුවූ අවස්ථාව.



අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් ජාතිය අමතා මුදල් අමාත්‍යාංශයේදී කළ කථාව. (VIDEO)

මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් පසුගිය සිකුරාදා දිනයේ අගමැති ලෙස දිවරුම් දීමෙන් පසු අද දිනයේ මුල් වරට ජාතිය ඇමතීය.

අද දිනයේ මුදල් ඇමතිවරයා ලෙස මුදල් අමාත්‍යංශයේදී වැඩි භාර ගැනීමෙන් පසු ඒ මහතා පැය බාගයකට ආසන්න කාලයක් සිය මුල්ම මහජන ඇමතීම සිදු කළේය.

Tuesday, October 30, 2018

එජාපේ බහුතර සිහිනය තවත් බොඳ වෙයි. දුනේෂ් ගන්කන්ද රාජ්‍ය ඇමති ලෙස දිවුරයි.



රත්නපුර දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රි දුනේෂ් ගන්කන්ද මහතා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හා අගමැති මහින්ද රාජපක්‍ෂ මහත්වරුන්ව මුණ ගැසී, මහවැලි, පරිසර, ඉඩම් රාජ්‍ය ඇමැති දිවුරුම් දුන්නේය.

ගන්කන්ද මහතා පැවති රජයේ නියෝජ්‍ය ඇමතිවරයෙක්ද විය. එසේම ඔහු පරම්පරාගත එක්සත් ජාතික පාක්ෂිකයෙකි. එතුමා දිවුරුම් දෙන සුබ නැකැත අද දිනට යෙදී තිබුණි.

එසේම එක්සත් ජාතික පක්ෂයෙන් පැමිණෙන අනෙකුත් ඇමති වරුන්ගේ කැනැත් වේලාවන්ට අනුව ඔවුන් ඉදිරියේදී දිවුරුම් දීමට නියමිතව ඇති අතර, ඔවුන්ට එල්ල විය හැකි බලපෑම නිසා ඇමති ධූරයේ දිවූම් දෙන තෙක් ඔවුන්ගේ නම් හෙළි නොකරයි.

ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ පත්වීම නිල වශයෙන් පිළිගනියි.



ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයා, නාවික හමුදාපතිවරයා, ගුවන් හමුදාපතිවරයා, සිවිල් ආරක්ෂක බලකායේ අධිපතිවරයා සහ පොලිස්පතිවරයා, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් හමුවී එතුමන්ව නිල වශයෙන් පිළිගෙන සිය ආරක්ෂක අංශ වල සහයෝගය නව රජයට ලබා දී තිබේ. (පින්තූර පහතින්).

මෙම සෑම සන්නද්ධ අංශයකටම වෙනම බුද්ධි අංශයක් පවතින අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට පාර්ලිමේන්තුවේ බහුතරය ඇතිද නැතිද යන කාරණය පවා සිය බුද්ධි අංශ මගින් මැනැවින් ගවේෂණය කර මෙම තීරණය ගෙන ඇත.

එතුමන්ලාගේ පත්වීම් පසුගිය එක්සත් ජාතික පක්ෂ කාලය තුළදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුදැනුම මත සිදුකළ ඒවා වීම විශේෂයකි.

රටක ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන මුර දේවතාවුන් වන්නේ රටේ ආරක්ෂක හමුදාව සහ පොලිසිය වන අතර ඔවුන් ආවට ගියාට තීරණයක් ගන්නේ නැත.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ‍රැක ගැනීම සඳහා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරය බලෙන් අල්වාගෙන කරන රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයට ආරක්ෂක අංශ වල කිසිදු සහයක් නොලැබෙනු ඇත.









Monday, October 29, 2018

බහුතරය හිතුවටත් වඩා වැඩි වෙන හැඩයි. අලුත් ආණ්ඩුවේ දිවුරුම් දුන් නව ඇමති මණ්ඩලය මෙන්න. (පින්තූර)


 

නව කැබිනට් අමාත්‍යවරු 12 දෙනෙකු, රාජ්‍ය අමාත්‍යවරයෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු මීට සුළු මොහොතකට පෙර ජනාධිපති කාර්යාලයේ දී ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ. එම නාම ලේඛනය පහත පරිදි වේ.

එම නාම ලේඛනය පහත පරිදි වේ.

කැබිනට් අමාත්‍යවරු

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා - මුදල් හා ආර්ථීක කටයුතු පිළිබ`ද අමාත්‍ය
නිමල් සිරිපාල ද සිල්වා මහතා - ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය
ආචාර්ය සරත් අමුණුගම මහතා - විදේශ කටයුතු අමාත්‍ය
මහින්ද සමරසිංහ මහතා - වරාය හා නාවික කටයුතු අමාත්‍ය
මහින්ද අමරවීර මහතා - කෘෂිකර්ම අමාත්‍ය
රංජිත් සියඹලාපිටිය මහතා - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය
විජයදාස රාජපක්ෂ මහතා - අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය
විජිත් විජයමුණි සොයිසා මහතා - ධීවර, සාගර සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථීක කටයුතු
ෆයිසර් මුස්තාෆා මහතා - පළාත් සභා, පළාත් පාලන හා කී්‍රඩා අමාත්‍ය
ඩග්ලස් දේවානන්ද මහතා - නැවත පදිංචිකිරීම්, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය
ආරුමුගම් තොණ්ඩමන් මහතා - උඩරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය
වසන්ත සේනානායක මහතා - සංචාරක සහ වනජීවි අමාත්‍ය

රාජ්‍ය අමාත්‍යවරු
වඩිවෙල් සුරේෂ් මහතා - වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

නියෝජ්‍ය අමාත්‍යවරු
ආනන්ද අලූත්ගමගේ මහතා - සංචාරක සහ වනජීවි නියෝජ්‍ය අමාත්‍ය

ඇමති වරුන් දිවුරුම් දීමේ පින්තූර මෙතනින්.

ඊට අමතරව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් දෙතුන් දෙනෙකු හැර වෙනත් කිසිවෙකු ඇමති ධුර බාර නොගැනීමට ද තීරණය කර තිබේ.

ජාතික ආණ්ඩුවක් නොවන බැවින් ඇමති මණ්ඩලය 30 කට වඩා අඩු වෙනු ඇත. කැබිනට් ඇමතිධූර දැනට 17ක ප්‍රමානයක් පුරප්පාඩුව පවතී.

එම ඇමති ධුරයන් සදහා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන මන්ත‍්‍රිවරුන් අවම වශයෙන් 12-15ත් අතර පිරිසක් පැමිණෙනු ඇත.

ඔවුන් දිවුරුම් දීම එළැඹන 16 වැනිදා තෙක් අවස්ථා කිහිපයකදිම සිදුවනු ඇති අතර ඇතැම් මන්ත‍්‍රිවරුන් විසින් යොදාගන්නා සුබ නැකැත් වේලාවන්ද මෙම ප්‍රමාදයට හේතු වේ.

නිදහසේ මී මුණුබුරා ලෙස එජාපයෙන්ම හඳුන්වන වසන්ත සේනානායක මහතා සහ වඩිවෙල් සුරේෂ් මහතා ඇමති ධූර වලට දිවුරුම් දීමත් සමගම සිරිකොතේ ඉතිරිව සිටින එජාප පාක්ෂිකයින් පිරිසෙනුත් එකිනෙකා පිටව යාමට පටන් ගෙන තිබේ.

ඊයේ ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීමේදී සේනානායකවරුන්ව සහ ප්‍රේමදාස මහතා ව ඇගයූ අතර ඉන් අනතුරුව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාව ශක්තිමත් කිරීමට පසුව එකඟ වූ වසන්ත සේනානායක මහතා නොසිතූ පරිදි කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීමත්, සජිත් ප්‍රේමදාස මහතාද මෛත්‍රීපාල සිරිසේන මහතාව අගය කිරීමත් නිසා මේ වන විට එජාපයේ නායකත්වයට දැඩි අර්බුදකාරී තත්ත්වයක් උදා වී තිබේ.

අගමැති මහින්දගේ ආගමනයත් සමගම කොටස් වෙළඳ පොළ ඉහළටම...

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (29) දින ගනුදෙනු අතරවාරයේ දී පස්වරු 2.30 පමණ වන විට ඒකක 109.45 කින් ඉහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 56.70 කින් ඉහළ ගොස් තිබේ.

මේ අතර පසුගිය සිකුරාදා (26) දිනයේ දී කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 63 කින් ඉහළ ගියේය.

සිකුරාදා (26) දිනයේ දී රුපියල් බිලියන 1.47 ක පිරිවැටුමක් වාර්තා වූ අතර එහිදී රුපියල් බිලියනයක විදේශීය මිල දී ගැනීම් සහ රුපියල් බිලියන 1.1 ක විදේශීය විකුණුම් වාර්තා විය.

මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස වැඩ අරඹයි.

ආගමික වාතාවත්වලින් අනතුරුව නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමජවාදී ජන රජයේ 22 අග්‍රාමාත්‍යවරයා ලෙස නිල වශයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිය ධූරයේ කටයුතු බාර ගැනීම අද(29) සිදු විය.

මේ අතර, අග්‍රාමාත්‍ය ධූරයේ මහින්ද රාජපක්ෂ මහතා බාර ගැනීම සමඟ රට පුරා සිටින පාක්ෂිකයන් රතිඤ්ඤා පත්තු කරමින් ප්‍රීති ඝෝෂා කළ බව ද ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

මේ අතර නව අමාත්‍ය මණ්ඩලය අද දිවුරුම්දීමටද නියමිත ය.





අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් වැඩ භාර ගන්නා අවස්ථාවේදී එතුමාට සුභ පැතීමට විශාල ජනකායක් එක්ව සිටිහ ය.

 


Sunday, October 28, 2018

අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමන් ශ්‍රී දළදා වහන්සේ වඳින්න යත්දී මහ සෙනගක් වට වෙයි.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අභිනව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් අද උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ආගමික වතාවත් සඳහා සහභාගී විය.

ඉන් අනතුරුව එතුමන් මල්වතු, අස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබාගත්හ. ඉන් පසු ගැටඹේ විහාරස්ථානයේ ආගමික වතාවත් සඳහා ද සහභාගී විය.


























තවත් එජාප මන්ත්‍රීවරුන්ගේ සහය අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට ලැබෙයි.



නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් මහතා හා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද කුමාර් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් හමුවී සහය පළ කළ අවස්ථාව.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ පළමු මාධ්‍ය නිවේදනය මෙන්න.

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය.

නාමල් මන්ත්‍රීවරයා නිවාඩු දා කොට කලිසමක් ඇඳීම ජාතික ප්‍රශ්නයක් කරගත් යමපාලනවාදීන්ට පිළිතුරු.

නීතිවිරෝධී පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය පවරා ඇති නඩු වලට අදාලව අධිකරණ නියෝගයට ගරුකරමින් පොලිසියට වාර්තාකිරීමට විජේරාමේ පිහිටි නිවසේ සිට FCID යට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පසුගිය වසර කිහිපයේම පැමිණියේ ව්‍යායාම කිරිමෙන් අනතුරැව මේ ආකාරයටයි. සාධාරණ විවේචන අප හිස මුදුනින් පිලිගන්නා නමුත් මෙලෙස අසාධාරණ විවේචන නොකරන ලෙසද ඉල්ලා සිටින්නට කැමැත්තෙමි යැයි නීතීඥ ප්‍රේම්නාත් සී දොලවත්ත මහතා සඳහන් කර තිබුණි.

 

 

අනික් අතට අද දින ඉරිදා දිනයකි. එනම් රජයේ නිවාඩු දිනයකි. ඉරිදා දිනයේදී සමහර රාජ්‍ය ආයතන වල පවා නිලධාරීන් ටී ශර්ට් එකක් වැනි ඇඳුමක් ඇඳ සිටීම සුලබ ය.

 

එම පින්තූරයේ සිටින නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාව විවේචනය කරන උදවියට එය තුලම විදේශිකයෙක් කොට කලිසකම් ඇඳගෙන සිටීම ගැටලුවක් වී නැති බව පෙනේ.

 

 

විදේශිකයෙක් කොට කලිසමක් ඇන්ද විට එය සරළ බව, පොෂ් කම, මානව හිමිකම්, හැසීරිමේ නිදහස ආදී බර කතා කියන උදවිය, අපේ රටේ මිනිහෙක් කොට කලිසමක් ඇඳීම ජාතික ප්‍රශ්නයක් කරගෙන තිබීමෙන් පෙනී යන්නේ ඔවුන්ගේ ඇති "මානසික වහල් භාවයයි."

 

ඇමරිකානු ජනාධිපතිවරයා ධවල මන්දිරයේ කොට කලිසකම් ඇඳගෙන ගිය විට ඔවුන් එය දකින්නේ මානව හිමිකමේ උච්ඡස්ථානයක් ලෙසටය. අපේ රටේ මන්ත්‍රීවරයෙන් කොට කලිසමක් ඇඳගෙන පොලිසියට ගිය විට ඔවුන්ට අනුව එය ගොඩේ කමකි.

 

 

පොලිසිය යනු උසාවියක් නොවේ. පොලිසියට යාමට "Dress Code" එකක් නොමැත. ඔබ හෙට දිනයේ වැඩට යන අතුරේ පොලිසියට ඔලුව දමා බැලුවොත් එහි ජනතාව කොට කලිසම් ඇඳගෙන සිටීම සාමාන්‍ය දසුනක් බවට පැහැදිළි වේ.

 

අනෙක් අතට පූජ්‍ය ස්ථාන වලට පිවිසීමේදී කොට කලිසම් ඇඳීම නොකරන නමුත් අවශ්‍ය අවස්ථා වලදී පූජ්‍ය ස්ථාන වලදී පවා කොට කලිසම් ඇඳීමට සිදුවේ. උදාහරණ ලෙස නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පන්සල් පිළිසකර කරන අවස්ථා වලදී කොට කලිසම් අඳින අතර යමපාලනවාදීන්ට අනුව එහිදීත් එතුමාට ජාතික ඇඳුම ඇඳගෙන මෙම පින් අතේ වැඩ කිරීමට සිදුවේ.

 


 

ටයි කෝට් ඇඳගෙන මහ දවල් මහ බැංකු සුද්ද කිරීම ගැන කතා නොකරන අය, අද දිනයේදීම ජාතික ඇඳුම ඇඳගෙන මැරයන් සමග ගොස් රජයේ සේවකයන්ට පහර දී රජයේ නිලධාරියෙකුගේ පපුවට වෙඩි තබා මිනී මරා යන හිටපු ඇමතිවරයා ගැන කතා නොකරන අය නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ කොට කලිසමේ එල්ලී සිටීම ගැන අපි අනුකම්පා කරමු.

අලුත් ආණ්ඩුවේ බහුතරය සූදානම්. සැකයක් හිතන්න එපා. - බැසිල් රාජපක්ෂ



පාර්ලිමේන්තුව තුළ පිහිටවනු ලබන නව ආණ්ඩුවක බහුතරය ගැන සැකක් බියක් තබා නොගන්නා ලෙස ශ‍‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.

මීලඟ පාර්ලිමේන්තුව රැස්වන ඕනෑම දිනයක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නව ආණ්ඩුවට අවශ්‍ය බහුතරය සූදානම් බවත් ඔහු සඳහන් කරයි.

Saturday, October 27, 2018

මහ බලවත් චීන තානාපතිවරුන් අගමැති මහින්දට සුබ පතයි. රනිල්ගෙන් ජාත්‍යන්තරයත් ගිලිහේ.

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යතුමා ලෙස පත් වූ මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට චීන ජනාධිපති Xi Jinping මැතිතුමන්ගේ සුබ පැතුම් පණිවිඩය රැගෙන චීන ශ්‍රී ලංකා තානාපති ගරු Cheng Xueyuan මැතිතුමන් ඇතුලු දූත පිරිස පැමිණි අවස්ථාව.






මේ අතර කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා සිය අවසන් තුරුම්පුව වශයෙන්, ශ්‍රී ලංකාවේ සේවය කරන විදෙස් තානාපතිවරුන්ව අරලිය ගහ මන්දිරයට කැඳවා තිබේ. එම තානාපතිවරුන්ගේ උපදෙස් වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කරන ලෙසටය. ඒ අනුව එම සියලුම තානාපතිවරුන් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.

 

සබැඳි ලිපි: ව්‍යවස්ථා විරෝධී ලෙස මහින්ද රාජපක්ෂ මැතිතුමන්ව අග්‍රාමාත්‍ය කළා යැයි එජාපය කරන චෝදනාවට පිළිතුරු.