Mahinda Rajapaksa: මහින්ද රාජපක්ෂ මැතිතුමන් වෙනුවෙන් අන්තර්ජාලයේ සහයෝගය දුන් ආදරණීය ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තුතිය පුදකරමු.

Friday, October 26, 2018

මහින්ද රාජපක්ෂ මැතිතුමන් වෙනුවෙන් අන්තර්ජාලයේ සහයෝගය දුන් ආදරණීය ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තුතිය පුදකරමු.



මහින්ද රාජපක්ෂ මැතිතුමන් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුනි.ඒ බව සැල වීමත් සමඟ කොළඹ, විජේරාමේ ප්‍රදේශයේ පිහිටි මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නිල නිවස ඉදිරිපිට විශාල ජනතාවක් පිරී සිටියි. මේ අතර, අග්‍රාමාත්‍ය ධූරයේ මහින්ද රාජපක්ෂ මැතිතුමන් දිවුරුම් දීමත් සමඟ රට පුරා සිටින පාක්ෂිකයන් රතිඤ්ඤා පත්තු කරමින් ප්‍රීති ඝෝෂා පවත්වා ඇත.

ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකම අංගය වන මැතිවරණ පැවැත්වීමට වත්මන් ආණ්ඩුව අපොහොසත්ව ඇති බැවින් ද, දිගින් දිගටම රටේ ආර්ථිකය කඩා වැටෙමින් රට ඉමහත් විනාශයක් කරා යමින් සිටින බැවින්ද, රණවිරුවන්ට එරෙහිව පළි ගැනීම නිසා රටේ ආරක්ෂක අංශ රජය කෙරෙහි කළ කිරී ඇති බැවින්ද, මහා සංඝයා වහන්සේලා ප්‍රමුඛ සම්බුද්ධ ශාසනයට අනේකවත් මදිංපුංචිකම් කර ඇති බැවින් ද, තවත් විවිධ ආකාරයෙන් ආර්ථික සංස්කෘතික සහ සමාජීය වශයෙන් රට පරිහානියට පත්වෙමින් ඇති බැවින්ද, ඊට විසඳුම වූයේ රට නැවතත් භාර ගැනීමට මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට ඉඩ දීම බව ලක්ෂ 62 ක ජනතාව පත් කළ ජනාධිපතිවරයා විසින් තීරණය කර ඇති බව පෙනේ.

මාතෘ භූමිය ලැබූ මෙම ජයග්‍රහණය ‍ඉතා සාමකාමී ලෙස භුක්ති විඳින ලෙසත් කිසිවෙකුටත් හානියක් නොකරන ලෙසත් ඔබ සැමගෙන් ඉල්ලා සිටිමු.

එසේම එතුමන්ගේ මූලිකම කාරය වශයෙන් රටේ නැවතත් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම උදෙසා මැතිවරණ පවත්වනු ඇත.

2015 ජනවාරි 9 දින සිට මේ දක්වා යමපාලන ආණ්ඩුවේ දහසකුත් පළි ගැනීම් වලට සහ තර්ජනයන්ට ලක් වෙමින්, මහින්ද රාජපක්ෂ මැතිතුමන් වෙනුවෙන් අන්තර්ජාලය තුළත්, බිම් මට්ටමේ සිටත් කැපවී කටයුතු කළ ආදරණීය ඔබ සැමට එතුමන් වෙනුවෙන් අපගේ හෘදයාංගම ස්තුතිය පළ කරමු. ඔබගේ එසේ කැප වීමේ අරමුණ වූ රට නැවතත් නිසි මගට ගෙන සංවර්ධන යුගයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ නුදුරදීම ආරම්භ වෙනු ඇත.

මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට එරෙහිව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ බටහිර බලවේග විසින් ගොබෙල්ස් කරනය කරන ලද සාහසික මඩ ප්‍රහාරයන් පුරා වසර තුනහමාරක් පමණ කාලය තුළ අනාවරණය කරමින් ලිපි 218 කින් මඩ වලට පිළිතුරු ලබා දුන්, එසේම තවත් ලිපි 378 කින් විශේෂ වාර්තාකරණය කරන ලද, යම් අවස්ථා වලදී නීති විරෝධී අයුරින් ආණ්ඩුවේ වාරණයට පවා ලක් වූ මහින්ද ඉන්ෆො වෙබ් අඩවිය ඉදිරියේදීත් මීටත් වඩා සංවිධානාත්මක අයුරින් ඔබ හමුවේ කටයුතු කරනු ඇත.

මාතෘ භූමියට ජය!

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

3 comments:

  1. ජයෙන් ජයම වේවා!

    ReplyDelete
  2. ජාතියේ අප්පච්චීට යලිත් මව්බිම ගොඩ නගන්න බාර වීම දරා ගන්න බැරි සතුටක්. සයුමි, පවර්, අසරනයා, ආලපාලු, හීන් බබා සීයා ඇතුලු මිතුරන් සමඟ කිරිබත් සහ රතිඤ්ඤා සමඟින් හදවතේ මේ දරාගන්න බැරි සතුට සමරමු!

    මගෙ මව්බිමට ජයෙන් ජයම වේවා! අපේ ආදරණීය අප්පච්චීට චිරාත් කාලයක් මේ උතුම් පින්බිම ආරක්ශා කරගන්න උතුම් රත්නත්‍රයේ මහානුභාවයෙන් තිස්තුන් කෝටියක් දෙව් මහ රජුන්ගේ දේව අනුහසින් දීර්ඝායුශ ලැබේවා! යෝධ බල යෝධ වීර්ය ලැබේවා! දිනූ දේශයේ යලිත් ජයමල් පිපුනා!!!
    (සයුමි, ඔබේ පනිවිඩය නිසයි මහින්ද නිවසට දැන් පැමිනියේ. මෙතෙක් මේ රට වෙනුවෙන් ඔබ වෙහෙසුනු හැටි හොඳින්ම දැක්ක කෙනෙක් හැටියට මේ සුබ මොහොතේ සයුමිට විශේශ ස්තුති පුද කරන්න මට ඉඩ දෙන්න.)

    ReplyDelete
  3. මහින්ද මැතිදුනි ඔබේ ජය අපේ ජයයි රටේ ජයයි
    රටවෙනුවෙන් ජාතිහිතේශිකයන් නගන හඬ මුලු ලෝ තලයේම රැව් පිලිරැව් දෙනව ඒ හඬ විශ්වයේ ගොස් විශ්ව ශක්තිය රට වෙනුවෙන් ඔබට ලැබෙනවා මැතිදුනි,
    ජයමල් පිපේවා , ජයෙන් ජයම වේවා,
    සයුමි යෙහේළිය ඔබට අනේක වාරයක් ස්තුතිය , දැනුවත් කිරීම වෙනුවෙන්

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.