Mahinda Rajapaksa: ව්‍යවස්ථා විරෝධී ලෙස මහින්ද රාජපක්ෂ මැතිතුමන්ව අග්‍රාමාත්‍ය කළා යැයි එජාපය කරන චෝදනාවට පිළිතුරු.

Saturday, October 27, 2018

ව්‍යවස්ථා විරෝධී ලෙස මහින්ද රාජපක්ෂ මැතිතුමන්ව අග්‍රාමාත්‍ය කළා යැයි එජාපය කරන චෝදනාවට පිළිතුරු.

[1]. මහින්ද රාජපක්ෂ මැතිතුමන්ව ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබීම ව්‍යවස්ථා විරෝධී සහ නීති විරෝධී බවත්, එය ප්‍රජාතන්ත්‍ර විරෝධී කුමන්ත්‍රණයක් බවත් මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා ඇතුළු එජාපයේ දේශපාලඥයින් කිහිප දෙනෙකු විසින් පවසා තිබේ.

නමුත් ඔවුන් සිය තර්කය සඳහා කිසිදු ව්‍යවස්ථාමය පැහැදිළි කිරීමක් සිදුකර නොමැත. කෙසේ නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇසුරින් අපි මේ ගැන විමසා බලමු.

 

[2]. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46.1 අනුව සිටිය හැකි කැබිනට් අමාත්‍ය මණ්ඩලය 30 ක් ලෙස දක්වා ඇත. එය ඉක්මවා පසුගිය ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරුන් 42 ක් සිට තිබේ. [මූලාශ්‍රය: ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවිය] කැබිනට් නොවන, නියෝජ්‍ය සහ රාජ්‍ය ඇමතිවරුන් ගණන කොතරම්දැයි ආණ්ඩුවවත් සමහර විට නොදන්නා අතර සියලුම ගණන සියයක් පමණ වේ.

 

[3]. කැබිනට් අමාත්‍යවරුන් 30 ඉකමවා සිටීම යහපාලකයින් සාධාරණීකරනය කළේ, එවකට පැවතියේ ජාතික ආණ්ඩුවක් බව කියමිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46.5 අනුව ජාතික ආණ්ඩුවේ නිර්වචනය පහත දැක්වේ.

 

[4]. පාර්ලිමේන්තුවේ මෙසේ ජාතික ආණ්ඩුවක් පැවතියේ එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සංධානය අතර බව පාර්ලිමේන්තුවේදී එකී පක්ෂ නායකයින් ප්‍රකාශ කළෝය. ඒ බව පහත උදෘතයේ දැක්වේ. මූලාශ්‍රය: දිවයින පුවත්පත 2018-02-22


 

[5]. ඊයේ දිනයේදී එක්සත් ජනතා නිදහස් සංධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය. සංධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා ඒ බව කථානායකවරයාට දන්වා යැවීය. [මූලාශ්‍රය: දෙරණ වෙබ් අඩවිය.]

 

[6]. එසේ නමුදු 30 ට වැඩියෙන් සිටින කැබිනට් අමාත්‍යවරුන් ගණන ඉල්ලා අස් වූයේ නැත. ඒ අනුව 42 ක් වූ කැබිනට් අමාත්‍ය මණ්ඩලය ව්‍යවස්ථා විරෝධී වීමෙන් කැබිනට් අමාත්‍ය මණ්ඩලය ඉබේම අහෝසි විය.

 

[7]. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46.2 ට අනුව අග්‍රමැතිවරයා ස්වකීය ධූරය දරන්නේ අමාතය මණ්ඩලය පවතින තුරු පමණි. එම උදෘතය පහත දැක්වේ.


 

කැබිනට් අමාත්‍ය මණ්ඩලය අහෝසි වී ඇති නිසා ඒ අනුව අග්‍රාමාත්‍යවරයාගේ ධූරය ද අහෝසි විය.

 

[8]. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48.1 හි "අන්‍යාකාරයකින් හෝ අග්‍රාමාතයවරයා ධූරය දැරීම නතර වීම" යනුවෙන් දැක්වෙන්නේ ඉහත අප පැහැදිළි කළ සිදුවීම යි.

42 ක් වන අමාත්‍ය මණ්ඩලය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46.1 අනුව නීති විරෝධී වී අහෝසි වීම නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48.1 අනුව ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයාව පත් කර ඇත.

 

[9]. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48.1 හි දැක්වෙන පරිදි ඒ සඳහා ජනාධිපතිවරයා යොදා ගත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42.4 වන අනු ව්‍යවස්ථාවයි. එහි උදෘතය පහත දැක්වේ.



 

[10]. මේ වන විට පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්තේ මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට බව "ජනාධිපතිවරයාගේ මතය" වී තිබේ. ඒ බව සනාථ වෙමින් එජාප මන්ත්‍රීවරුන් මහින්ද රාජපක්ෂ මැතිතුමන්ව මුණ ගැසීමට පැමිණෙයි.




අතිගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ පත්වීම ඉහත ආණ්ඩුක්‍රම් ව්‍යවස්ථා මූලාශ්‍ර අනුව සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සිදුවූවක් බව සක් සුදක් සේ පැහැදිළි විය යුතු ය.

 

[11]. ජනාධිපතිවරයා විසින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට යවන ලද ලිපිය මගින්ද අප ඉහත දැක්වූ ව්‍යවස්ථා අර්ථ නිරූපනය සනාථ කරවයි. [මූලාශ්‍රය: colombotelegraph.com] කෙසේ නමුදු මෙලෙස ජනාධිපතිවරයා විසින් අගමැතිවරයාට "සේවයෙන් පහ කිරීමේ ලිපියක්" යැවීමේ අවශ්‍යතාවයක් නොමැති බව අපගේ මතයයි. මන්ද යත් ජාතික ආණ්ඩුව අහෝසි වීමත් සමග රනිල් වික්‍රමසිංහ මහතාගේ අග්‍රාමාත්‍ය ධූරයද අහෝසි වී ඇත. උදාහරණයකින් කිවහොත් මෙය හරියට මැරුණු මිනිහෙකුට නැවතත් වෙඩි තැබීමක් වැන්නකි.



 

[12]. මෙතරම් පැහැදිළිව ආණ්ඩුක්‍රම ව්‍යස්ථානුකූලව මහින්ද රාජපක්ෂ මැතිතුමන්ව අග්‍රාමාත්‍ය බවට පත් වුවද එජාපය මඩ චෝදනා නගන්නේ සිය මෑත අතීතය අමතක කරමිනි. 2015 ජනවාරි 8 පැවැතුණේ ජනාධිපතිවරණයක් මිස පාර්ලිමේන්තු මැතිවරණයක් නොවේ. 2015 ජනවාරි 9 දින වන විටද පාර්ලිමේන්තුවේ 2/3 බහුතරය තිබුණේ එක්සත් ජනතා නිදහස් සංධානයට ය. එහි අග්‍රාමාත්‍යවරයා දි මු ජයරත්න මහතා විය. පාර්ලිමේන්තුවේ 2/3 ක් බහුතරයක් තිබූ අගමැතිවරයාව ධූරයෙන් පහ කරමින් ආසන 42 ක් පමණක් තිබූ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රමාත්‍ය වීම කොතරම් සදාචාර සම්පන්න දැයි තීරණය කිරීම ඔබට භාර කරමු.

රටක ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකම ලක්ෂණය වන මැතිවරණ පැවැත්වීම එජාපය විසින් නවතා දමා ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කර ඇති අවස්ථාවක මහින්ද රාජපක්ෂ මැතිතුමන් නැවතත් රට භාර ගත්තේ මූලිකවම මැතිවරණ පවත්වා ප්‍රජාතන්ත්‍රවාදය ලබා දීමට ය. ඒ අනුව නුදුරදීම එන මැතිවරණයට අප සූදානම් වෙමු. ඉන් අනතුරුව නැවතත් මුලු රටම වැඩ බිමක් වන සංවර්ධන යුගය නැවතත් බිහි කරමු.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

1 comment:

  1. Congratulations.Much to do and please do not repeat the previous mistakes.

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.