ආගමික වාතාවත්වලින් අනතුරුව නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමජවාදී ජන රජයේ 22 අග්‍රාමාත්‍යවරයා ලෙස නිල වශයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිය ධූරයේ කටයුතු බාර ගැනීම අද(29) සිදු විය.
මේ අතර, අග්‍රාමාත්‍ය ධූරයේ මහින්ද රාජපක්ෂ මහතා බාර ගැනීම සමඟ රට පුරා සිටින පාක්ෂිකයන් රතිඤ්ඤා පත්තු කරමින් ප්‍රීති ඝෝෂා කළ බව ද ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
මේ අතර නව අමාත්‍ය මණ්ඩලය අද දිවුරුම්දීමටද නියමිත ය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් වැඩ භාර ගන්නා අවස්ථාවේදී එතුමාට සුභ පැතීමට විශාල ජනකායක් එක්ව සිටිහ ය.