Mahinda Rajapaksa: ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ පත්වීම නිල වශයෙන් පිළිගනියි.

Tuesday, October 30, 2018

ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ පත්වීම නිල වශයෙන් පිළිගනියි.



ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයා, නාවික හමුදාපතිවරයා, ගුවන් හමුදාපතිවරයා, සිවිල් ආරක්ෂක බලකායේ අධිපතිවරයා සහ පොලිස්පතිවරයා, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් හමුවී එතුමන්ව නිල වශයෙන් පිළිගෙන සිය ආරක්ෂක අංශ වල සහයෝගය නව රජයට ලබා දී තිබේ. (පින්තූර පහතින්).

මෙම සෑම සන්නද්ධ අංශයකටම වෙනම බුද්ධි අංශයක් පවතින අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට පාර්ලිමේන්තුවේ බහුතරය ඇතිද නැතිද යන කාරණය පවා සිය බුද්ධි අංශ මගින් මැනැවින් ගවේෂණය කර මෙම තීරණය ගෙන ඇත.

එතුමන්ලාගේ පත්වීම් පසුගිය එක්සත් ජාතික පක්ෂ කාලය තුළදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුදැනුම මත සිදුකළ ඒවා වීම විශේෂයකි.

රටක ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන මුර දේවතාවුන් වන්නේ රටේ ආරක්ෂක හමුදාව සහ පොලිසිය වන අතර ඔවුන් ආවට ගියාට තීරණයක් ගන්නේ නැත.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ‍රැක ගැනීම සඳහා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරය බලෙන් අල්වාගෙන කරන රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයට ආරක්ෂක අංශ වල කිසිදු සහයක් නොලැබෙනු ඇත.









mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.