Mahinda Rajapaksa: බහුතරය හිතුවටත් වඩා වැඩි වෙන හැඩයි. අලුත් ආණ්ඩුවේ දිවුරුම් දුන් නව ඇමති මණ්ඩලය මෙන්න. (පින්තූර)

Monday, October 29, 2018

බහුතරය හිතුවටත් වඩා වැඩි වෙන හැඩයි. අලුත් ආණ්ඩුවේ දිවුරුම් දුන් නව ඇමති මණ්ඩලය මෙන්න. (පින්තූර)


 

නව කැබිනට් අමාත්‍යවරු 12 දෙනෙකු, රාජ්‍ය අමාත්‍යවරයෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු මීට සුළු මොහොතකට පෙර ජනාධිපති කාර්යාලයේ දී ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ. එම නාම ලේඛනය පහත පරිදි වේ.

එම නාම ලේඛනය පහත පරිදි වේ.

කැබිනට් අමාත්‍යවරු

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා - මුදල් හා ආර්ථීක කටයුතු පිළිබ`ද අමාත්‍ය
නිමල් සිරිපාල ද සිල්වා මහතා - ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය
ආචාර්ය සරත් අමුණුගම මහතා - විදේශ කටයුතු අමාත්‍ය
මහින්ද සමරසිංහ මහතා - වරාය හා නාවික කටයුතු අමාත්‍ය
මහින්ද අමරවීර මහතා - කෘෂිකර්ම අමාත්‍ය
රංජිත් සියඹලාපිටිය මහතා - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය
විජයදාස රාජපක්ෂ මහතා - අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය
විජිත් විජයමුණි සොයිසා මහතා - ධීවර, සාගර සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථීක කටයුතු
ෆයිසර් මුස්තාෆා මහතා - පළාත් සභා, පළාත් පාලන හා කී්‍රඩා අමාත්‍ය
ඩග්ලස් දේවානන්ද මහතා - නැවත පදිංචිකිරීම්, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය
ආරුමුගම් තොණ්ඩමන් මහතා - උඩරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය
වසන්ත සේනානායක මහතා - සංචාරක සහ වනජීවි අමාත්‍ය

රාජ්‍ය අමාත්‍යවරු
වඩිවෙල් සුරේෂ් මහතා - වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

නියෝජ්‍ය අමාත්‍යවරු
ආනන්ද අලූත්ගමගේ මහතා - සංචාරක සහ වනජීවි නියෝජ්‍ය අමාත්‍ය

ඇමති වරුන් දිවුරුම් දීමේ පින්තූර මෙතනින්.

ඊට අමතරව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් දෙතුන් දෙනෙකු හැර වෙනත් කිසිවෙකු ඇමති ධුර බාර නොගැනීමට ද තීරණය කර තිබේ.

ජාතික ආණ්ඩුවක් නොවන බැවින් ඇමති මණ්ඩලය 30 කට වඩා අඩු වෙනු ඇත. කැබිනට් ඇමතිධූර දැනට 17ක ප්‍රමානයක් පුරප්පාඩුව පවතී.

එම ඇමති ධුරයන් සදහා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන මන්ත‍්‍රිවරුන් අවම වශයෙන් 12-15ත් අතර පිරිසක් පැමිණෙනු ඇත.

ඔවුන් දිවුරුම් දීම එළැඹන 16 වැනිදා තෙක් අවස්ථා කිහිපයකදිම සිදුවනු ඇති අතර ඇතැම් මන්ත‍්‍රිවරුන් විසින් යොදාගන්නා සුබ නැකැත් වේලාවන්ද මෙම ප්‍රමාදයට හේතු වේ.

නිදහසේ මී මුණුබුරා ලෙස එජාපයෙන්ම හඳුන්වන වසන්ත සේනානායක මහතා සහ වඩිවෙල් සුරේෂ් මහතා ඇමති ධූර වලට දිවුරුම් දීමත් සමගම සිරිකොතේ ඉතිරිව සිටින එජාප පාක්ෂිකයින් පිරිසෙනුත් එකිනෙකා පිටව යාමට පටන් ගෙන තිබේ.

ඊයේ ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීමේදී සේනානායකවරුන්ව සහ ප්‍රේමදාස මහතා ව ඇගයූ අතර ඉන් අනතුරුව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාව ශක්තිමත් කිරීමට පසුව එකඟ වූ වසන්ත සේනානායක මහතා නොසිතූ පරිදි කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීමත්, සජිත් ප්‍රේමදාස මහතාද මෛත්‍රීපාල සිරිසේන මහතාව අගය කිරීමත් නිසා මේ වන විට එජාපයේ නායකත්වයට දැඩි අර්බුදකාරී තත්ත්වයක් උදා වී තිබේ.