Tuesday, October 30, 2018
එජාපේ බහුතර සිහිනය තවත් බොඳ වෙයි. දුනේෂ් ගන්කන්ද රාජ්‍ය ඇමති ලෙස දිවුරයි.
රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි දුනේෂ් ගන්කන්ද මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ව මුණ ගැසී, මහවැලි, පරිසර, ඉඩම් රාජ්‍ය ඇමැති දිවුරුම් දුන්නේය.
ගන්කන්ද මහතා පැවති රජයේ නියෝජ්‍ය ඇමතිවරයෙක්ද විය. එසේම ඔහු පරම්පරාගත එක්සත් ජාතික පාක්ෂිකයෙකි. එතුමා දිවුරුම් දෙන සුබ නැකැත අද දිනට යෙදී තිබුණි.
එසේම එක්සත් ජාතික පක්ෂයෙන් පැමිණෙන අනෙකුත් ඇමති වරුන්ගේ කැනැත් වේලාවන්ට අනුව ඔවුන් ඉදිරියේදී දිවුරුම් දීමට නියමිතව ඇති අතර, ඔවුන්ට එල්ල විය හැකි බලපෑම නිසා ඇමති ධූරයේ දිවූම් දෙන තෙක් ඔවුන්ගේ නම් හෙළි නොකරයි.
එජාපේ බහුතර සිහිනය තවත් බොඳ වෙයි. දුනේෂ් ගන්කන්ද රාජ්‍ය ඇමති ලෙස දිවුරයි.
2018-10-30T14:04:00-07:00
Admin
දුනේෂ් ගන්කන්ද|විශේෂ සිදුවීම්|