කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (29) දින ගනුදෙනු අතරවාරයේ දී පස්වරු 2.30 පමණ වන විට ඒකක 109.45 කින් ඉහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 56.70 කින් ඉහළ ගොස් තිබේ.
මේ අතර පසුගිය සිකුරාදා (26) දිනයේ දී කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 63 කින් ඉහළ ගියේය.
සිකුරාදා (26) දිනයේ දී රුපියල් බිලියන 1.47 ක පිරිවැටුමක් වාර්තා වූ අතර එහිදී රුපියල් බිලියනයක විදේශීය මිල දී ගැනීම් සහ රුපියල් බිලියන 1.1 ක විදේශීය විකුණුම් වාර්තා විය.