Mahinda Rajapaksa: නාමල් මන්ත්‍රීවරයා නිවාඩු දා කොට කලිසමක් ඇඳීම ජාතික ප්‍රශ්නයක් කරගත් යමපාලනවාදීන්ට පිළිතුරු.

Sunday, October 28, 2018

නාමල් මන්ත්‍රීවරයා නිවාඩු දා කොට කලිසමක් ඇඳීම ජාතික ප්‍රශ්නයක් කරගත් යමපාලනවාදීන්ට පිළිතුරු.

නීතිවිරෝධී පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය පවරා ඇති නඩු වලට අදාලව අධිකරණ නියෝගයට ගරුකරමින් පොලිසියට වාර්තාකිරීමට විජේරාමේ පිහිටි නිවසේ සිට FCID යට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පසුගිය වසර කිහිපයේම පැමිණියේ ව්‍යායාම කිරිමෙන් අනතුරැව මේ ආකාරයටයි. සාධාරණ විවේචන අප හිස මුදුනින් පිලිගන්නා නමුත් මෙලෙස අසාධාරණ විවේචන නොකරන ලෙසද ඉල්ලා සිටින්නට කැමැත්තෙමි යැයි නීතීඥ ප්‍රේම්නාත් සී දොලවත්ත මහතා සඳහන් කර තිබුණි.

 

 

අනික් අතට අද දින ඉරිදා දිනයකි. එනම් රජයේ නිවාඩු දිනයකි. ඉරිදා දිනයේදී සමහර රාජ්‍ය ආයතන වල පවා නිලධාරීන් ටී ශර්ට් එකක් වැනි ඇඳුමක් ඇඳ සිටීම සුලබ ය.

 

එම පින්තූරයේ සිටින නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාව විවේචනය කරන උදවියට එය තුලම විදේශිකයෙක් කොට කලිසකම් ඇඳගෙන සිටීම ගැටලුවක් වී නැති බව පෙනේ.

 

 

විදේශිකයෙක් කොට කලිසමක් ඇන්ද විට එය සරළ බව, පොෂ් කම, මානව හිමිකම්, හැසීරිමේ නිදහස ආදී බර කතා කියන උදවිය, අපේ රටේ මිනිහෙක් කොට කලිසමක් ඇඳීම ජාතික ප්‍රශ්නයක් කරගෙන තිබීමෙන් පෙනී යන්නේ ඔවුන්ගේ ඇති "මානසික වහල් භාවයයි."

 

ඇමරිකානු ජනාධිපතිවරයා ධවල මන්දිරයේ කොට කලිසකම් ඇඳගෙන ගිය විට ඔවුන් එය දකින්නේ මානව හිමිකමේ උච්ඡස්ථානයක් ලෙසටය. අපේ රටේ මන්ත්‍රීවරයෙන් කොට කලිසමක් ඇඳගෙන පොලිසියට ගිය විට ඔවුන්ට අනුව එය ගොඩේ කමකි.

 

 

පොලිසිය යනු උසාවියක් නොවේ. පොලිසියට යාමට "Dress Code" එකක් නොමැත. ඔබ හෙට දිනයේ වැඩට යන අතුරේ පොලිසියට ඔලුව දමා බැලුවොත් එහි ජනතාව කොට කලිසම් ඇඳගෙන සිටීම සාමාන්‍ය දසුනක් බවට පැහැදිළි වේ.

 

අනෙක් අතට පූජ්‍ය ස්ථාන වලට පිවිසීමේදී කොට කලිසම් ඇඳීම නොකරන නමුත් අවශ්‍ය අවස්ථා වලදී පූජ්‍ය ස්ථාන වලදී පවා කොට කලිසම් ඇඳීමට සිදුවේ. උදාහරණ ලෙස නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පන්සල් පිළිසකර කරන අවස්ථා වලදී කොට කලිසම් අඳින අතර යමපාලනවාදීන්ට අනුව එහිදීත් එතුමාට ජාතික ඇඳුම ඇඳගෙන මෙම පින් අතේ වැඩ කිරීමට සිදුවේ.

 


 

ටයි කෝට් ඇඳගෙන මහ දවල් මහ බැංකු සුද්ද කිරීම ගැන කතා නොකරන අය, අද දිනයේදීම ජාතික ඇඳුම ඇඳගෙන මැරයන් සමග ගොස් රජයේ සේවකයන්ට පහර දී රජයේ නිලධාරියෙකුගේ පපුවට වෙඩි තබා මිනී මරා යන හිටපු ඇමතිවරයා ගැන කතා නොකරන අය නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ කොට කලිසමේ එල්ලී සිටීම ගැන අපි අනුකම්පා කරමු.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.