ශ්රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ අභිනව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් අද උදෑසන මහනුවර ශ්රී දළදා මාලිගාවේ ආගමික වතාවත් සඳහා සහභාගී විය.
ඉන් අනතුරුව එතුමන් මල්වතු, අස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබාගත්හ. ඉන් පසු ගැටඹේ විහාරස්ථානයේ ආගමික වතාවත් සඳහා ද සහභාගී විය.