Mahinda Rajapaksa: November 2018

Friday, November 30, 2018

දිවංගත ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ ගුණානුස්මරණ දේශනයක් කොළඹ නව රඟහල් ශාලාවේදී...

දිවංගත ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ ගුණානුස්මරණ දේශනයක් කොළඹ නව රඟහල් ශාලාවේදී පැවැත්වුණි. එම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් ඇතුළු මැති ඇමතිවරුන් ‍රැසක් සහභාගී විය. එහි ප්‍රධාන දේශනය සිදුකළ නාලක ගොඩහේවා මහතාගේ දේශනය පහතින්.



අර්තාපල් ගොවීන්ගේ හිඟ මුදල් ගෙවීමට රජයෙන් රු. ලක්ෂ 750 ක්

ඌව පළාතේ අර්තාපල් ගොවීන්ගෙන් මිලදීගත් නිෂ්පාදන සදහා ගෙවිය යුතුව තිබු හිඟ මුදල් ගෙවීම සදහා රුපියල් ලක්ෂ 750 ක් මුදලක් සී/ස ශ්‍රී ලංකා පාරිභෝගික සමුපකාර සමිති සංගමය වෙත ලබා දීම සදහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.


කාලයක් තිස්සේ ගොවීන් තම අර්තාපල් අස්වැන්න සදහා සාධාරණ මිලක් ලබා ගැනීමට සහ විකුණා ගැනීමට අරගලයක නිරත වු අතර පසුගිය කාලයේ ඒ සදහා විවිධ ගොවි උද්ඝෝෂණ පවා සංවිධානය කර පාලකයන්ට තම ඉල්ලීම් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලදී.

ඒ අනුව ගොවීන්ට අතරමැදියන්ගෙන් තොරව සාධාරණ මිලකට තම අස්වැන්න මෙම සමුපකාර සමිතිය හරහා විකුණාගත හැකිව තිබුනත් පසුගිය රජය සමයේ ගොවීන්ගෙන් මිලදී ගන්නා ලද නිෂ්පාදන සදහා මුදල් ගෙවීම හරියාකාරව සිදුවී නොතිබුනි.

නව රජය බලයට පත්වීමත් සමග අර්තාපල් වගා කරන ගොවි සංගම් සහ සී/ස ශ්‍රී ලංකා පාරිභෝගික සමුපකාර සමිති සංගමය එක්ව වෙළද, පාරිභෝගික, සමුපකාර සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට කල කරුණු පැහැදිලි කිරීම මත අමාත්‍යවරයා විසින් මේ පිළිබදව අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍යතුමා දැනුවත් කර මේ සදහා කඩිනම් විසදුමක් ලබා දීම සදහා ක්‍රියා කරුණු ලැබීය.

ඒ අනුව අතිගරු ජනාධිපතිතුමන් විසින් ගොවීන්ගේ අදාල හිඟ මුදල් ගෙවීමටත් ඉදිරි අස්වැන්න මිලදී ගැනීම සදහාත් ඉදිරිපත් කර තිබු කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර මාස 6 ක කාලයක් තුල ආපසු ගෙවන පදනම මත සී/ස ශ්‍රී ලංකා පාරිභෝගික සමුපකාර සමිති සංගමය වෙත මෙම ප්‍රතිපාදනය ලබා දීමට මහාභාන්ඩාගාරයට නියෝග කර ඇත.

ඒ සදහා වන චෙක්පත අද දින වෙළද, පාරිභෝගික, සමුපකාර සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් සී/ස ශ්‍රී ලංකා පාරිභෝගික සමුපකාර සමිති සංගමයේ අධ්‍යක්ෂ මොහොමඩ් රියාස් මහතා වෙත බාර දුන් අතර මේ අවස්ථාවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ අතිගරු ජනාධිපතිතුමා මීට ප්‍රථම මෙම ගොවි ගැටළුව විසදීම සදහා එවක මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට කීප අවස්ථාවක් දැනුම් දුන්නද එය ඉටු නොවුන බවත් නමුත් නව රජය බලයට පත්වු සැනින් ගොවි ජනතාවගේ සහ පාරිභෝගික ජනතාවගේ දැවෙන ප්‍රශ්න රැසකට කඩිනම් විසදුම් ලබා දීමට වත්මන් රජය ක්‍රියා කල බවයි.

චෙක්පත් ප්‍රධාන අවස්ථාව සදහා අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම් උදිත් ලොකුබණ්ඩාර, අමාත්‍යාංශ නිළධාරීන් සහ සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිළධාරීන් පිරිසක් සහභාගී වුහ.

Tuesday, November 27, 2018

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් ධීවර සංගම් නියෝජිතයන් හමුවෙයි.

ධීවර කර්මාන්තය ආශ්‍රිත ගැටළු සාකච්ඡා කිරීම සඳහා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් ධීවර සංගම් නියෝජිතයන් අද සවස අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවීය.

ශ්‍රේෂ්ඨාධිකරණයටත් මඩ ගහයි. විනිසුරුවරයාගේ බිරිඳ පත්වීමක් ලබයි යනුවෙන් ගහන මඩ අතේ පැළවෙයි.

[1]. "පාර්ලිමේන්තුව කල් දැමිමේ ශ්‍රේෂ්ඨාධිකරණ විභාගයේ නව විනිසුරුවරයකු වන විජිත් මළල්ගොඩගේ බිරිඳ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩළයේ විධායක ජෙනරාල්වරිය ලෙස පත්වීමක් ලබයි!" යනුවෙන් කුප්‍රකට NGO ක්‍රියාකාරිකයෙකු වන සුනන්ද දේශප්‍රිය මහතා සිය ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත. [මූලාශ්‍රය]




[2]. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විධායක ජෙනරාල්වරිය ලෙස චම්පිකා මළල්ගොඩ මහත්මියව නිර්දේශ කර ඇත්තේ ඔක්තෝබර් මස 24 වන දින විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි. ඒ වන විට ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වූයේ රනිල් වික්‍රමසිංහ මහතා ය. පහත දැක්වෙන්නේ ඊට අදාලව "United Nations conferences on Trade and Development" (UNCTAD) වෙබ් අඩවියේ ඇති පළ කිරීමයි. [මූලාශ්‍රය]




[3]. පහත දැක්වෙන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන්ටත් හිතේ කහටක් නැතිව පිළිගත හැකි, එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතාගේ පවුලේ පුවත්පත වන ෆයිනෑන්ෂල් ටයිම්ස් වෙබ් අඩවියේ එම පුවත වාර්තා කර ඇති අන්දමයි. [මූලාශ්‍රය] මෙහි දිනය හොඳින් බලන්න.




[4]. සුනන්ද දේශප්‍රිය මහතාගේ ට්විටර් පෝස්ට් එකෙත්, එහි මුල් පෝස්ට් එකෙත් [මූලාශ්‍රය] ඇති පාථක ප්‍රතිචාර අනුව මෙම පළ කිරීම නිසා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ මහතාගේ කීර්තිනාමය පළුදු වී ඇති බව පැහැදිළි වෙයි. එසේම මෙය ශ්‍රේෂ්ඨාධිකරණයට කරන ලද අපහාසයක් බව බැලූ බැල්මටම පෙනේ.

රේගුව රාජසන්තක කළ මිලියන 36 ක් මංගල සමරවීරගේ නියෝගයෙන් නිදහස් කරපු හැටි මෙන්න.

ඉරාන රජයේ මූල්‍යධාර යටතේ ක්‍රියාත්මක වෙන උමා ඔය ව්‍යාපෘතියේ සේවය කළ ඉරාන ජාතික ඉංජිනේරුවන් විසින් සිය වැ‍ටුප මව් රටට ‍රැගෙන යාමේදී රේගුව විසින් රඳවාගෙන තිබුණි. එය ගැන සානුකම්පිතව සලකා මුදල් අමාත්‍යවරයා වශයෙන් රේගු ආඥාපණතේ 164 වගන්තියෙන් ලැබී ඇති බලතල ප්‍රකාරව මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා එම මුදල නිදහස් කරන ලදී. ඒ ගැන එජාපය විසින් විශාල මඩක් ගසනු ලැබුණි.

යහපාලන ආණ්ඩුවේ හිටපු විදේශ ඇමති මංගල සමරවීර විසින් ද මෙසේ විදේශ මුදල් නිදහස් කර ඇති බවට ලිපියක් පහත දැක්වේ. එසේ නිදහස් කරන ලද මුදලේ වටිනාකම ආසන්න වශෙයෙන් රුපියල් මිලියන 36 කි.

යුරෝ එක් ලක්ශ හැත්තෑ හත් දාහක් මෙසේ නිදහස් කළේ කුමන හේතුවක් නිසාද? මහින්ද රාජපක්ෂ අගමැතිතුමන් නීත්‍යානුකූලව ඉරාන ජාතික ඉංජිනේරුවාගේ වැ‍ටුප ගෙන යාමට ඉඩ දීම ගැන කෑ ගසන එජාපය, මේ ගැන කියන්නේ කුමක් ද?


Monday, November 26, 2018

මෙන්න තවත් තවත් මඩක්. ඉරාන ඉංජිනේරුවන්ගේ වැ‍ටුප නිදහස් කිරීම ගැන මහින්ද අගමැතිඳුන්ට මඩ ගසයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් රේගුවට බලපෑම් කළා යැයි එජාප මඩ බලකාය විසින් ගෙන යන ප්‍රචාරය ගැන මුදල් අමාත්‍යංශ මාධ්‍ය අධ්‍යක්‍ෂවරයා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.




ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ දී පැවති දානමය පිංකම (පින්තූර)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ඇතුලු පවුලේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ දී පැවති දානමය පිංකම

බෙල්ලන්විල විහාරයේ ආගමික කටයුතු වලට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් සහභාගී වෙයි.

අද දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් බෙල්ලන්විල විහාරස්ථානයේ ආගමික වතාවත් සදහා සහභාගි වූ අවස්ථාව. විහාරාධිපති අතිපූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් විසින් අග්‍රාමාත්‍යවරයාට ආශිර්වාද එක්කරන ලදි.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.