Mahinda Rajapaksa: රේගුව රාජසන්තක කළ මිලියන 36 ක් මංගල සමරවීරගේ නියෝගයෙන් නිදහස් කරපු හැටි මෙන්න.

Tuesday, November 27, 2018

රේගුව රාජසන්තක කළ මිලියන 36 ක් මංගල සමරවීරගේ නියෝගයෙන් නිදහස් කරපු හැටි මෙන්න.

ඉරාන රජයේ මූල්‍යධාර යටතේ ක්‍රියාත්මක වෙන උමා ඔය ව්‍යාපෘතියේ සේවය කළ ඉරාන ජාතික ඉංජිනේරුවන් විසින් සිය වැ‍ටුප මව් රටට ‍රැගෙන යාමේදී රේගුව විසින් රඳවාගෙන තිබුණි. එය ගැන සානුකම්පිතව සලකා මුදල් අමාත්‍යවරයා වශයෙන් රේගු ආඥාපණතේ 164 වගන්තියෙන් ලැබී ඇති බලතල ප්‍රකාරව මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා එම මුදල නිදහස් කරන ලදී. ඒ ගැන එජාපය විසින් විශාල මඩක් ගසනු ලැබුණි.

යහපාලන ආණ්ඩුවේ හිටපු විදේශ ඇමති මංගල සමරවීර විසින් ද මෙසේ විදේශ මුදල් නිදහස් කර ඇති බවට ලිපියක් පහත දැක්වේ. එසේ නිදහස් කරන ලද මුදලේ වටිනාකම ආසන්න වශෙයෙන් රුපියල් මිලියන 36 කි.

යුරෝ එක් ලක්ශ හැත්තෑ හත් දාහක් මෙසේ නිදහස් කළේ කුමන හේතුවක් නිසාද? මහින්ද රාජපක්ෂ අගමැතිතුමන් නීත්‍යානුකූලව ඉරාන ජාතික ඉංජිනේරුවාගේ වැ‍ටුප ගෙන යාමට ඉඩ දීම ගැන කෑ ගසන එජාපය, මේ ගැන කියන්නේ කුමක් ද?