Mahinda Rajapaksa: පකිස්ථානු මහ කොමසාරිස් තුමන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් මුනගැසී සුබපතයි.

Thursday, November 1, 2018

පකිස්ථානු මහ කොමසාරිස් තුමන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් මුනගැසී සුබපතයි.

පකිස්තානු මහ කොමසාරිස් ආචාර්ය ෂහීඩ් අහමඩ් හෂ්මත් මහතා අද දහවල් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් නිල වශයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමු වී එතුමන්ට සිය සුබපැතුම් එක් කළේය.

පකිස්ථානය ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන මිතුරෙක් වන අතර, කොටි ත්‍රස්තවාදයට එරෙහිව මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගේ නායකත්වයෙන් පැවැති මානුෂික මෙහෙයුමේදීද සෘජුව සිය සහයෝගය දැක්වීය.




mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.