Mahinda Rajapaksa: එජාප ආධරකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයේ හූ කියමින් නීතියේ මහ දෙවොල කෙලෙසයි.

Monday, November 12, 2018

එජාප ආධරකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයේ හූ කියමින් නීතියේ මහ දෙවොල කෙලෙසයි.


ශ්‍රේශ්ඨාධිකරණ පරිශ්‍රයට පැමිණි එජාප ආධාරකරුවන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේදී හූ තියමින් ශ්‍රී ලංකාවේ උත්තරීතරම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කර ඇත.

ඔවුන් මෙසේ හූ තියා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වන අතරතුරයි. ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම ඉවසා සිටීමට නොහැකි වූ වාසුදේව නානායක්කාර මහතා එම ගෝත්‍රික පිරිසට බැන වදින අතර, එතුමා පමණක් නොව ශ්‍රේෂ්ඨාධිකරණයට යන නීතීඥ මහතෙක් ද එම ගෝත්‍රිකයින්ට බැන වදින ආකාරය ඔබට පහත වීඩියෝවෙන් දිස් වේ.



මෙම පිරිස මාතර සිට පැමිණ අරලිය ගහ මන්දිරය බලහත්කාරයෙන් අල්වාගෙන නවාතැන් ගෙන සිටි කල්ලියක් බවට හඳුනාගෙන ඇත. අද දින ඔවුන් සිය දේශපාලන නායකයා සමග ශ්‍රේෂ්ඨාධිකරණයට පිවිස ඇත්තේ කඩාකප්පල් ක්‍රියාවන් සිදුකර ජන අවධානය වෙනස් කිරීමට යි.

ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂ මැතිතුමන්ව අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීම නිසා එජාපයේ රට විකුණන දේශද්‍රෝහී ඥායපත්‍රය අහෝසි විය. අනතුරුව පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් කෝටි ගණන් බැඳුම්කර හොරා කෑ මුදල් බෙදා ගැනීමට තිබූ හැකියාවත් නැති වුණි. මේ නිසා එජාප නායකයින් වියරු වී සිටින අතර සිහිවිකල්ලෙන් මෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35.1 ගැන කිසිදු අවබෝධයක් නොමැතිව විධායකය පවා වග උත්තර කරුවෙක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමා අධිකරණය ඉදිරියේ පරාජය වී අනතුරුව ජනතාව ඉදිරියේද පරාජය වීමට නියමිත බව පෙනේ.

එවන් පසුබිමක උත්තරීතර ශ්‍රේෂ්ඨාධිකරණය කෙලෙසමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපස හූ තැබීමට එක්සත් ජාතික පාක්ෂිකයන්ව මෙහෙයවීම ගැන එහි නායකයින් ලැජ්ජා විය යුතුය.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.