Mahinda Rajapaksa: පාර්ලිමේන්තුවේදී ‍රැස් වෙයි. රනිල්ට බහුතරය නැති බව සනාථ වෙයි. මෙන්න දැන් ලැබුණ වාර්තාව.

Friday, November 2, 2018

පාර්ලිමේන්තුවේදී ‍රැස් වෙයි. රනිල්ට බහුතරය නැති බව සනාථ වෙයි. මෙන්න දැන් ලැබුණ වාර්තාව.


ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට බහුතරය නොමැති බව ඔප්පු කිරීම සඳහා අද දින එජාපය ප්‍රමුඛ විපක්ෂ මන්ත්‍රීවරුන් නොනිල වශයෙන් පාර්ලිමේන්තුවේදී ‍රැස් විය. එහිදී එක්සත් ජාතික පක්‍ෂයට පාර්ලිමේන්තුවේ ආසන 118ක් ඇතැයි යෝජනාවක් සම්මත කළේ යයි එජාපයේ මඩ වෙබ් අඩවි වලින් පැවසුවත් අද දින කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික‍්‍රමසිංහ මහතාට බහුතරයක් නැතැයි ඔප්පු විය. එජාපයෙන් එහි පැමිණ සිටියේ මන්ත්‍රීවරුන් 98 දෙනෙක් බවත්, සෙසු පක්ෂ සමගම පැමිණ සිටි සියලුම මන්ත්‍රීවරුන් 112 ක් බවත් පාර්ලිමේන්තු ආරක්ෂක අංශ නිල වශයෙන් වාර්තා කළේය.

මේ බව සදහන් කරමින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
තමන්ට බහුතරය නොමැති බව රනිල් වික‍්‍රමසිංහ ඔප්පු කරයි

හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට පක්ෂව පාර්ලිමේන්තු බහුතරය ඇති බව එම පාර්ශව විසින් පසුගිය දින කිහිපය පුරා දිගින් දිගටම කියා සිටියේය. එක්සත් ජාතික පෙරමුණේ මන්ත‍්‍රී කණ්ඩායම අද පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ ඒ බව සංඛ්‍යාත්මකව ඔප්පු කිරීම සදහාය. නමුත් රනිල් වික‍්‍රමසිංහ හිටපු අගමැතිවරයාට වත්මන් පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති බව අද ඔහු විසින්ම ඔප්පු කරනු ලැබීය.

එක්සත් ජාතික පෙරමුණට දැනට සිටින්නේ මන්ත‍්‍රීවරුන් 98 කු පමණි. පාර්ලිමේන්තුවේ බහුතරය වන මන්ත‍්‍රීවරු 113 කු එකතු කර ගැනීම එක්සත් ජාතික පක්ෂයට කිසිවිටකත් ජයගත නොහැකි ඉලක්කයක් බව විද්‍යාත්මකව ඔප්පු වී තිබේ. එමෙන්ම අද පාර්ලිමේන්තුවට පැමිණි සියලූ පක්ෂවල මන්ත‍්‍රී සංඛ්‍යාවේ මුඵ එකතුව 112 ක් පමණි.

අද පාර්ලිමේන්තුවට පැමිණ සිටි මුඵ මන්ත‍්‍රී සංඛ්‍යාව පිළිබද නිරවුල්ම තොරතුර පහත පරිදි වේ.

අද දින පාර්ලිමේන්තු පැමිණි එක්සත් ජාතික පෙරමුණු මන්ත‍්‍රී සංඛ්‍යාව – 98
අද දින පාර්ලිමේන්තු පැමිණි ටී.එන්.ඒ. මන්ත‍්‍රී සංඛ්‍යාව – 12
අද දින පාර්ලිමේන්තු පැමිණි ජ.වි.පෙ. මන්ත‍්‍රී සංඛ්‍යාව – 02
පැමිණ සිටි මුඵ මන්ත‍්‍රී සංඛ්‍යාව – 112

පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට රනිල් වික‍්‍රමසිංහ හිටපු අග‍්‍රාමාත්‍යවරයා මුඵමණින්ම අසමත් වූ බව ඉහත දත්ත මගින් පැහැදිලි වේ. අද දින පාර්ලිමේන්තුවට පැමිණි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රීවරුන් දෙදෙනා සහ ටී.එන්.ඒ. මන්ත‍්‍රීවරුන් 12 දෙනා පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ රනිල් වික‍්‍රමසිංහ මහතාට සහය පල කිරීම පිණිස නොවේ. එම මන්ත‍්‍රීවරු 14 දෙනාගේ ඉල්ලීම වූයේ පාර්ලිමේන්තුව නැවත කැදවීම පමණි.

මෙම සමස්ත තත්වය අධ්‍යයනය කරමින් අපි යලිත් අවධාරනය කර සිටින්නේ හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති බව ඔහු විසින්ම අද දින ඔප්පු කළ බවයි.

සංජීව එදිරිමාන්න
ප‍්‍රකාශක
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ සහය කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේනු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙන බවට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී රුවන් විජයවර්ධන පවුලට අයත් යැයි සැලෙකන ලංකාදීප වෙබ් අඩවියේ පළ වූ පුවත පට්ට පල් කෙප්පයක් බව සනාථ කරමින් ජවිපෙ විසින්ම ඔවුන්ට පිළිතුරු දෙයි. එම පිළිතුරු ලිපිය පහතින්.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.