Friday, November 23, 2018
කරු ජයසූරිය අදත් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග කඩයි. මෙන්න සාක්ෂි.
[1]. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සභා ගැබේදී පිළිපැදිය යුතු හැසිරීම් රටාව සහ විවාදයන්හිදී පිළිපැදිය යුතු ක්‍රියා පිළිවෙත් නියාමනය කිරීම සඳහා එකඟ වූ නීති සමුදාය පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග නමින් හැඳින්වේ. ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ එන නීති හා සමාන තත්ත්වයක් ස්ථාවර නියෝග වලට ඇත. [මූලාශ්‍රය: ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය මෙතනින්]
[2]. ස්ථාවර නියෝග 114.2 හි පහත පරිදි දැක්වෙයි. [මූලාශ්‍රය: ස්ථාවර නියෝග මෙතනින්]
[3]. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දා මහතා යනු EPDP නැමති වෙනම පක්ෂයකින් තරග වැදුණ වෙනම පක්ෂයක මන්ත්‍රීවරයෙකි. එසේම EPDP පක්ෂයේ දේශපාලන නායකයා වෙයි. [මූලාශ්‍රය: Wikipedia මෙතනින්]
[4]. ඉහත දැක්වූ ස්ථාවර නියෝග 114.2 අනුව ඔහුට තේරීම් කාරක සභාවේ සාමාජිකත්වය අනිවාර්යයෙන්ම හිමි විය යුතුය.
[5]. පහත දැක්වෙන්නේ කරු ජයසූරිය මහතා විසින් අද දින තේරීම් කාරක සභාවට පත් කරන ලද මන්ත්‍රීවරුන්ගේ නම් ලයිස්තුවයි. මූලාශ්‍රය: Sri Lanka Mirror මෙතනින්]
සන්ධානය – දිනේෂ් ගුණවර්ධන, එස්බී දිසානායක, නිමල් සිරිපාල, මහින්ද සමරසිංහ, විමල් වීරවවංශ
එජාප – රාවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, මනෝ ගනේෂන්, ලක්ෂ්මන් කිරිඇල්ල, චම්පික රණවක
ඉලංකෙයි තමිල් අරුසකච්චි – මාවෙයි සේනාධිරාජා
ජවිපෙ – විජිත හේරත්
[6]. ඒ අනුව ඩග්ලස් දේවානන්දා මහතාව තේරීම් කාරක සභාවට පත් නොකිරීමෙන් කරු ජයසූරිය මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා සමාන තත්ත්වයේ සැළකෙන පාර්ලිමේන්තු ස්ථාවර නියෝග උල්ලංඝණය කර ඇත. මෙය ඔහු ස්ථාවර නියෝග උල්ලංඝණය කළ පළමු අවස්ථාවද නොවේ.
[7]. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් ප්රමුඛ ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුවෙන් නැගිට ගියේ මෙවන් වාතාවරණයක් තුළයි
කරු ජයසූරිය අදත් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග කඩයි. මෙන්න සාක්ෂි.
2018-11-23T09:46:00-08:00
Admin
කරු ජයසූරිය|