Mahinda Rajapaksa: අමිත් වීරසිංහ නම් පුද්ගලයෙකු පොහොට්‍ටුවෙන් නාම යෝජනා ගන්නවා යන සාවද්‍ය ප්‍රචාරයට පිළිතුරු

Saturday, November 24, 2018

අමිත් වීරසිංහ නම් පුද්ගලයෙකු පොහොට්‍ටුවෙන් නාම යෝජනා ගන්නවා යන සාවද්‍ය ප්‍රචාරයට පිළිතුරු

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.


ජනතාව නොමඟ යවන සාවද්‍ය ප‍්‍රචාර වහාම නවතන්න

ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රියම දේශපාලන පක්ෂය වන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ කීර්ති නාමයට හානි කිරීමේ අරමුණින් ප‍්‍රතිවාදීන් විසින් සාවද්‍ය තොරතුරු ප‍්‍රචාරය කරමින් සිටින බව අපගේ නිරීක්ෂණයට ලක් විය. ඉහළම ජනතා ප‍්‍රසාදයක් දිනා ඇති මෙරට බලවත්ම දේශපාලන ව්‍යාපාරය වන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මඩ ප‍්‍රචාර හමුවේ නොසැලෙන බව අවධාරණය කරන්නෙමු. නමුත් එවැනි සාවද්‍ය ප‍්‍රචාර ම`ගින් ජනතාව නොම`ග යැවීම වහාම නතර කරන ලෙස අදාළ පාර්ශවයන් වෙත අප තරයේ දන්වා සිටින්නෙමු.

මහසෝන් බලකාය නැමැති සංවිධානයක අමිත් වීරසිංහ නම් පුද්ගලයෙකු වෙත ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි මහ මැතිවරණය සදහා නාමයෝජනා ලබාදෙන බවට අතිශය සාවද්‍ය ප‍්‍රකාශයක් මේ වන විට සමාජ මාධ්‍ය හරහා ප‍්‍රචාරය කරමින් තිබේ. පළමුව කිව යුත්තේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ එවැනි පුද්ගලයෙකු සම`ග මේ මොහොතේ හෝ මින් පෙර අවස්ථාවකදී හෝ කිසිදු සම්බන්ධතාවක් පවත්වා නොමැති බවයි. දෙවනුව අවධාරණයෙන් ප‍්‍රකාශ කරන්නේ නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් කිසිදු අවසන් තීන්දුවකට අප පක්ෂය මෙතෙක් එළැඹ නොමැති බවයි. අපගේ නාමයෝජනා වැඩපිළිවෙල වගකිව යුතු සියලූ පාර්ශවයන්ගේ සහභාගීත්වයෙන් සිදු වන ඉතා විනිවිදභාවයකින් යුතු ආදර්ශමත් ක‍්‍රියාවලියකි. එබැවින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අපකීර්තියට පත් කිරීමේ පවිටු චේතනාවෙන් නාමයෝජනා සම්බන්ධයෙන් සිදු කරන සාවද්‍ය ප‍්‍රචාරණ දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින්නෙමු.

ඊට අමතරව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ ප‍්‍රමුඛ පුද්ගලයින් වත්මන් භාරකාර රජයේ විවිධ තනතුරු ලබා ගැනීමට උත්සහ දරණ බවට සිදු කරන සාවද්‍ය ප‍්‍රචාරය ද දැඩිව ප‍්‍රතික්ෂේප කරන්නෙමු.

වත්මන් භාරකාර රජය ස්ථාපිත කළ මොහොතේම ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමන් විසින් අවධාරණය කර සිටියේ වර්තමාන රජයේ තනතුරු ස`දහා පක්ෂයට හෝ නෙ`ඵම් මාවත කාර්යාලයට සෘජුව සම්බන්ධ කිසිදු පුද්ගලයෙකු පත් නොකිරීම තමන්ගේ ප‍්‍රමුඛ අභිලාෂයක් බවයි. එම ආදර්ශය මේ මොහොතේ සමාජය විසින් අප වෙතින් බලාපොරොත්තු වන බව බැසිල් රාජපක්ෂ මැතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කරනු ලැබීය. එකී අදහස චවනයකට සීමා නොකොට ප‍්‍රයෝගිකව ඉටු කිරීමටද එතුමන් ඉතා වගකීමෙන් මැදිහත් විය. එබැවින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සෘජුව සම්බන්ධ පුද්ගලයින් වර්තමාන රජයේ ඉහළ තනතුරු ලබා ගැනීම ස`දහා වෙහෙසෙන බවට සිදු කෙරෙණ ප‍්‍රචාර අතිශය විහිලූසහගතය.

අවසාන වශයෙන් මඩ ප‍්‍රචාරකයින් වෙත අපි දැඩිව අවධාරණය කරන්නේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නැමැති සුවිසල් දේශපාලන ව්‍යාපාරය සාවද්‍ය තොරතුරු ප‍්‍රචාරය කිරීම ම`ගින් සෙලවිය නොහැකි බවයි. ඉර, හද සහ සත්‍ය කිසිදා දීර්ඝ කාලීනව සගවා තැබීය නොහැක. සැගවී සිදු කරන මඩ ප‍්‍රහාර අතහැර රට වෙනුවෙන් විවෘත දේශපාලන සංවාදයකට පැමිණෙන්නැයි ප‍්‍රතිවාදී මඩ ප‍්‍රචාරක බලකායට අපි අභියෝග කරන්නෙමු.

සංජීව එදිරිමාන්න
ප‍්‍රකාශක
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ