[1]. "පාර්ලිමේන්තුව කල් දැමිමේ ශ්‍රේෂ්ඨාධිකරණ විභාගයේ නව විනිසුරුවරයකු වන විජිත් මළල්ගොඩගේ බිරිඳ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩළයේ විධායක ජෙනරාල්වරිය ලෙස පත්වීමක් ලබයි!" යනුවෙන් කුප්‍රකට NGO ක්‍රියාකාරිකයෙකු වන සුනන්ද දේශප්‍රිය මහතා සිය ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත. [මූලාශ්‍රය]
[2]. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විධායක ජෙනරාල්වරිය ලෙස චම්පිකා මළල්ගොඩ මහත්මියව නිර්දේශ කර ඇත්තේ ඔක්තෝබර් මස 24 වන දින විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි. ඒ වන විට ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වූයේ රනිල් වික්‍රමසිංහ මහතා ය. පහත දැක්වෙන්නේ ඊට අදාලව "United Nations conferences on Trade and Development" (UNCTAD) වෙබ් අඩවියේ ඇති පළ කිරීමයි. [මූලාශ්‍රය]
[3]. පහත දැක්වෙන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන්ටත් හිතේ කහටක් නැතිව පිළිගත හැකි, එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතාගේ පවුලේ පුවත්පත වන ෆයිනෑන්ෂල් ටයිම්ස් වෙබ් අඩවියේ එම පුවත වාර්තා කර ඇති අන්දමයි. [මූලාශ්‍රය] මෙහි දිනය හොඳින් බලන්න.
[4]. සුනන්ද දේශප්‍රිය මහතාගේ ට්විටර් පෝස්ට් එකෙත්, එහි මුල් පෝස්ට් එකෙත් [මූලාශ්‍රය] ඇති පාථක ප්‍රතිචාර අනුව මෙම පළ කිරීම නිසා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ මහතාගේ කීර්තිනාමය පළුදු වී ඇති බව පැහැදිළි වෙයි. එසේම මෙය ශ්‍රේෂ්ඨාධිකරණයට කරන ලද අපහාසයක් බව බැලූ බැල්මටම පෙනේ.