Mahinda Rajapaksa: ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනපති නියෝගය "අවලංගු කළා" කියන එජාප+ජවිපෙ බොරුව ගැන හෙළිදරව්ව.

Tuesday, November 13, 2018

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනපති නියෝගය "අවලංගු කළා" කියන එජාප+ජවිපෙ බොරුව ගැන හෙළිදරව්ව.


ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවීමට නිකුත් කරන ලද ගැසට් නිවේදනය දෙසැම්බර් මස 07 දින දක්වා අත් හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. එමෙන්ම ඒ පිළිබඳව ඉදිරිපත් කළ පෙත්සම් විභාගයට ගැනීමටද තීන්දු කර තිබේ. දෙසැම්බර් 04,05,06 දිනවල නැවතත් පෙත්සම් විභාගය ගැනීමට නියමිතය.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිදුකර ඇත්තේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධ ගැසට් නිවේදනය, නඩු අසා ඉවර වෙන තුරු තාවකාලිකව කල් දැමීමයි. එසේ නැතිව ගැසට් නිවේදනය අවලංගු කිරීම නොවේ.

එසේ කල් දැම්මේ ඇයි?

1. එජාපය+ජවිපෙ ඇතුළු පෙත්සම් කරුවන් ඉල්ලන්නේ පාර්ලිමේන්තුව විසිරුවා මැතිවරණය කැඳවීමේ ගැසට් නිවේදනය තහනම් කිරීමය.
2. අදාල සියලුම පාර්ශවයන්ගේ කරුණු කාරනා විමසමින් නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට (leave to proceed)  ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් කාලය අවශ්‍ය බවක් පෙනී ගියේය.
3. ජනපතිගේ ගැසට් නිවේදනය දිගටම ක්‍රියාත්මක වුවහොත් නඩු අසා ඉවර වෙන විට මැතිවරණය ආරම්භ වී තිබේ.
4. නඩු කටයුතු සඳහා තවත් මාසයක් පමණ ගිය විට පෙත්සම් කාර පාර්ශවයේ ඉල්ලීමට අර්ථයක් නොලැබේ.
5. එවිට නඩු තීන්දුව කුමක් වුවද පැමිණිල්ල පරාද වී ඇත.

ඔන්න ඔය හේතුව නිසා පෙත්සම් කාර පාර්ශවයට සාධාරණයක් වීමට මෙලෙස ජනපතිගේ ගැසට් නිවේදනය නඩු අසා ඉවර වෙන තුරු දෙසැම්බර් මස 07 දින දක්වා තාවකාලිකව අත් හි‍ටුවා තිබේ.

එජාප සහ ජවිපෙ දේශපාලඥයින්ගෙන් සමහරුන් විසින් "ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනපතිගේ පාර්ලිමේන්තුව විසිරුවා හරින ගැසට් නිවේදනය අවලංගු කළා" යැයි කීම ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක් වැරදි ලෙස විග්‍රහ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් විකෘති කිරීමකි. එමගින් අධිකරණයට අපහාසයක් කිරීම නැමැති වරද සිදුවෙන බවත් අප සිහිපත් කරන්නෙමු.