Mahinda Rajapaksa: නාමල් කුමාර පොහොට්‍ටුවෙන් තරග කරනවා කියන කතාවේ ඇත්ත නැත්ත මෙන්න...

Tuesday, November 13, 2018

නාමල් කුමාර පොහොට්‍ටුවෙන් තරග කරනවා කියන කතාවේ ඇත්ත නැත්ත මෙන්න...


"මෑත කාලයේ රට තුල ආන්දෝලනාත්මක චරිතයක් වූ දූෂණ විරෝධී බලකා අධ්‍යක්ෂ නාමල් කුමාර ඉදිරි මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කිරීමට තීරණය කර ඇති බවත්, ඔහු සදහන් කරන්නේ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ඒ සදහා ආශිර්වාද කල බවත් තමන් අම්පාර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරග කරන බවත්ය" යනුවෙන් පුවතක් අද දින අන්තර්ජාල පුවත් වෙබ් අඩවි වල දක්නට ලැබුණි.

ශ්‍රීලංකා පොදුජන පෙරමුණ මැතිවරණ ව්‍යාපාරයට අදාල මූලික කටයුතු ආරම්භ කර ඇති නමුත් නාමයෝජනාලාභීන් සම්බන්ධයෙන් මේ වනතෙක් කිසිදු අවසන් තීන්දුවක් ගෙන නැත.

එසේම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් ද කිසිදු අපේක්ෂකයෙක්ට නාමයෝජනා සකස් කිරීමටත් පෙර අපේක්ෂකත්වය සඳහා ආශීර්වාද ලබා දීමකුදු කර නැත.

ඒ අනුව නාමල් කුමාරගේ පුවත සාවද්‍ය වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිල ට්විටර් පි‍ටුව ද මේ සම්බන්ධයෙන් වාර්තා කර ඇත්තේ පහත පරිදි යි.


යම් පිරිස් විසින් මහින්ද රාජපක්ෂ මැතිතුමන් ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දේශපාලනිකව හානි කිරීම උදෙසා මේ දින වල නැවතත් ව්‍යාජ පුවත් පතුරුවනු දක්නට ලැබේ. ඒවා ගැන අවධානයෙන් සිටින ලෙසත්, පක්ෂයේ නිල නිවේදන සහ ලියාපදිංචි ප්‍රසිද්ධ ජන මාධ්‍ය මිස ගොසිප් වෙබ් අඩවි/ සමාජ මාධ්‍ය වල යන පුවත් එක හෙලාම විශ්වාස නොකරන ලෙසත් බුද්ධිමත් ජනතාවගෙන් ඉල්ලා සිටිමු.