Mahinda Rajapaksa: [EXCLUSIVE] රනිල්ට පාර්ලිමේන්තුවේ බහුතරය නැති බව සනාථ වෙයි.

Wednesday, November 14, 2018

[EXCLUSIVE] රනිල්ට පාර්ලිමේන්තුවේ බහුතරය නැති බව සනාථ වෙයි.


අද දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට එරෙහිව පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාවට 122 ක අත්සන් කර තිබුණි. (අදාල අත්සන් ලේඛනය ලිපියේ අගට දක්වා ඇත).

එම ලේඛනයේ ඉහළින්ම ඇති දිනය අනුව එය සකසා ඇත්තේ නොවැම්බර් මස 2 වන දිනයි. ඒ අනුව මෙම අත්සන් ලේඛනය දින 12 ක් පරණ එකකි. එනම් අද දින පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට එරෙහිව මන්ත්‍රීවරුන් 122 ක් සිටියා කීම පට්ට පල් මුසාවකි.

විශ්වාස භංගයක් අත්සන් කළ පමණින් අගමැති වරයෙක් ඉවත් නොවෙන අතර, ස්ථාවර නියෝග අනුව ඒ සඳහා නිසි අයුරින් ඡන්ද විමසීමක් පැවැත්විය යුතු වෙයි. එහෙත් පාර්ලිමේන්තුවේ නිසි ක්‍රමවේදයට අනුව ඡන්දය නොපැවැත්වුණ බව මන්ත්‍රීවරුන්ගේ අදහස යි.

එනම් මෙම ලේඛනයට පාර්ලිමේන්තුවට නොපැමිණි මන්ත්‍රීවරුන්ගේ අත්සන් පවා දැකීමට හැකියාව ඇති අතර, පැමිණ සිටින මන්ත්‍රීවරුන්ව දැක ගත හැකි වන්නේ පාර්ලිමේන්තුවේ ප්‍රසිද්ධ ඡන්ද විමසීමකින් පමණකි.

අනෙක් අතට ඊට අත්සන් කර ඇත්තේ එජාප මන්ත්‍රීවරුන් 102 ක් පමණි. ඉතිරි පිරිස ජවිපෙ මන්ත්‍රීවරුන් 6 දෙනා සහ දෙමළ සංධානයේ මන්ත්‍රීවරුන් 14 දෙනෙකි.

දෙමළ සංධානය සහ ජවිපෙ පැහැදිළිවම ප්‍රකාශ කර ඇත්තේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළද එක්සත් ජාතික පක්ෂයේ අග්‍රාමාත්‍ය වරයෙක්ට සහයෝගය පළ කරමින් ඡන්දය නොදෙන බවයි. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාට ඇත්තේ ඡන්ද 102 ක් පමණි.

විශ්වාස භංගයට අත්සන් නොකළ පිරිස (මහින්ද රාජපක්ෂ මැතිතුමන් අගමැති ධූරය හොබවනවාට විරුද්ධ නැති මන්ත්‍රීවරුන්) 103 ක් වෙයි.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාටද පාර්ලිමේන්තුවේ බහුතරය නොමැත.

ආණ්ඩුවක් පවත්වාගෙන යාමටනම් අවම වශයෙන් ආසන 113 ක් අවශ්‍ය වේ. 113 නොමැතිව අය වැය සම්මත කිරීම පවා නොහැකි වනු ඇත.