Mahinda Rajapaksa: මහින්ද රාජපක්ෂ මැතිතුමන්ව විපක්ෂ නායක ලෙස පත් කෙරේ.

Tuesday, December 18, 2018

මහින්ද රාජපක්ෂ මැතිතුමන්ව විපක්ෂ නායක ලෙස පත් කෙරේ.



විපක්ෂයේ වැඩිම මන්ත්‍රී ආසන හිමි පක්ෂය වන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ව විපක්ෂ නායකවරයා ලෙස පත් කෙරුණි.

ඒ සමගම මෙතෙක් කාලයක් එජාපය විසින් "සෙටප් කර" තිබූ තමන්ට සහය දෙන දෙමළ සංධානයට විපක්ෂ නායක ධූරය අහිමි විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 3 දෙනෙකු අද ආණ්ඩු පක්ෂයේ පෙළ අසුනක අසුන් ගත්තෝය. පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී සභා ගර්භය හරහා ගොස් මෙලෙස ආණ්ඩු පක්ෂයේ අසුන් ගනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත් විජයමුණි සොයිසා, ඉන්දික බණ්ඩාරනායක සහ ලක්ෂ්මන් සෙනෙවිරත්න යන මන්ත්‍රීවරුන් ය.

කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 1ට පාර්ලිමේන්තුව රැස්වූ අතර, සභානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක  සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස මහින්ද අමරවීර යන මන්ත්‍රීවරුන්ව  පිළිගන්නා බව කථානායකවරයා නිවේදනය කළේය.

Update 1: අද පාර්ලිමේන්තුවේදී දෙමළ ජාතික සන්ධානය විපක්‍ෂයේ අසුන් ගෙන සිටී. ඒ අනුව එක්සත් ජාතික පක්‍ෂය සුළුතර ආණ්ඩුවක් බවට පත්වන අතර ඔවුනට හිමිව ඇත්තේ පාර්ලිමේන්තුවේ ආසන 105ක් පමණි. සෙසු සියලු පක්‍ෂ පාර්ලිමේන්තුවේ විපක්‍ෂය නියෝජනය කරමින් සිටී. කෙසේ වෙතත් තම ඉල්ලීම් සදහා සහාය දෙන තුරු එක්සත් ජාතික පක්‍ෂයට බහුතර බලය පවත්වාගෙන යාම සදහා පාර්ලිමේන්තුවේදී සහාය දෙන බවට දෙමළ ජාතික සන්ධානය විසින් ලිඛිතව දන්වා ඇත. දෙමළ ජාතික සංධානයට රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වී ඇති භයානක ඉල්ලීම් මොනවාදැයි පැහැදිළි වෙන ප්‍රකාශයක් පහත වීඩියෝවෙන් ධර්මලිංගම් සිද්ධාර්තන් මහතා පවසයි.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.