Mahinda Rajapaksa: යහපාලනය නිසා නෙළුම් කුළුණට වුණ දේ මෙන්න...

Thursday, December 20, 2018

යහපාලනය නිසා නෙළුම් කුළුණට වුණ දේ මෙන්න...


[1]. 2012 ජනවාරි 20 දින ඉදි කිරීම් ආරම්භ කළ නෙළුම් කුළුණ යනු කොළඹ නගරයට අනන්‍යතාවයක් එක් කරන ප්‍රධානතම සංකේතයක් බවට මේ වන විට පක්ෂ බේධයකින් තොරව සියලුම දෙනා පිළිගන්නවා. මෙය ශ්‍රී ලංකාවේ මෙන්ම දකුණු ආසියාවේත් උසම ඉදි කිරීම (350m) වන අතර, ලෝකයේ උසම ඉදි කිරීම් අතරින් 19 වන ස්ථානය හොබවනවා. [මූලාශ්‍රය]


[2]. නෙළුම් කුළුණ ආරම්භ කළ මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමන්ගේ වකවානුවේදී අන්තර්ජාලය තුළ ඊට එරෙහිව සාහසික මඩ අවලාද ප්‍රහාරයක් දියත් වූණා. එහිදී ඔවුන් දේශීයව ප්‍රචාරය කළේ නෙළුම් කුළුණ ඉදි කර ඇත්තේ උඩට නැග මූද බැලීමට විතරක් බවත් එනිසා එය ජාතික ධනය අපතේ යැවීමක් බවයි. විකීපීඩියා වෙබ් අඩවියේත් දැක්වෙන ආකාරයට එහි ප්‍රධාන කර්තව්‍යය වන්නේ රූපවාහිනී සහ අන්තර්ජාල සන්නිවේදනය සඳහා අවශ්‍ය පහසුකම ලබා දීමයි.
It will function as a radio and television broadcasting antenna ISDB-T and proposed DVB-T2 support structure for 50 television services, 35 FM Radio Stations and 20 telecommunication service providers source: https://en.wikipedia.org/wiki/Colombo_Lotus_Tower
ඒ අනුව එය "උඩට නැගලා බලන්න හදාපු ටවර් එකක්" නැමැති කතාව හුදු මඩක් බව පැහැදිළි වෙනවා.

එසේම කුලුනු මස්‌තකයේ දරා සිටින ටොන් 180 ක්‌ බරැති ලෝහමය සම්ප්‍රේෂණ ඇන්ටනා පද්ධතියෙන් රේඩියෝ, ගුවන්විදුලි, වීඩියෝ සම්ප්‍රේෂණය උපරිම කිලෝමීටර් 60 ක්‌ දක්‌වා දුරට විහිදෙන අතර, එම සීමාවේ නිවැසියන්ට තවදුරටත් තම නිවසේ රූපවාහිනිය සඳහා ඇන්ටනා හරඹයක නිරතවීමට අවශ්‍ය වෙන්නේ නැහැ.

nelum kuluna


[3]. නෙළුම් කුළුණ හුදෙක් සම්ප්‍රේශණාගාරයක් පමණක් නෙමෙයි. මහල් 6 ක් සහිත එහි, බිම් මහලෙහි විදුලිසංදේශ කෞතුකාගාරයක් සහ ආපන ශාලාවක් ද, පළමු මහලෙහි කෞතුකාගාරයක් සහ ප්‍රදර්ශන සහලා 2 ක් ද, දෙවන මහලෙහි 500 කට අධික පිරිසකට අසුන් ගත හැකි සම්මන්ත්‍රණ ශාලා කිහිපයක් ද, තුන් වන මහලෙහි භෝජනාගාර සහ සුපිරි වෙළඳ සැල් සංකීර්ණ ද, හතර වන මහලෙහි ආසන 1000 ක් සහිත සම්මන්ත්‍රණ ශාලාවක් ද, පස් වෙන මහලෙහි සුඛෝපභෝගී හෝටල් කාමර සහ විශාල උත්සව ශාලාවක් ද, හය වන මහලෙහි නිරීක්ෂණ ශාලාවක් ද ඉදි වෙනවා. [මූලාශ්‍රය] සිය කක්ෂය වටා භ්‍රමණය වන බිමක් සහිත අාපන ශාලාවක් මීටර 234.2ක (අඩි 768ක) උසකින් ඉදි කෙරෙනවා.


[4]. අනෙක් අතට මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමන්ගේ වකවානුවේදී එවකට විපක්ෂ විසින් ජාත්‍යන්තර මාධ්‍ය යොදාගෙන ප්‍රචාරය කළේ, චීනයට ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ ඔත්තු බැලීමට මෙය ඉදි කළ බවයි. එම මඩ කොතරම් දරුණු වූවාද කිවහොත් ඉන්දියාවේ ආරක්ෂක විශ්ලේෂකයෙක් වන භෂ්කර් රෝයි මහතා මේ ගැන ඉන්දීය රජයට අනතුරු අඟවනවා. [මූලාශ්‍රය] එහි ප්‍රතිඵලය වන්නේ, යහපාලන ආණ්ඩුව ආපු සැනින් නෙළුම් කුළුණේ ඉදිකිරීම් ආණ්ඩුවේම ඉඩමක අනවසරයෙන් ඉදි කළා කියමින් අතරමග නවතා දැමීමයි. [මූලාශ්‍රය]

2017 ඔක්තෝබර් මාසයේදී ඉදි කිරීම් නිමා කිරීමට නියමිතව තිබූ නෙළුම් කුළුණ 2018 සැප්තැම්බර් දක්වා කල් ගිය අතර, 2018 දෙසැම්බර් වන තුරු එය විවෘත කර නැහැ. [මූලාශ්‍රය]

චීනයට ඉන්දියාවේ ඔත්තු බැලීමට අවශ්‍යනම් ශ්‍රී ලංකාවේ උස කණුවක් ඉදි කර, මීට සියවස් ගණනාවකට පෙර යුරෝපයේ භාවිතා කළ "Watch Tower" නැමති ප්‍රාථමික ඔත්තු බලන ක්‍රමය යොදා ගන්නට අවශ්‍ය නැහැ. මුළු ලෝකයම ආවරණය වන පරිදි සන්නිවේදන චන්ද්‍රිකා පද්ධතියක් චීනය සතුයි. පහත දැක්වෙන චීනයේ සන්නිවේදන චන්ද්‍රිකා ස්ථානගත කිරීම පිළිබඳ විස්තරය බැලීමෙන්, නෙළුම් කුළුණ යොදාගෙන ඉන්දියාවේ ඔත්තු බලනවා කීම කොතරම් ප්‍රාථමික මඩක් දැයි ඔබට පැහැදිළි වේවි.




[5]. නෙළුම්
කුළුණ ආසන්නයෙන් MonoRail ප්‍රවාහන ක්‍රමයක් ස්ථාපිත කරමින් එය කොළඹ නගරයේ Transport Hub එකක් බවට පත් කිරීමට නියමිතව තිබූ අතර, යහපාලන ආණ්ඩුව විසින් එයද නතර කළා. [මූලාශ්‍රය]



[6]. නෙළුම් කුළුන ශ‍්‍රී ලංකා පොදුජන පක්‍ෂයේ මැතිවරණ ලාංඡනය වන පොහොට්ටුව ලෙස දිස්වන්නේ යයි එය ගලවා දමන සැලැස්මක් පිළිබඳව හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා අනාවරණය කළා.



එම අනාවරණය නිසා ඇතිවූ ජනතා විරෝධය නොවන්නට, නෙළුම් කුළුණ මේ වන විට ටොයි ලොජික් හේතුවක් (උදා: නෙළුම් කුළුණ නිසා මුළු කොළඹ නගරයේම ගෙවල් වලට හෙණ ගහනවා) ඉදිරිපත් කර ගලවා දැමීමට ඉඩ තිබුණා. එවැනි ටොයි ලොජික් එකක් සාධාරණීකරනය කිරීමටත් එජාපයේම සිවල් සංවිධාන සහ ඇදුරන් එමටත් සිටිනවා.


[7]. එය ගැලවීමට නොහැකි වූ තැන, නෙළුම් මලේ පෙති වලට එක්සත් ජාතික පක්ෂයේ පාට වන කොළ පාටින් වර්ණවත් කර පළාත් පාලන මැතිවරණය කාලයේදී දේශපාලන වාසියක් ලබා ගැනීමට උත්සාහ කළා.




මෙම ලිපියේ මුලින්ම ඇති ඡායාරූපය නැවතත් බැලුවොත් ඔබට පෙනේවි එහි බඳ කොළ පාටයි. එසේ කළේ නෙළුම් මලේ න‍ටුව ස්වභාවිකවම කොළ පාට නිසයි. මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට එයට නිල් පාට යෙදීමට හැකියාව තිබුණත් එසේ නොකළේ, එතුමන්ට ප‍ටු දේශපාලන කෝන්තර නොතිබූ නිසා.



[8]. එජාපය එසේ කියද්දී, ජවිපෙ පවසන්නේ "ඔය නෙළුම් කුලුන හොඳයි අපිට පැනලා මැරෙන්න." යනුවෙන්. ජවිපෙ විසින් කරන ලංකා ටෘත් වෙබ් අඩවියේ මෙසේ දැක්වෙනවා.


ටිල්වින් සිල්වා මහතාගේ ඉහත චෝදනාවට පිළිතුරක් පහත ඡායාරූපය ලබා දෙනවා. ඡායාරූපයේ මූලාශ්‍රය